Friday, June 29, 2012

ජීවිතය

ජීවිතය තියෙන්නේ විදින්න
මිසක් .... විදවන්න නෙවේ
එත් ... අපි ජිවිත කලේ පුරාවටම
වැඩිපුරම කරන්නේ විදවන එක...
එක දයිවයේ නපුරුම පලිගැනීමක්....

ඇස් තියෙන්නේ ආසා කරන දේවල් බලන්න
මිසක් .... ඒවා බලල කඳුළු හෙලන්න නෙවේ
එත් අපි ජිවිත කාලෙම කරන්නේ
මහවැලියටත් වඩා කඳුළු හෙලන එක
එක දරාගන්න බැරි අවාසනාවක්.....

හදවත තියෙන්නේ සැනසෙන්න
මිසක්.... අවුලගන දුක් විදින්න නෙවේ
එත් අපි ජිවිත කලේ පුරාම කරන්නේ
පපුව ගින්දරින් අවුලන එක
එක දර ගන්න බැරි දුකක්...

ආදරය තියෙන්නේ එක් වෙන්න
මිසක්.... වෙන් වෙන්න නෙවේ
එත් අපි ජිවිත කලේ පුරාවටම කරන්නේ
වෙන් වෙන එකම තමයි
ඒක හමු වීමට වඩා කටුක දෙයක්.....

Wednesday, June 27, 2012

පාළුව,තනිකම.....

ඔබ නැති හැම තප්පරයක්ම
මට..
පාළුවක්,තනිකමක් ගෙනාවා.
මම එක යටපත් කරන් ඔයා එක්ක මනසින් ජිවත් වුනා.
ඒ මගේ බොළද කමද ?ආදරේ බොළද කමද ?මම හෙව්වෙ නැ..
ඒත් මම දැක්කෙ ඔය ලෙන්ගතු ආදරේ විතරයි.
ඔය ආදරේ ලග ගුලිවෙලා ඉන්න,
ඔයාගෙ අතින් මගෙ ඔළුව අතගා ගන්න
කරපු පිං තව මදි වෙලා..
පාරමි පුරන්නෙ එකටයි මන්
හැමදාම.......♥

Tuesday, June 26, 2012

ජිවිතේ හරි පුදුමයි..

ජිවිතේ හරි පුදුමයි..
සමහර වෙලාවට අපි අපේ පාණටත් වඩා ආදරේ කරන අයත් එක්ක අපිට ඉන්න වෙන්නේ සිමිත කාලයයි..
සමහර විට ඒ තත්පරයක් දෙකක් වෙන්නත් පුලුවන්..
ඒ තත්පර,දෙක උනත් අපි ගොඩක් සතුටෙන් කාලය ගත කරනවා...
ඒ මිහිරි මතකයන් අපේ ජිවිතේට හැමදාකම මතක් කරලා දිලා සතුටක් දෙනවා
ඒ වගේම අපිව ජිවත් කරවනවා...

Monday, June 25, 2012

ජීවිතය.....

ජීවිතය.....

‌‍* අභියෝගයකි - ජය ගන්න
* ත්‍යාගයකි - පිළිගන්න
* දුකකි - දරා ගන්න
* රාජකාරියකි - ඉටු කරන්න
* ක්‍රීඩාවකි - ජය ගන්න
* බලාපොරොත්තුවකි - ඉෂ්ටකරගන්න
* ගැටලුවකි - විසදන්න
* තරගයකි - ජය ගන්න
* සුන්දරය - වර්ණනා කරන්න
* සතුටකි - භුක්ති විදින්න
* අවස්ථාවකි - ප්‍රයෝජනයට ගන්න
* යුතුකමකි - ඉටු කරගන්න
* ආලයකි - පෙම් කරන්න
* අලංකාරයකි - ආඩම්බර වන්න
* දිගු ගමනකි - සම්පුර්ණ කරන්න
* ජිවයකි - ජිවත්වන්න

Sunday, June 24, 2012

ඔබ ලගම හිදින්නම්....

මුලු ජීවිතේ පුරාවට
ඔබෙ ලගට වී හිදින්නට
වරම් මට නැතුවාට...
ජීවිතේ තනි දැනෙන මොහොතක
ඔබෙ ලගින් හිදින්නම්....
නුබත් සමගින් නුබට ලන්වී
සිනාසෙන්න බැරිවූවාට...
හිත පුරා දුක දැනෙන මොහොතක
ඔබ ලගම හිදින්නම්....
මේ ඇස් පියන් යට
මොහොතකට හෝ ඇවිත් නුබ රැදෙයි නම්...
නුබේ තුරුලේම මා
මේ දෑස් පියන්නම්.......♥ ♥

Friday, June 22, 2012

ඔයා ඉක්මනට එන්නකෝ.....

ඉවසිල්ලක් නැතිව මග බලන ඇස් දෙකට
සැනසිල්ලේ ඔයා දිහා බලාගන ඉන්න
ඔයා කොයි වෙලේද හිනාවක් අරගන
මගේ ඇස් ඉස්සරහට මතු වෙන්නේ
දැන් නම් මට මග බලලම ඇති වෙලා ඔයා එක්ක තරහත් එනවා
හ්ම්ම් අද එන්නකෝ
බොරු තරහක් අරගන පැත්තකට වෙලා බුම්මගන ඉන්නම් මම
ඇවිල්ල පුළුවන් විදියකට යාලු කරගන්නයි තියෙන්නේ
අදනම් යාලු වෙන්නෙම නෑ
එහෙම කිව්වට තරහ වෙලා ලගින් ඉන්න හරි කමක් නෑ
ඔයා ඉක්මනට එන්නකෝ.....

Wednesday, June 20, 2012

ආදරය......

කාගේ වුනත් ජීවිතය නලවන...
කාගේ වුනත් ජීවිතය හඬවන....
කාගේ වුනත් ජීවිතය හොලවන...ලස්සන කරන්න..විනාශ කරන්න මේ අකුරු හතරට මොන තරම් බලයක් තියනවද?
මේ අකුරු හතර ඇතුලේ ජිවිතේ ගෙවන කෙනා ජිවිතේ විඳිනවා
මේ අකුරු හතර ජිවිතෙන් අයින් කරගත්ත කෙනා ජිවිතේ විඳවනවා.විදින්න විඳවන්න රඟන්න රඟ දෙන්න කරන්න ඕනි දෙයක් තමයි...ආදරේ...

Tuesday, June 19, 2012

ආදරය කරන්න..

ආදරය කරන්න..
තමන් ආදරේ කරන කෙනාගෙන් පෙරලා ආදරයක් ලබන්න...
අපි කවුරුත් කැමතියි..
ඒත් ඒ ආදරේ අපිව රවට්ටල ගියොත්..?? හ්ම්.. ප්‍රශ්නයක් නේද?? පොඩි නෙමේ ලොකු ප්‍රශ්නයක් ඒක අපේ හදවතට..
තමන් ආදරේ කරන කෙනා.. ඔයාට ඇත්තට ආදරේ කලත් නොකලත්..ඔයා අවංකව ආදරේ කරන්න... කවදහරි ඔයට මතක් කරල සතුටු වෙන්න පුළුවන් වෙයි..මම ඇත්තටම ආදරෙ කලා නේද කියලා.. ඒ වගේම එයා කවදහරි දුක් වෙයි.. අනේ මට අවංක ආදරය අඳුරගන්න බැරි උනා නේද කියල..
ආදරය කියන්නෙ පරිත්‍යාගයක්..අයිතිකර ගැනීමම නෙමෙයි..

Monday, June 18, 2012

ජීවිතය

ජීවිතය
******
ජීවිතය කියන්නෙ
වෙලාවකට විදවන
තවත් වෙලාවකට විදින
තමන් කලදේ ගැන දුක්‌වෙන
වෙලාවකට සතුටක්‌ හිතෙන
වෙලාවකට හඩා වැලපෙන
වෙලාවකට සිනාසෙන
වෙලාවකට අඩමින් සිනාසෙන
පැතුම් ගොන්නක්‌ හිතේ ගොළුකර ගනිපු
හරිම අපූරු දෙයක්‌..

Sunday, June 17, 2012

ආදරණීයයන්ට සෙනෙහසින්...

අපේ ජීවිත වලට විවිධාකාර මින්ස්සු මුණගැහෙනවා.
ඒත් ඒ හැමෝම අපේ යාලුවො වෙන්නෙ නෑ.
ඒ වගේම යාලුවො වුන ටික දෙනා හැමදාමත් හිත්වල ජීවත් වෙනවා...
කවද හරි අපි අපිට මුනගැහේවි.
සමහර විට කවදාවත්ම එහෙම නොවේවි...
ඒත් අපේ යාලුකම හිත ඇතුලෙ තාමත් ජීවත් වෙනවා.
මේ කවිය අන්න ඒ ආදරණීයයන්ට සෙනෙහසින්...

Friday, June 15, 2012

අමතක කරන්න එපා....

ඔබ ඉහළට නගින විට අතරමගදී හමුවන පුද්ගලයන් අමතක කරන්න එපා.
ඊට හේතුව ඔබ පහළ බසින විට ඔවුන් නැවත මුණ ගැසිය හැකි හෙයිනි.

සතුට

කියා ගන්න බරි සතුටක්,
සිත වෙලා ගෙන.,
ඒ ඇයි දන්නවාද...
මම හරි වාසනාවන්තයි..
කියලා දැනෙන නිසා.,
දෙවියන් මම වෙනුවෙන්.
ආදරයක් මවලා....
ආදරයක් තිලිණකරලා..
සදා කාලයටම,,
ඔයා දන්නවාද වස්තූවේ ඒ.
කවුද කියලා.......
මගේ ඒ ආදර වස්සානේ.
නුඹයි රත්තරනේ....
මම වෙනුවෙන් මැව්.
මගේ ආදර ගමන් මගේ.
සදාකාලීක නිවහනයි නුඹයි පැතුමි .... ♥♥

Thursday, June 14, 2012

ජිවිතේ ගැඹුරටම කිමිදෙන්න..

ඔබට දුරස්වන්නාට සතුටින් අත වනන්න..
ඔබට සමීප වන්නාට දෑත දිගු කරන්න..

ඔබට නොලැබෙන දෙයට ෛවර නොකරන්න..
ලද දේවල් වලට සමීප වන්න..

වැරදුනු තැනට හේතු විමසන්න..
නිවැරදි තැනට උඩගු නොවන්න..

නමුදු........
ප්‍රර්ථනා බිඳුණු තැනට කඳුළු වැය නොකරන්න..
එවිට........
නුඹ සැඟ වු කඳුළු මතු දාක
සිනාවන් හා සම සමව එක්ව විඳගන්න
ශේෂ වනු සත්තයි...

ඇසුනාට කීවාට
දඩිබිඩි නොවන්න
දෑසින්ම දැක්කාම බුද්ධියෙන් විමසන්න
පරාජය වුවාට පසු අඩි නොතබන්න..
කඳුළු පැරදුම අසල
ජය සතුට නෙත් මානයෙන්
ඇසුරකට දුර වුවත්
ජිවිතේ ගැඹුරටම කිමිදෙන්න..

Wednesday, June 13, 2012

ජීවිතයට ඉඩ දෙන්න...


ජීවිතයට ඉඩ දෙන්න...

අතේ කුඩයක් තියෙන මිනිස්සු වැස්සට බය නෑ...
හිතේ හයියක් තියෙන මිනිස්සු ප්‍රශ්න වලට බය නෑ...

නිවැරදිම පුද්ගලයන් ජීවිතයට ලං කරගන්න නම්...
වැරදි පුද්ගලයන්ට ජීවිතයෙන් යන්න දෙන්න...

Photo හරි ලස්සනයි...
ඒවට හිත් focus නොවෙන නිසා...

මිනිස්සුන්ට ඕන තමන් ගොඩාක් කැමති, ආදරය කරන, ආස කරන දේවල් එක මොහොතකට හරි තමන්ගේ කරගන්න...
ඒත් එහෙම දේවල් දිහා ඈතින් ඉඳන් බලලා සතුටු වෙනව නම් ජීවිතයට දුක කියන දේ උරුම වෙන්නේ නෑ...

ලස්සනම කෙනාට නෙවෙයි...
ඔයාගේ ලෝකය ලස්සන කරන්න පුලුවන් කෙනාට ආදරය කරන්න...

Tuesday, June 12, 2012

කවදාවත් ඇත් වෙන්න එපා

මං මටත් වඩා ආදරේ කරන ඔයා
ලග නැතුවහම මට ගොඩාක් පලුයි දැන්...
ඔයා දැන් මගෙ ජිවිතෙම වෙලා...
ඔයාට මං බනිද්දි බයම බය ගුල්ලියෙක් වගෙ
අහන් ඉද්දි මට ගොඩාක් දුක හිතෙනවා...
මං මේ තරම් පිස්සු වැඩ කරද්දිත්
ඔයා මත් එක්ක තරහ වෙන්නැත්තේ
මාව එච්චරටම තෙරුම් ගත්ත නිසාද...
ඔයාව මගෙ කරගන්න බැරි වුනත්
ඔයාගෙන් ලැබෙන මේ යාළුකමට
මං ගොඩාක් ආදරේයි...
මාව තනි නොකර මගෙ ලගින්ම
සදහටම ඉන්න...
කවදාවත් ඇත් වෙන්න එපා...

ජිවිතය

ජිවිතය විනිශ්චය කිරිමට
ඔබ කවුරෑන්ද?
මා නිර්දොෂි නෑති බව
මා දනිමි,
නිර්දොෂි නොවන්නෙමි
එහෙත්
ඔබ ඈගිල්ලි දිගු කිරිමට
පෙර
ඔබ නිවෑරදිද කියා
සෑක හෑර දෑන ගන්න

Monday, June 11, 2012

ජිවිතේ වෙනස් වෙන විදිය....
හිතාගන්නවත් බෑ.......
දවසින් දවස.......
පැයෙන් පැය....
තත්පරෙන් තත්පරේ.....
මුළු ලොකෙම වෙනස් වෙනවා...
මිනිස්සු වෙනස් වෙන්නෙ මොන තරම්
ඉක්මනින්ද........‍?

Friday, June 8, 2012

සිතුවිල්ල

මගේ හැම සිතුවිල්ලෙම,
කොතන හරි ඔයා ඉන්නවා...
මගේ හිත හොරෙන්ම,
ඔයා ලග නැවතිලා...
ඉතින් මට කොහෙද තනිකමක්...
.සිරිපොද ඇවිත් ඇගේ වදිනවා..
එත් මට සිතලක් දැනෙන්නේ නෑ...
ඔයාගේ සෙනෙහසේ උණුසුම,
මගේ මුළු ආත්මය පුරාම පැතිරිලා...
මම ආසයි හැමදාමත් ඒ,
සිතුවිල්ලෙම ‍රැදිලා, හදවතින් හරි,
ඔයා ලගට වෙලා ඉන්න ලැබෙනවා නම්...
ඉතින්, ආයේ කවදාවත්,
ඒ සිහිනෙන් මාව,
අවදි කරන්නෙපා....

හැමොටම ජය...

අම්මා තාත්තා ඇර අපිට අපි තරම් කවුරුත් ආදරෙ නෑ... ආදරෙයි කියලා මැරිගෙන පස්සෙන් ඇවිත් යාළුවෙලා පන දිගෙන හිටියත් තරහ වුනහම දවසයි දෙකයි... මාසයක් ඉදියි... ආපහු වෙන කෙනෙක් සෙට් කරගන්න අය මේ ලොකෙ ඉන්නෙ... ඉතින් ඔනවට වඩා කාවවත් විස්වස කරන්න එපා... මොකද එකෙ ප්‍රතිඵලෙ ඇස් දෙකටම විදපු අයත් ඇති... නැති අයත් ඇති... තමන් ගැන විශ්වාසෙ තියාගෙන මුලින්ම තමන්ට ආදරෙ කරන්න... තමන්ට ආදරෙ කරන් නැති කෙනා ලග කොහෙද තියෙන්නෙ වෙන කෙනෙක්ට දෙන්න තරම් ආදරයක්... ආදරයක් නිසා මැරෙන්න හදන්න එපා... තෙරුම් ගන්න... ඉසිලහම පොලවෙ පය ගහල ජිවත් වෙන්න පුරුදු වෙන්න... ඔනවට වඩා බොලද වෙන්න එපා... එහෙම උනොත් ජිවිත කාලෙම අඩන්න වෙයි... මුලින්ම තමන්ට තමන් ආදරෙ කරලා වෙන කෙනෙක්ට ආදරෙ කරන්න ගන්න,,,,,,, හැමොටම ජය...
ඔබව තේරැම් ගන්න බැරි මිනිස්සුත් එක්ක..
ජිවිතේ බෙදාගන්න එපා..
ඔබේ ජිවිතේ ඒ අයට විහිලුවක් වේවී.............

Thursday, June 7, 2012

දන්නවද.....



අම්මගෙ උකුළට පස්සෙ මං මේ ලෝකෙ
හිස හොවන්න ආසම තැන කොහෙද කියල.......?
ඒ ඔයාගේ සුවඳ පපුතුර
ජීවිතේ එපා වෙද්දි ,
කාත් කවුරුවත්ම නෑ කියල දැනෙද්දි ,
හඬාගෙන ඇවිත් තුරුල් වෙන්න
ඔය පපුව තරං ආදරණීය තැනක්
.
වෙන කොහෙවත් නෑ රත්තරං....

ආදරෙන් පපුවට තුරුළු කරගෙන
නළල ඉඹිනකොට....
හිස අත ගාල සනසනකොට....
ජීවිතේ හැම ගින්දරක්ම නිවී සැනසෙනව...
මට මාව නැති උනත් මේ ආදරේ....
මේ රැකවරණය.....
මේ උණුහුම අහිමි වෙන්නෙ නෑ කියල මම දන්නව....

ඉතිං.....

ඇත්තටම මම වාසනාවන්තයි නේද....?

Wednesday, June 6, 2012

අපි මොන සෙල්ලම් දැම්මත් කවදා හරි පොලවට පස් වෙනවානේ...

අපි මොන සෙල්ලම් දැම්මත්
කවදා හරි පොලවට පස් වෙනවානේ
...



අපිට අනිත් මිනිස්සුන්ව හදන්න බැ..
අපිට අනිත් මිනිස්සු වගෙ වෙන්න බැ ඇත්ත එකයි.
හැබැයි අපිට අපිව හදා ගන්න පුලුවන්...
අපිට අනිත් මිනිස්සුන්ගේන් සතුට
බලාපොරොත්තු වෙන්න බැහැ... අනික අපිව සතුටු කරන්න
අනිත් මිනිස්සු බැදිලත් නැහැ...
හැබැයි අපි ඉන්නෙ සතුටින් නම්.. අපි වටෙ ඉන්න අය.. අපි ආදරෙ කරන අයව සතුටු කරන්න අපිට පුලුවන්...
අපි අපෙ සතුට හදා ගන්නෙ නැතුව අනිත් මිනිස්සුන්ගෙන්
සතුට බලාපොරොත්තු වෙන එක වැරදියි...

එ හන්දා මහා ලොකු බාලාපොරොත්තු අත හැරලා.
සරලව සතුටින්. පුලුවන් තරම් වර්තමනයෙ ජිවිතය
ගත කරන්න බලමු... අනික අපි මොන සෙල්ලම් දැම්මත්
කවදා හරි පොලවට පස් වෙනවානේ...

ඔබ

 
 
ඔබ
"ඔබ හොඳ තැන් සොයමින් යන්න එපා.
සෑම තැනකම ඔබ හොඳින් ඉන්න.....
ඔබ ඇසුරට හොඳ මිනිසුන් සොයමින් යන්න එපා.
සැවොම සමඟ හොඳින් ඉන්න පුරුදුවෙන්න......
ලෝකයේ හොඳයි, නරකයි තිබෙනවා මිස...,
.හොඳ පමණක්‌ ඔබට සොයාගත නොහැකි බව දකින්න.......
ඔබ හොඳ පමණක්‌ සොයන්නේ නම්...,
ඔබට සොයමින් සිටිනවා හැර....,
ජීවිතයේ වෙන කාර්යයක්‌ කල නොහැකි වනු ඇත.......
මන්ද?
ඔබ සොයන්නේ නොමැති දෙයක්‌ හෙයිනි......."

Tuesday, June 5, 2012

අපි හරිද...?

අපි හරිද...?

ජීවිතය තියෙන්නේ විදින්න
මිසක් .... විදවන්න නෙවේ
එත් ... අපි ජිවිත කලේ පුරාවටම
වැඩිපුරම කරන්නේ විදවන එක...
එක දයිවයේ නපුරුම පලිගැනීමක්....


ඇස් තියෙන්නේ ආසා කරන දේවල් බලන්න
මිසක් .... ඒවා බලල කඳුළු හෙලන්න නෙවේ
එත් අපි ජිවිත කාලෙම කරන්නේ
මහවැලියටත් වඩා කඳුළු හෙලන එක
එක දරාගන්න බැරි අවාසනාවක්.....

හදවත තියෙන්නේ සැනසෙන්න
මිසක්.... අවුලගන දුක් විදින්න නෙවේ
එත් අපි ජිවිත කලේ පුරාම කරන්නේ
පපුව ගින්දරින් අවුලන එක
එක දර ගන්න බැරි දුකක්...

ආදරය තියෙන්නේ එක් වෙන්න
මිසක්.... වෙන් වෙන්න නෙවේ
එත් අපි ජිවිත කලේ පුරාවටම කරන්නේ
වෙන් වෙන එකම තමයි
ඒක හමු වීමට වඩා කටුක දෙයක්.....

මට කියා දෙන්න....!

මට කියා දෙන්න....!
ආදරෙන් ලන් වෙලා
දුරස්‌ වෙන්නේ කොහොමද අපි
කියා දෙන්න අපේ මතක
අමතක කර සැනසෙන්නට
හඳේ නැගුනු සෙනෙහස අපේ
මකා දමා දිවි ගෙවන්න
මැවු සිහින ,පැතු පැතුම්
අපේ වෙලා එකට ඉන්න

හුස්‌ම තරම් ලගින් ඉන්න
නුඹ නැතිව එක මොහොතක්‌
සිහිනයක්‌ද මේ දකින්නේ
රත්තරන් මට කියා දෙන්න

Sunday, June 3, 2012

''ජීවිතය සාර්ථක කර ගැනීමට නම්, ඈත පෙනෙන අඳුර ගැන නොතැවී ඉදිරියට ඇති ප්‍රශ්නවලට මුහුණ දිය යුතුය.''

Saturday, June 2, 2012

සිතට වද දෙන දුකම හඳුනන
පෙමක පැටලුන වරද හන්දා
අහස හඩවන වැස්ස තරමට
කඳුළු හෙලුවද නෙතත් මන්දා


.දුකම තවරන සිහින අපමන
නුබම අරගෙන ඇවිත් යන්නා
නුබට අමතක නුබෙම හීනෙක
සතුට විඳගෙන මමත් උන්නා

මගෙම හීනෙක නුබගෙ අතගෙන
කෙනෙකු යන හැටි මටම පෙන්නා
නිතර යන එන මගක ඉඳගෙන
නුබගෙ දෙස මම බලන් උන්නා......

Friday, June 1, 2012

ඔබට පුළුවන්.....
අපි හැමකෙනෙක්ටම හැම දෙයක්ම බැරි වුනත්.... ඕන කෙනෙක්ට මොනවම හරි දෙයක් පුළුවන්.... සමහර වෙලාවට එක් දෙයක් අපිට කරගන්න බැරි වුනොත් මොනවම හරි නොලැබුනොත් අපිට දැනෙන්නේ ලෝකෙම නැති වුනා කියලා.... ඒත් ටිකක් හිතල බලන්න අපිට වඩා ‍මොනතරම් දේවල් අහිමි අය මේ ලෝකේ ඉන්නවද? එහෙම හිතුවොත් අපි පුංචි දෙයක් වෙනුවෙන් අපේ මුළු ජීවිතේම එක තැන නතර කරගෙන නේද? හිතන්න මොහොතක්.... හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ...
වාසනාවකට එබ ලද මේ ජීවිතය කිසිම දෙයකට,කිසිම කෙනෙකුට ඔබව පරදවන්න දෙන්න නම් එපා...... ඔබට පුළුවන්.....