
අපි ඉපදුන දවසේ ඉඳල අපි කොයිතරම් නම් සිහින මවන්න ඇතිද? සමහර හීන මවන මොහොතෙම අපෙන් ඈතට පියඹලා යනව. අපි ඒව නවත්ව ගන්න හිතන්නෙවත් නෑ, මොකද ඒ හීන කවදාවත්ම හැබෑ වෙන්නෙ නැති බව දන්න හින්ද. එහෙම උනත් හැබෑ නොවෙන හීන මවන්නෙ නැතුව ඉන්න කියල හිතට කිව්වට කවදාවත් හීන අපිට කීකරු වෙන්නෙ නෑ නේද? ඉතිං හිත සැහැල්ලු වෙන්නත් එක්ක ඒ හැබෑ වෙන නොවෙන අපේම හීන ගැන අපි කතා කරමු! බෙදා ගමු!
Sunday, February 3, 2013
මං තවමත් ආදරෙයි....
ආයෙත් ආයෙත් උන දේවල් ගැන හිතලා වැඩක් නැහැ.. මං
තවම නැවතුන ඉදන් කල්පනා කරනවා කොහාටද යන්නේ කියලා, ඉදිරියක් නැති මට පාර
පෙන්නලා ඔයා යන්නට ගියා.. මොනතරම් හුරක් යන්නට හම්බවෙයිද දන්නේ නැහැ..
හැරිලා වත් නොබලපු ඔයා වෙනුවෙන්, මං තවත් හීන මවන්නේ නැහැ.. ඒත් මට දැන්
උන්න තැනටම යන්න ඕන.. ආපු විදිය මතකත් නැති මට, ආයෙත් යන්න බැරුව අතරමං
වෙද්දි, කාගෙන් අහන්නද, ඔයා කිව්වා වගේ ප්‍රස්න තියෙන්නේ මුහුණ දෙන්න..
පැනලා යන්න නෙමෙයි.. කිව්ව හැමදේම මතක් කරමින් කරන්නේ කුමක්ද කියලා මං
තවමත් බලන් ඉන්නවා.. කොතනින් හරි මේ ගමන යා යුතුමයි.. ඔයා මටත් වඩා ලස්සනට
එඩිතරව යන දිහා බලලා, මමත් කොහොමින් හරි ඉදිරියට යන්නම්.. ආයෙත් මං
වෙනුවෙන් කදුලක් නොවැටෙන ඔය හිතට මං තවමත් ආදරෙයි....
Subscribe to:
Post Comments (Atom)
එකම තැන බලන් ඉන්නවටත් ආපස්සට යනවටත් වඩා හොඳයි ඉදිරියට යන එක!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඑහෙම ආදරේ කරල වැඩක් තියනවයැ, මාත් ඔහොම හිතපු කාලයක් තිබුන. ඒත් දැන් නම් එහෙම හිතන්නෙ නෑ. අපිට ආදරේ කරන අයටයි අපි ආදරේ කරන්න ඕන. කැත අදහසක් වගේ පෙනුනට අර යතාර්තයද මොකක්ද එක ඒක තමයි. අපිට ආදරේ නැති අය ජීවිතේට ලං කරගෙන දුක් විදින්න තිබුන අර ඉබ්බො වගේ අවුරුදු 300ක් විතර ජීවත් වෙනව නම්. මේ ජීවත් වෙලා ඉන්න කෙටි කාලෙ ඔහොම දේකට වෙන් කරන්න තරම් කාලයක් නෑ. හිනා වෙල සතුටින් ඉදල මැරෙන එකයි කරන්න ඕන.
ReplyDeleteහිත හය්යෙන් ජීවිතේට මුණ දෙන්න.සුබ පැතුම්!
ReplyDeletedinga dinga yamu issarahata..
ReplyDeletebari wena than waladi api innawa
langin... tika tika yamu daruwo
matath ohoma kalayak thibba..
hari amaruwen ada gaththa....
sthuthi yaluwanee oyala hamotama...
ReplyDelete