Tuesday, September 25, 2012

ඔයා වෙනුවෙන් මම අඩන්නේ නෑ ....

මම ලිව්වා...ඒත් ඔයා කවදාවත් කියෙව්වෙ නෑ
මම ඔයා ලගට වෙලා මිමිණුවා....ඔයා අහගන හිටියෙ නෑ
මම සන්වේදී....ඔයා කළුගලක්‌ වගේ
මම ඇඩුවා...ඔයා හිනාවුනා
අපි දෙන්න ලෝක දෙකක බව දැන දැනත්

මම අඩ අඩ හිනාවුනේ....
ඔයා නිසා මම සතුටින් කියන්න
ඒත් ඔයා කලේ මට හිනාවෙන එක
ඉතින් මම හිනාවෙන එක නැවැත්තුවා
මාව අසරණ කරන ඔයා ගැන හිතලා ඔයා වෙනුවෙන් ඇඩුවා
මගෙ ඇස්‌ වල කදුළු ඉවරකලේ ඔයා....
මේ ලෝකෙ ඉන්න හොදම කෙනා ඔයා කියල හිතල
මම.... ඔයාගේ නපුරුකම් වලට
මගේ ඇස්‌ වල කදුළු ඉවරවෙනකල් ඇඩුවා
තව අඩන්න මගෙ ඇස්‌ වල කදුළු නැතිලු
ඔයා නොදන්නවා වුනාට ඔයාටත් වඩා හොද අය
මේ ලෝකෙ ඉන්න බව මම දැන් දන්නව
ඉතින් මම අඩන්නෙත් නෑ....
හ්ම්ම් ආයේ කවදාවත් ඔයා වෙනුවෙන් මම අඩන්නේ නෑ ....

Tuesday, September 18, 2012

♥ පිවිතුරු ආදරයේ චමත්කාරය ♥

*___♥ පිවිතුරු ආදරයේ චමත්කාරය ♥___*

තනිකඩ ජීවිතය නම් FUN තමයි, ඒත් දෙදෙනෙක් අවංකව ආදරය කරද්දී දැනෙන සතුට, හැඟීම ඊට වඩා කොච්චර නම් උතුම්ද. ඔයාලටත් මේ දේවල් ජීවිතයේ එකම එක වතාවක් හෝ දැනිල, විඳල තියෙනවද කියල කියන්නකෝ. Then you are lucky !


•උ

දේ නැගිට්ට ගමන් phone එක බලද්දී ''Good Morning මගෙ පැටියෝ'' කියල SMS එකක් තියෙනව දකිද්දී දැනෙන හැඟීම හෝ ''ඔයා ඇහැ ඇරුනද මගේ පැටියෝ'' කියල මේ ලෝකේ ඔයා අහන්න ආසම කට හඬින් ඇහෙද්දී දැනෙන සතුට.

•දුකක්, තනිකමක් හෝ ලෙඩ වෙලා ඇඳට වෙලා පාලුවෙන් ඉඳිද්දී මේ ලෝකේ දැනෙන්න ආසම ඒ උණුසුමට ගුලිවෙලා ඉන්න තියෙනම් කියල හිතෙනවා.


•පුංචි පුංචි රණ්ඩු වෙලා ''ආයෙත් මම ඔයත් එක්ක ජීවිතේට කතා කරන්නේ නෑ'' කියල call එක cut කරලත් පාරින් පාරට mobile phone එක අතට අරන් missed call එකක් හරි sms එකක් හරි තියෙනවද කියල බලනවා.


•මහ රෑ නින්ඳෙන් ඇහැ ඇරිලා හදිසියේම ආදරේ කරන කෙනාට call කරල උදේ පාන්දර වෙනකම් ඒ call එක දිගු වෙනවා.


•ලොකු රණ්ඩුවක් වෙලා, අවසානයේ ''sorry මගෙ පැටියෝ'' කියලත් ඉවර වෙලා නැවතත් ඒ රණ්ඩුවට හේතු වුනේ කවුද කියල තර්ක කරනවා.


•ආදරේ කරන කෙනාට දුරකතන ඇමතුමක් අරගනිද්දී ''call waiting'' වුනාම හිතට පුංචි දුකක්, පුංචි තරහක් දැනෙනවා.


•ආදරෙන් එවපු sms නැවත නැවත කියවනවා, තනියම හිනා වෙනවා.


•දින කිහිපයක් මුණ නොගැසී හිඳ එකවරම ලබන සෙනසුරාදා මුණ ගැසීමට පුලුවන් කිවහොත් එදා වනතුරු හරි හැටි කෑමක් නෑ, නින්ඳක් නෑ.


අද වෙනකොට අපිට නිතරම වගේ ඇහෙන්නේ ''ආදරය හිත් රිදුම් දෙන දෙයක් පමණයි, ආදරය කියන්නේ බොරුවක්, මායාවක්'' කියන දේ. ඒත් ඒ ආදරය නෙවෙයි. ඒ වැරදි දෙදෙනෙක් වැරදි මොහොතක හමුවීමේ ප්‍රතිඵලයක් පමණයි. අවංක ආදරය යනු මේ ලොව ඇති සුන්ඳරම දේවල් වලින් එකක්. එය සදහටම විඳින්න ඔයාටත් පුළුවන් වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

Thursday, September 13, 2012

සටන් කරන්න..


ජීවිතය යනු ලැබුනු හොඳ අවස්ථාවකි,
ඉන් වැඩක් ගන්න..
ජීවිතය ලස්සනයි, එයට සලකන්න..
ජීවිතය යනු සිහිනයකි, එය
සැබෑ කරගන්න..
ජීවිතය යනු අභියෝගයකි, එයට මුහුණ
දෙන්න..
ජීවිතය යනු රාජකාරියකි, එය ඉටු
කරන්න..
ජීවිතය යනු ක්රීඩාවකි, එය සෙල්ලම්

කරන්න..
ජීවිතය යනු පොරොන්දුවකි, එය ඉෂ්ඨ
කරන්න..
ජීවිතය දුකයි, එයනම් පරදවන්න.. ජීවිතය
යනු ගීතයකි, ගායනා කරන්න.. ජීවිතය
යනු ඛේදවාචකයකි, එයට මුහුණ දෙන්න..
ජීවිතය යනු අවදානමකි, එයට අභියෝග
කරන්න..
ජීවිතය යනු වාසනාවකි, එය ලබා ගන්න..
ජීවිතය යනු මහා අනර්ඝ වස්තුවකි, එය
විනාශ නොකරන්න..
ජීවිතය යනු ජීවිතයි, ඒ වෙනුවෙන් සටන්
කරන්න..

Tuesday, September 4, 2012

බලාපොරොත්තුව...........


බලාපොරොත්තුව

ඔයාලා දන්නවද... අපිව ජිවත් කරවන්නෙ බලාපොරොත්තු කියලා... අපි මේ ආදරෙ කරන ආදරෙ ලබන හැමතැනදිම අපිට මහ හුගක් බලාපොරොත්තු ගොඩගැගෙනවා... අන්න ඒ හිතෙ තියන පුංචි බලාපොරොතුව නිසා අපි ජිවිතෙ එ දෙ ලාබාගන්න කොච්චර මහන්සි වෙනවද... හිතෙ තිබ

ුන මහ හුගක් බලපොරොත්තු බිදවැටෙද්දි අපිට කොච්චරක් දුක හිතෙනවද... එත් අපි උත්සහකරොත් අපිට එ දෙ ලබාගන්න පුළුවන්... අන්න එ වගෙ ආදරෙන් පැරදුනා කියලා දුක් වෙන්න එපා උත්සහකරන්න... ඔයාට එයාව සත්තකින්ම ලබාගන්න පුළුවන් වෙයි... නිකන් හිටියොත් කිසිදෙයක් ලැබෙන්නෑ...

" ඔබ සතු හොඳම දේවල් ලෝකයට බෙදා දෙන්න. එවිට ලෝකයේ ඇති හොඳම දේවල් ඔබ පසුපස එනු ඇත... "

අපි හැමොත් එක්කම හොදින් හිටියොත්, අපි හැමොටම ආදරෙ කරොත් අපිටත් එ ආදරෙ කරුනාව අනිවාර්යෙන් ලැබෙනවා... අපි ලබන්න කැමති ආදරෙ අනිත් අයත් විදින්න ආසයි... අපි අනිත් අයට උදව් කරොත් අපිටත් එ අය දවසක හිත සතුටින් උදව් කරයි...

" යම් දෙයක් කිරීමට ඔබට නොහැකි බව කවුරුන් හෝ කියනවානම්, තේරුම් ගන්න, ඔබට යමක් කිරීමට පුළුවන් කියලා... "

" අපිට සිහින දැකීමට ලැබී ඇත්තේ කෙටි රාත්‍රී නින්දකි . එහෙත් ඔබට දිගු දිවා කාළයක් ලැබී ඇත්තේ ඒ සිහින සැබෑ කර ගැනීම සඳහා වැඩ කිරීමටය... "

එත් අපි දකින හැම හිනයක්ම හැබැවෙන්නෑ තමයි... එත් බලාපොරොතු තියාගන්න... අතාරින්න එපා... දවසක එ බලාපොරොත්තු තමයි අපිව හරි තැනට ගෙනියන්නේ... ලැබෙන නොලැබෙන දෙවල් මේ ලොකෙ සාමාන්‍ය දෙයක්... කිසිදෙයක් නොලැබුනා කියලා දුක් වෙන්න එපා... අපිට එ දෙ නොලැබුනෙ අපිට ඊට වඩා දෙයක් ලැබෙන්න කියලා හිතන්න... කවදාවත් පරාජය බාරගන්න එපා... බලාපොරොත්තු තියාගෙන ජිවිතෙ ගොඩනගා ගන්න පුරුදු වෙන්න... එතකොට කවදාවත් වරදින්නෑ...