
අපි ඉපදුන දවසේ ඉඳල අපි කොයිතරම් නම් සිහින මවන්න ඇතිද? සමහර හීන මවන මොහොතෙම අපෙන් ඈතට පියඹලා යනව. අපි ඒව නවත්ව ගන්න හිතන්නෙවත් නෑ, මොකද ඒ හීන කවදාවත්ම හැබෑ වෙන්නෙ නැති බව දන්න හින්ද. එහෙම උනත් හැබෑ නොවෙන හීන මවන්නෙ නැතුව ඉන්න කියල හිතට කිව්වට කවදාවත් හීන අපිට කීකරු වෙන්නෙ නෑ නේද? ඉතිං හිත සැහැල්ලු වෙන්නත් එක්ක ඒ හැබෑ වෙන නොවෙන අපේම හීන ගැන අපි කතා කරමු! බෙදා ගමු!
Sunday, February 3, 2013
ආදරය.........
අපේ ජීවිතවලට ඇතිවන සම්බන්ධකම්, ඉබේම ඇති වෙන්නේ
නැහැ.. අපි හිතනවට වඩා හුගාක් දේවල් බලපානවා. කෙනෙකු වෙනුවෙන් ඇති වන
ආකර්ෂනය, ඒ කෙනා වෙනුවෙන් කරන කැපකිරීම, අන් හැමදෙයටම වඩා සිත් ගත් කෙනා
මූලික වීම, මේ හැමදෙයක්ම වෙන්නේ. හිතක උපන් ආදරය නිසයි.. හුගාක්
දේවල් අපේ හිත් වලින් මකන්න පුළුවන්.. ඒත් හදවතකට ඇතිවන ආදරයක් මකන්න
කවදාවත් බැහැ.. ආදරයක පටන් ගැන්ම තුලම, සතුට ඇති වුනද, කාලයක් ගතවෙද්දි,
ඒයට දුක, බලාපොරොත්තු කඩවීම්, හිත් රිදවීම් ඇතිවෙනවා. ඒ හැමදෙයකින්ම
සිදුවන්නේ, දෙදෙනා අතර තේරුම් ගැනීම සිදුවීමයි. ආවට ගියාට කෙනෙකු ආවත්
හිතාගන්නවත් බැරි විදියට, ලං වෙන්නේ තේරුම් ගැනීම තුලයි. ආදරයක් තරාදියක
දාලා බලන්න බැහැ කාගෙද බර වැඩි කියලා. අනෙත් කෙනා වෙනුවෙන්, ඕනම දුකක්
විදගන්නට හැකිනම්, ඒ කෙනා වෙනුවෙන් අන් සියළුම දේවල් අත් හරින්නට හැකිනම්, ඒ
ආදරය පැවැත්ම වැඩියි.. කටින් කියනවට වඩා ඒ ආදරය දැනෙන්නට කල යුතුයි.. සමහර
වෙලේට අපි මොන දුකක් අනෙත් කෙනා වෙනුවෙන් වින්දත්, එය හිරකරම්ම ඉන්නේ,
තමන්ගේ දුක ලගදි, අනෙත් කෙනා දුක්වෙන එක දකින්න අකමැති නිසා. හිත් රිදවීම්
නැතිනම් එතන ආදරයක් නැහැ.. ආදරය කියන්නේ හැමදෙයකම එකතුවක්.. අඩු පාඩුකම්
ඇතත්, දෙදෙනෙක් එකට ගමනක් යන්නට අත් දෙකෙන් අල්ල ගත් විටක, මොන භාධකය ආවත්,
අත් හරින්නට එපා. එක හිතින්ම ඉන්නට හැකිනම්, කවදාක හරි කොහෙන් හරි එවැනි
ආදරය පල දරනවා..
Subscribe to:
Post Comments (Atom)
ඔන්න කලබලේට තීරණ ගන්න අයට පාඩමක්!
ReplyDeleteකාලෙකින් නේද ලියන්න ආවෙ!