Sunday, February 3, 2013

මං තවමත් ආදරෙයි....

ආයෙත් ආයෙත් උන දේවල් ගැන හිතලා වැඩක් නැහැ.. මං තවම නැවතුන ඉදන් කල්පනා කරනවා කොහාටද යන්නේ කියලා, ඉදිරියක් නැති මට පාර පෙන්නලා ඔයා යන්නට ගියා.. මොනතරම් හුරක් යන්නට හම්බවෙයිද දන්නේ නැහැ.. හැරිලා වත් නොබලපු ඔයා වෙනුවෙන්, මං තවත් හීන මවන්නේ නැහැ.. ඒත් මට දැන් උන්න තැනටම යන්න ඕන.. ආපු විදිය මතකත් නැති මට, ආයෙත් යන්න බැරුව අතරමං වෙද්දි, කාගෙන් අහන්නද, ඔයා කිව්වා වගේ ප්‍රස්න තියෙන්නේ මුහුණ දෙන්න.. පැනලා යන්න නෙමෙයි.. කිව්ව හැමදේම මතක් කරමින් කරන්නේ කුමක්ද කියලා මං තවමත් බලන් ඉන්නවා.. කොතනින් හරි මේ ගමන යා යුතුමයි.. ඔයා මටත් වඩා ලස්සනට එඩිතරව යන දිහා බලලා, මමත් කොහොමින් හරි ඉදිරියට යන්නම්.. ආයෙත් මං වෙනුවෙන් කදුලක් නොවැටෙන ඔය හිතට මං තවමත් ආදරෙයි....

ආදරය.........

අපේ ජීවිතවලට ඇතිවන සම්බන්ධකම්, ඉබේම ඇති වෙන්නේ නැහැ.. අපි හිතනවට වඩා හුගාක් දේවල් බලපානවා. කෙනෙකු වෙනුවෙන් ඇති වන ආකර්ෂනය, ඒ කෙනා වෙනුවෙන් කරන කැපකිරීම, අන් හැමදෙයටම වඩා සිත් ගත් කෙනා මූලික වීම, මේ හැමදෙයක්ම වෙන්නේ. හිතක උපන් ආදරය නිසයි.. හුගාක් දේවල් අපේ හිත් වලින් මකන්න පුළුවන්.. ඒත් හදවතකට ඇතිවන ආදරයක් මකන්න කවදාවත් බැහැ.. ආදරයක පටන් ගැන්ම තුලම, සතුට ඇති වුනද, කාලයක් ගතවෙද්දි, ඒයට දුක, බලාපොරොත්තු කඩවීම්, හිත් රිදවීම් ඇතිවෙනවා. ඒ හැමදෙයකින්ම සිදුවන්නේ, දෙදෙනා අතර තේරුම් ගැනීම සිදුවීමයි. ආවට ගියාට කෙනෙකු ආවත් හිතාගන්නවත් බැරි විදියට, ලං වෙන්නේ තේරුම් ගැනීම තුලයි. ආදරයක් තරාදියක දාලා බලන්න බැහැ කාගෙද බර වැඩි කියලා. අනෙත් කෙනා වෙනුවෙන්, ඕනම දුකක් විදගන්නට හැකිනම්, ඒ කෙනා වෙනුවෙන් අන් සියළුම දේවල් අත් හරින්නට හැකිනම්, ඒ ආදරය පැවැත්ම වැඩියි.. කටින් කියනවට වඩා ඒ ආදරය දැනෙන්නට කල යුතුයි.. සමහර වෙලේට අපි මොන දුකක් අනෙත් කෙනා වෙනුවෙන් වින්දත්, එය හිරකරම්ම ඉන්නේ, තමන්ගේ දුක ලගදි, අනෙත් කෙනා දුක්වෙන එක දකින්න අකමැති නිසා. හිත් රිදවීම් නැතිනම් එතන ආදරයක් නැහැ.. ආදරය කියන්නේ හැමදෙයකම එකතුවක්.. අඩු පාඩුකම් ඇතත්, දෙදෙනෙක් එකට ගමනක් යන්නට අත් දෙකෙන් අල්ල ගත් විටක, මොන භාධකය ආවත්, අත් හරින්නට එපා. එක හිතින්ම ඉන්නට හැකිනම්, කවදාක හරි කොහෙන් හරි එවැනි ආදරය පල දරනවා..