
අපි ඉපදුන දවසේ ඉඳල අපි කොයිතරම් නම් සිහින මවන්න ඇතිද? සමහර හීන මවන මොහොතෙම අපෙන් ඈතට පියඹලා යනව. අපි ඒව නවත්ව ගන්න හිතන්නෙවත් නෑ, මොකද ඒ හීන කවදාවත්ම හැබෑ වෙන්නෙ නැති බව දන්න හින්ද. එහෙම උනත් හැබෑ නොවෙන හීන මවන්නෙ නැතුව ඉන්න කියල හිතට කිව්වට කවදාවත් හීන අපිට කීකරු වෙන්නෙ නෑ නේද? ඉතිං හිත සැහැල්ලු වෙන්නත් එක්ක ඒ හැබෑ වෙන නොවෙන අපේම හීන ගැන අපි කතා කරමු! බෙදා ගමු!
Thursday, June 7, 2012
දන්නවද.....
අම්මගෙ උකුළට පස්සෙ මං මේ ලෝකෙ
හිස හොවන්න ආසම තැන කොහෙද කියල.......?
ඒ ඔයාගේ සුවඳ පපුතුර
ජීවිතේ එපා වෙද්දි ,
කාත් කවුරුවත්ම නෑ කියල දැනෙද්දි ,
හඬාගෙන ඇවිත් තුරුල් වෙන්න
ඔය පපුව තරං ආදරණීය තැනක්
. වෙන කොහෙවත් නෑ රත්තරං....
ආදරෙන් පපුවට තුරුළු කරගෙන
නළල ඉඹිනකොට....
හිස අත ගාල සනසනකොට....
ජීවිතේ හැම ගින්දරක්ම නිවී සැනසෙනව...
මට මාව නැති උනත් මේ ආදරේ....
මේ රැකවරණය.....
මේ උණුහුම අහිමි වෙන්නෙ නෑ කියල මම දන්නව....
ඉතිං.....
ඇත්තටම මම වාසනාවන්තයි නේද....?
යේ..ප්... එහෙම තමයි හිතෙන්න ඔනි...
ReplyDelete:) හම්ම්....
Deleteඅපූරුයි! හිතට දැනෙන්න ලියල තියෙනව.
ReplyDeleteස්තූතියි Healer
Delete