Friday, March 1, 2013

ආදරය විදින්න..........

ආදරය හරි පුදුමයි අද තවකෙනෙක් ආදරෙ නිසා ගොඩාක් සතුටින් ඉන්නවා ..තව කෙනෙක් එ ආදරෙ විදින ගමන් විදවනවා එය බලාපොරොත්තු වෙන ආදරය ලෑබෙන්නෙ නෑති නිසා පෙම්වතිය හො පෙම්වතාගෙ වෙනස් කම් රෑවටිලී දරගෙන දලා යන්න බෑරි නිසා ඉවසන් ඉන්නවා ...තව කෙනෙක් ආදරෙ කරලා එ ආදරෙ මොන විඩියකින් හො නෑති වෙලා දුක් විදිනවා.. ආදරෙ කර කෙනා වෙන කෙනෙක්ගෙ වෙනවා දකිමින් දුක් විදිනවා ...
අපිට මෙවලින් කොක ලෑබුනත් අපිට එ ඈත්තට මුන දෙන්නම වෙනවා... ජිවිතෙන් පෑනලා යන්න අපට බෑ.. මොකද මෙ ජිවිතෙ අපට ලෑබුනෙ පිනට ...අපිට ජිව්තෙ දුන්නෙ පලක් ඈති දෙයක් කරල මෑරිලා යන්න මිසක් විහින් නෑති කර ගන්න නෙවෙ... මෑරෙන්න බෑ අපට එක ලොකුම බියගුලු කමක්.. ආදරෙ විදින හෑම හදවතක්ම එ ආදරෙ රෑක ගන්න උත්සහා කරන්න... රෑවටිල්ලක් විහිලුවක් කර ගන්න උත්සහා කර ගන්නෙපා ...අද අපි ආදරෙ විහිලුවකට ගත්තොත් හෙට අපිට එදෙ වෙන කෙනෙකුගෙන් ලෑබෙන්න පුලුවන් ගෑහෑනු හො පිරිමි දෙපක්ශයටම පොදු දෙයක්... එ වගෙම ආදරෙ නෑති වෙලා විදවන අය හිතන්න අපිට ආදරෙ නෑති කෙනෙක් අපිව මග දාලා ගියෙ කියලා එකෙන් ජිවිතෙට ශක්තියක් ගන්න වෑටෙන්න එපා අපිට අවන්කවම ආදරෙ කරන කවුරුන් හරි කෙනෙක් අපිට ඉන්නවා මෙ ලොකෙ..එයා අපිව හොයන් එයි අනිවාර්යෙන් .. ආදරෙන් පරද වුනා කියලා අපි අපෙ ජිවිතෙන් පරද වෙන්නෙ නෑ නෙ ...යන්න ජිවිතෙ දිනන්න මාර්ගය හොයන්න ...ජිව්තෙ අතර මග නෑවතුන සිහින බලාපොරොත්තු සාර්තක කර ගන්න මාර්ගය හොයා ගන්න...අවන්ක සිතින් පිවිතුරු සිතින් ආදරෙ කරන්න එවිට කවම දාකවත් ඔබට වරදින්නෙ නෑ වරද්දන්නත් කටවත්ම බෑ ...රෑවටුන තෑන මොකක්ද කියලා හිතන්න අයෙ එ වරද නොවෙන්න ජිවිතයෙ ඉදිරි තිරන ගන්න ...අවන්කව ආදරෙ කරන ඔබ ඔබෙ පෙම්වතිය පෙම්වතාව අදරෙන් රෑකබලා ගන්න ...ඔබට ආදරෙ කරන කෙනාව රවටන්න එපා ...අයෙත් එ ආදරෙ කවම දකවත් ඔබට ලෑබෙන්නෙ නෑ..එ රෑකවරනය වෙන කෙනෙක්ගෙන් ලෑබෙන්නෙ නෑ.. ආදරය විදින ඔබටත් ආදරය විදවන ඔබටත් සතුටින් කල් ගෙවන්න තව තවත් ආදරය විදින්න ලෑබෙවා ...

Sunday, February 3, 2013

මං තවමත් ආදරෙයි....

ආයෙත් ආයෙත් උන දේවල් ගැන හිතලා වැඩක් නැහැ.. මං තවම නැවතුන ඉදන් කල්පනා කරනවා කොහාටද යන්නේ කියලා, ඉදිරියක් නැති මට පාර පෙන්නලා ඔයා යන්නට ගියා.. මොනතරම් හුරක් යන්නට හම්බවෙයිද දන්නේ නැහැ.. හැරිලා වත් නොබලපු ඔයා වෙනුවෙන්, මං තවත් හීන මවන්නේ නැහැ.. ඒත් මට දැන් උන්න තැනටම යන්න ඕන.. ආපු විදිය මතකත් නැති මට, ආයෙත් යන්න බැරුව අතරමං වෙද්දි, කාගෙන් අහන්නද, ඔයා කිව්වා වගේ ප්‍රස්න තියෙන්නේ මුහුණ දෙන්න.. පැනලා යන්න නෙමෙයි.. කිව්ව හැමදේම මතක් කරමින් කරන්නේ කුමක්ද කියලා මං තවමත් බලන් ඉන්නවා.. කොතනින් හරි මේ ගමන යා යුතුමයි.. ඔයා මටත් වඩා ලස්සනට එඩිතරව යන දිහා බලලා, මමත් කොහොමින් හරි ඉදිරියට යන්නම්.. ආයෙත් මං වෙනුවෙන් කදුලක් නොවැටෙන ඔය හිතට මං තවමත් ආදරෙයි....

ආදරය.........

අපේ ජීවිතවලට ඇතිවන සම්බන්ධකම්, ඉබේම ඇති වෙන්නේ නැහැ.. අපි හිතනවට වඩා හුගාක් දේවල් බලපානවා. කෙනෙකු වෙනුවෙන් ඇති වන ආකර්ෂනය, ඒ කෙනා වෙනුවෙන් කරන කැපකිරීම, අන් හැමදෙයටම වඩා සිත් ගත් කෙනා මූලික වීම, මේ හැමදෙයක්ම වෙන්නේ. හිතක උපන් ආදරය නිසයි.. හුගාක් දේවල් අපේ හිත් වලින් මකන්න පුළුවන්.. ඒත් හදවතකට ඇතිවන ආදරයක් මකන්න කවදාවත් බැහැ.. ආදරයක පටන් ගැන්ම තුලම, සතුට ඇති වුනද, කාලයක් ගතවෙද්දි, ඒයට දුක, බලාපොරොත්තු කඩවීම්, හිත් රිදවීම් ඇතිවෙනවා. ඒ හැමදෙයකින්ම සිදුවන්නේ, දෙදෙනා අතර තේරුම් ගැනීම සිදුවීමයි. ආවට ගියාට කෙනෙකු ආවත් හිතාගන්නවත් බැරි විදියට, ලං වෙන්නේ තේරුම් ගැනීම තුලයි. ආදරයක් තරාදියක දාලා බලන්න බැහැ කාගෙද බර වැඩි කියලා. අනෙත් කෙනා වෙනුවෙන්, ඕනම දුකක් විදගන්නට හැකිනම්, ඒ කෙනා වෙනුවෙන් අන් සියළුම දේවල් අත් හරින්නට හැකිනම්, ඒ ආදරය පැවැත්ම වැඩියි.. කටින් කියනවට වඩා ඒ ආදරය දැනෙන්නට කල යුතුයි.. සමහර වෙලේට අපි මොන දුකක් අනෙත් කෙනා වෙනුවෙන් වින්දත්, එය හිරකරම්ම ඉන්නේ, තමන්ගේ දුක ලගදි, අනෙත් කෙනා දුක්වෙන එක දකින්න අකමැති නිසා. හිත් රිදවීම් නැතිනම් එතන ආදරයක් නැහැ.. ආදරය කියන්නේ හැමදෙයකම එකතුවක්.. අඩු පාඩුකම් ඇතත්, දෙදෙනෙක් එකට ගමනක් යන්නට අත් දෙකෙන් අල්ල ගත් විටක, මොන භාධකය ආවත්, අත් හරින්නට එපා. එක හිතින්ම ඉන්නට හැකිනම්, කවදාක හරි කොහෙන් හරි එවැනි ආදරය පල දරනවා..

Tuesday, December 11, 2012

ආදරේට ආදරේ කරන්න......

ආදරේ කරනවා නම්....
හදවතින්ම අවන්කවම ආදරේ කරන්න...
රුවට,නමට,හඩට ආදරේ කරන්න එපා...
ආදරේ කරන ඒ හිතට බොරු කරන්න එපා...
ආදරේ කරන ඒ හිතට කිසිදෙයක් හන්ගන්න එපා...

අවන්ක ආදරයක අවසානය විවාහයෙන් අවසන් වෙනවා
අවන්කවම ආදරේ නැත්නම්......
ආදරේ කරන හිතට බලාපොරොත්තු දෙන්න එපා...
සුළු මොහොතක සතුටක් වෙනුවෙන්
ජීවිතයක් අදුරු කරන්න එපා...
දන්නවද......
ආදරේ නිසා දුක් විදින් ,විදවන හිත්
මේ ලෝකේ කොයිතරම් ඉන්නවද කියලා...
ඒත්..ඔබ නොදන්න දේකුත් තියනවා..ඒ තමයි,
මේ ආත්මයේ එහෙම දුක් විදින්නේ,,ගිය ආත්මයකදි
ආදර හිත්වලට දීපු දුකක ප්‍රතිපලයක් නිසයි...
ඒක ඇත්තම ඇත්තක්.....
කවදාවත් ආදරය කරන හිතකට දුකක් දෙන්න එපා...
හිතක් බිදින්න ...හිත් දෙකක් වෙන් කරන්න උදව් වෙන්න එපා...
ආදරේට ආදරේ කරන්න....ජීවිතෙ සුන්දර වේවී....

Friday, December 7, 2012

මතු හැම ආත්මෙකදිම ඔයා මගේම වෙන්න......

ඔයයි මායි ඒකාලෙ හොඳ යලුවො.
ඒත් දිනෙන දින මට ඔයාවත් ඔයාට මාවවත් නැතුව බැරි වුනා.
එහි ප්‍රතිඵලයක් විදියට අපි ආදරේ කරන්න පටන් ගත්තා.
ඔයා මට ආදරේ ගැන,ආදරේ කරන්න කියලා දුන්නා.
මම ඒ විදියට ඔයාට පණටත් වඩා ආදරේ කලා.

ඒත් ඒ අපි දෙන්නගේ කුලුඳුල් උත්තරිතර අදරේට කාලය බාදා කලා.ඔයා මට අහිමි වුනා.
දෛයිවයට අනුව අපට අපි අහිමි වුනා.

මොන දේ වුනත් මට ආදරේ කරන්න කියලා දුන්නු ඔයාට මම තවමත් පණටත් වඩා ආදරේ,

ඔයා මගේ හදවතින් ඈත් වෙලා අදට හරියටම තෙමසක් ගත වෙලා.
කාලය කෙමෙන් වැඩි වුනත් මට ඔයාව අමතක වෙන්නෙ නෑ.
අමතක කරන්නෙත් නෑ.
කාටවත්
ඔයාව මගෙ සිතින් අමතක කරවන්නත් බෑ,
ඔයා මගේ විතරමයි,
මම ප්‍රාර්ථනා කරන්නෙ
මතු හැම ආත්මෙකදිම ඔයා මගේම වෙන්න කියලා.
සත්තයි..!

Tuesday, November 27, 2012

අහිමි සිත..............!!!!

ඔයත් එක්ක මේ වනතෙක් හිටපු කෙටි කාලේ දිහා ආපසු හැරිලා බැලුවා.
අනේ මන්දා ඒ කාලය හරි පුදුම විදියකට තමා ගෙවිලා ගිහින් තියෙන්නේ.අපි දෙන්නා කතා කලා මතකයිද?.
අපි දෙන්නා මුලින්ම මුන ගැහුන විදිය, කතා කරපු දේවල්, තරහ වුන හැටි, ආයේ යාලු වුන විදිහ,
දෙන්නා දෙන්නටම හොරෙන් හිත් වලින් ආදරේ කරපු හැටි, මිතුරුකම පෙම්වතුන් කරපු හැටි.
ඊටත් කලින් මුලින්ම අපි කතා කරපු මුල් දවස්වලම ඔය හිතට ගොඩක් මේ හිත ල0වුනා ඇයි ද ක
ියලා තවම හිතාගන්නත් බැ. ඔය හිතටත් එහෙම වුනාද මන්දා.
අනේ ඇයි අපි ආයෙත් අතීතේ ගැන කතා කරන්නේ වෙන් වෙලා යන හින්දා නේද ආයේ කවදාවත් හමු නොවෙන හින්දා ඒ ගෙවුනු සුන්දර දවස් ආයේ කවදාවත් එන්නේ නෑනේ.
ඒත් ඒ සුන්දර අතීතේට ගොඩක් ආදරෙයි. වෙන කාගෙන්වත් ඒ වගේ සුන්දර මතකයන් ලැබෙයි කියල හිතෙන්නෙනම් නෑ.
ඊටත් වඩා දුක මගේ කරගන්න බැරි බව දැන දැනත් ඔයාව පරිස්සමින් බලා ගත්ත විදිය මතක් වෙනකොට.
අද ඒ හැමදේම සොදුරු වගේම දුක්මුසු මතකයන් ගෙනදෙන විදියට ජීවිතේ පුරාවටම රදවා ඔයා මගෙන් ඈතකට යවන්න වෙලා. අපි හමුවුනා වගේම වෙන්වෙන්න වෙනවානේ.
ඒත් ඔයාව යැව්වත් ඒ මතක හැමදාම මාව ජීවත් කරවාවි. එදා වගේම අදත් අද වගේම ඉදිරියටත් වෙන කෙනෙක් ලග හිටියත් ඔබට තියෙන ආදරේ වෙනසක් නොවි තියේවි.ඔබේ මතු අනාගතයට කිසි දිනෙක ඔය දෙනෙතට කදුලක් නොවැටි සතුටින් දිවි ගෙවන්නට සුබ ප්‍රාර්ථනා කරමි සියලු පැතුම් ඉටුවෙන්නට...

Tuesday, November 20, 2012

පුදුමාකාර දෙයක්....

මේ ආදරේ කියන දේනම් මහ පුදුමාකාර දෙයක්..... මතකද ඒ දවස්වල ඔයාට? මගෙ ආදරේ ඉල්ලල මොන තරම් කරදර කලාද කියල,මොන තරම් වදයක් උනාද කියල?ඒත් ඉතින් මමත් හිත යටින් ඒසුන්දර වදයට ආස උනා,කැමති උනා. කාලය ගෙවිල මම ඔයාගෙ ආදර වන්තිය උනා මතකද?.....ඒත් අද ඔයාට මාව වදයක් වෙලාද කියල හිතෙනව වෙලාවකට.දවසකට හත් අට වතාවක් කතා කරපු ඔයාට අද දවසට එක වතාවක්වත් කතා කරන්න උවමනාවක් නැහැ කියල මට හිතෙනව. අහද්දි කියන්නෙනම් ආදරෙයිලු ගොඩාක්.....අනේ මන්ද මටනම් හිතෙන්නෙ දැන් මුලින් තිබුන ආදරේ දැන් නැද්ද කියල. ඔයානම් කියන්නෙ ගෑනු ලමයි යාලු කරගන්න නම් පුදුම අමාරුවක්,යාලූ උනාට පස්සෙ ඇනයක් වෙනවලු. අනේ මන්ද කොහොම උනත් මම ඔයාට ආදරෙයි මහා ගොඩක්......එහෙම එකේ දවසට එක පාරක්වත් කතා නොකර ඉන්නෙ කොහොමද මම..................ඔයා ඔය තරමටම ආඩම්බරවෙලා ඉන්නෙ මම දැන් ඔයාට ඔය තරමටම ආදරේ බව දන්න නිසාද?මට ඔයාගෙන් තොර ලෝකයක් නැහැ කියල දන්න නිසාද රත්තරන්? .....