Thursday, May 31, 2012

ඔයා දන්නවද....
ඔයා දන්නවද
මං හුස්ම ගන්න හැම හුස්මක්
ගානෙම
ඔයා මගෙ හිතට එනවා කියලා...
ඔයා දන්නවද
මං දකින හැම හිනෙකම
ඔයාම
විතරයි ඉන්නෙ කියලා...
ඔයා දන්නවද
ඔයා මගෙන් ඇත්වෙන හැම
හිනයක්
ගානෙම මගෙ හුස්ම ටිකෙන්
ටික නවතිනවා කියලා...
ඔයා දන්නවද
ඔයා මගෙන් සදහටම ඇත්
වුනොත් සත්තයි
මගෙ හුස්ම නවතියි කියලා...
මං ගන්න හැම හුස්ම පොදක්
ගානෙම ඔයා
මගෙ ලග ඉන්නවා එකයි ඇත්ත...
එ මට ඔයාගෙ ආදරෙ නැතුව
ජිවත් වෙන්න බැරි හින්ද ඇති...
පියාඹන සිහින



අපි ඉපදුන දවසේ ඉඳල අපි කොයිතරම් නම් සිහින මවන්න ඇතිද? සමහර හීන මවන මොහොතෙම අපෙන් ඈතට පියඹලා යනව.
අපි ඒව නවත්ව ගන්න හිතන්නෙවත් නෑ, 
මොකද ඒ හීන කවදාවත්ම හැබෑ වෙන්නෙ නැති බව දන්න හින්ද. එහෙම උනත් හැබෑ නොවෙන හීන මවන්නෙ නැතුව ඉන්න කියල හිතට කිව්වට කවදාවත් හීන අපිට කීකරු වෙන්නෙ නෑ නේද?
ඉතිං හිත සැහැල්ලු වෙන්නත් එක්ක ඒ හැබෑ වෙන නොවෙන අපේම හීන ගැන අපි කතා කරමු! 
බෙදා ගමු!