Tuesday, December 11, 2012

ආදරේට ආදරේ කරන්න......

ආදරේ කරනවා නම්....
හදවතින්ම අවන්කවම ආදරේ කරන්න...
රුවට,නමට,හඩට ආදරේ කරන්න එපා...
ආදරේ කරන ඒ හිතට බොරු කරන්න එපා...
ආදරේ කරන ඒ හිතට කිසිදෙයක් හන්ගන්න එපා...

අවන්ක ආදරයක අවසානය විවාහයෙන් අවසන් වෙනවා
අවන්කවම ආදරේ නැත්නම්......
ආදරේ කරන හිතට බලාපොරොත්තු දෙන්න එපා...
සුළු මොහොතක සතුටක් වෙනුවෙන්
ජීවිතයක් අදුරු කරන්න එපා...
දන්නවද......
ආදරේ නිසා දුක් විදින් ,විදවන හිත්
මේ ලෝකේ කොයිතරම් ඉන්නවද කියලා...
ඒත්..ඔබ නොදන්න දේකුත් තියනවා..ඒ තමයි,
මේ ආත්මයේ එහෙම දුක් විදින්නේ,,ගිය ආත්මයකදි
ආදර හිත්වලට දීපු දුකක ප්‍රතිපලයක් නිසයි...
ඒක ඇත්තම ඇත්තක්.....
කවදාවත් ආදරය කරන හිතකට දුකක් දෙන්න එපා...
හිතක් බිදින්න ...හිත් දෙකක් වෙන් කරන්න උදව් වෙන්න එපා...
ආදරේට ආදරේ කරන්න....ජීවිතෙ සුන්දර වේවී....

Friday, December 7, 2012

මතු හැම ආත්මෙකදිම ඔයා මගේම වෙන්න......

ඔයයි මායි ඒකාලෙ හොඳ යලුවො.
ඒත් දිනෙන දින මට ඔයාවත් ඔයාට මාවවත් නැතුව බැරි වුනා.
එහි ප්‍රතිඵලයක් විදියට අපි ආදරේ කරන්න පටන් ගත්තා.
ඔයා මට ආදරේ ගැන,ආදරේ කරන්න කියලා දුන්නා.
මම ඒ විදියට ඔයාට පණටත් වඩා ආදරේ කලා.

ඒත් ඒ අපි දෙන්නගේ කුලුඳුල් උත්තරිතර අදරේට කාලය බාදා කලා.ඔයා මට අහිමි වුනා.
දෛයිවයට අනුව අපට අපි අහිමි වුනා.

මොන දේ වුනත් මට ආදරේ කරන්න කියලා දුන්නු ඔයාට මම තවමත් පණටත් වඩා ආදරේ,

ඔයා මගේ හදවතින් ඈත් වෙලා අදට හරියටම තෙමසක් ගත වෙලා.
කාලය කෙමෙන් වැඩි වුනත් මට ඔයාව අමතක වෙන්නෙ නෑ.
අමතක කරන්නෙත් නෑ.
කාටවත්
ඔයාව මගෙ සිතින් අමතක කරවන්නත් බෑ,
ඔයා මගේ විතරමයි,
මම ප්‍රාර්ථනා කරන්නෙ
මතු හැම ආත්මෙකදිම ඔයා මගේම වෙන්න කියලා.
සත්තයි..!