Tuesday, December 11, 2012

ආදරේට ආදරේ කරන්න......

ආදරේ කරනවා නම්....
හදවතින්ම අවන්කවම ආදරේ කරන්න...
රුවට,නමට,හඩට ආදරේ කරන්න එපා...
ආදරේ කරන ඒ හිතට බොරු කරන්න එපා...
ආදරේ කරන ඒ හිතට කිසිදෙයක් හන්ගන්න එපා...

අවන්ක ආදරයක අවසානය විවාහයෙන් අවසන් වෙනවා
අවන්කවම ආදරේ නැත්නම්......
ආදරේ කරන හිතට බලාපොරොත්තු දෙන්න එපා...
සුළු මොහොතක සතුටක් වෙනුවෙන්
ජීවිතයක් අදුරු කරන්න එපා...
දන්නවද......
ආදරේ නිසා දුක් විදින් ,විදවන හිත්
මේ ලෝකේ කොයිතරම් ඉන්නවද කියලා...
ඒත්..ඔබ නොදන්න දේකුත් තියනවා..ඒ තමයි,
මේ ආත්මයේ එහෙම දුක් විදින්නේ,,ගිය ආත්මයකදි
ආදර හිත්වලට දීපු දුකක ප්‍රතිපලයක් නිසයි...
ඒක ඇත්තම ඇත්තක්.....
කවදාවත් ආදරය කරන හිතකට දුකක් දෙන්න එපා...
හිතක් බිදින්න ...හිත් දෙකක් වෙන් කරන්න උදව් වෙන්න එපා...
ආදරේට ආදරේ කරන්න....ජීවිතෙ සුන්දර වේවී....

Friday, December 7, 2012

මතු හැම ආත්මෙකදිම ඔයා මගේම වෙන්න......

ඔයයි මායි ඒකාලෙ හොඳ යලුවො.
ඒත් දිනෙන දින මට ඔයාවත් ඔයාට මාවවත් නැතුව බැරි වුනා.
එහි ප්‍රතිඵලයක් විදියට අපි ආදරේ කරන්න පටන් ගත්තා.
ඔයා මට ආදරේ ගැන,ආදරේ කරන්න කියලා දුන්නා.
මම ඒ විදියට ඔයාට පණටත් වඩා ආදරේ කලා.

ඒත් ඒ අපි දෙන්නගේ කුලුඳුල් උත්තරිතර අදරේට කාලය බාදා කලා.ඔයා මට අහිමි වුනා.
දෛයිවයට අනුව අපට අපි අහිමි වුනා.

මොන දේ වුනත් මට ආදරේ කරන්න කියලා දුන්නු ඔයාට මම තවමත් පණටත් වඩා ආදරේ,

ඔයා මගේ හදවතින් ඈත් වෙලා අදට හරියටම තෙමසක් ගත වෙලා.
කාලය කෙමෙන් වැඩි වුනත් මට ඔයාව අමතක වෙන්නෙ නෑ.
අමතක කරන්නෙත් නෑ.
කාටවත්
ඔයාව මගෙ සිතින් අමතක කරවන්නත් බෑ,
ඔයා මගේ විතරමයි,
මම ප්‍රාර්ථනා කරන්නෙ
මතු හැම ආත්මෙකදිම ඔයා මගේම වෙන්න කියලා.
සත්තයි..!

Tuesday, November 27, 2012

අහිමි සිත..............!!!!

ඔයත් එක්ක මේ වනතෙක් හිටපු කෙටි කාලේ දිහා ආපසු හැරිලා බැලුවා.
අනේ මන්දා ඒ කාලය හරි පුදුම විදියකට තමා ගෙවිලා ගිහින් තියෙන්නේ.අපි දෙන්නා කතා කලා මතකයිද?.
අපි දෙන්නා මුලින්ම මුන ගැහුන විදිය, කතා කරපු දේවල්, තරහ වුන හැටි, ආයේ යාලු වුන විදිහ,
දෙන්නා දෙන්නටම හොරෙන් හිත් වලින් ආදරේ කරපු හැටි, මිතුරුකම පෙම්වතුන් කරපු හැටි.
ඊටත් කලින් මුලින්ම අපි කතා කරපු මුල් දවස්වලම ඔය හිතට ගොඩක් මේ හිත ල0වුනා ඇයි ද ක
ියලා තවම හිතාගන්නත් බැ. ඔය හිතටත් එහෙම වුනාද මන්දා.
අනේ ඇයි අපි ආයෙත් අතීතේ ගැන කතා කරන්නේ වෙන් වෙලා යන හින්දා නේද ආයේ කවදාවත් හමු නොවෙන හින්දා ඒ ගෙවුනු සුන්දර දවස් ආයේ කවදාවත් එන්නේ නෑනේ.
ඒත් ඒ සුන්දර අතීතේට ගොඩක් ආදරෙයි. වෙන කාගෙන්වත් ඒ වගේ සුන්දර මතකයන් ලැබෙයි කියල හිතෙන්නෙනම් නෑ.
ඊටත් වඩා දුක මගේ කරගන්න බැරි බව දැන දැනත් ඔයාව පරිස්සමින් බලා ගත්ත විදිය මතක් වෙනකොට.
අද ඒ හැමදේම සොදුරු වගේම දුක්මුසු මතකයන් ගෙනදෙන විදියට ජීවිතේ පුරාවටම රදවා ඔයා මගෙන් ඈතකට යවන්න වෙලා. අපි හමුවුනා වගේම වෙන්වෙන්න වෙනවානේ.
ඒත් ඔයාව යැව්වත් ඒ මතක හැමදාම මාව ජීවත් කරවාවි. එදා වගේම අදත් අද වගේම ඉදිරියටත් වෙන කෙනෙක් ලග හිටියත් ඔබට තියෙන ආදරේ වෙනසක් නොවි තියේවි.ඔබේ මතු අනාගතයට කිසි දිනෙක ඔය දෙනෙතට කදුලක් නොවැටි සතුටින් දිවි ගෙවන්නට සුබ ප්‍රාර්ථනා කරමි සියලු පැතුම් ඉටුවෙන්නට...

Tuesday, November 20, 2012

පුදුමාකාර දෙයක්....

මේ ආදරේ කියන දේනම් මහ පුදුමාකාර දෙයක්..... මතකද ඒ දවස්වල ඔයාට? මගෙ ආදරේ ඉල්ලල මොන තරම් කරදර කලාද කියල,මොන තරම් වදයක් උනාද කියල?ඒත් ඉතින් මමත් හිත යටින් ඒසුන්දර වදයට ආස උනා,කැමති උනා. කාලය ගෙවිල මම ඔයාගෙ ආදර වන්තිය උනා මතකද?.....ඒත් අද ඔයාට මාව වදයක් වෙලාද කියල හිතෙනව වෙලාවකට.දවසකට හත් අට වතාවක් කතා කරපු ඔයාට අද දවසට එක වතාවක්වත් කතා කරන්න උවමනාවක් නැහැ කියල මට හිතෙනව. අහද්දි කියන්නෙනම් ආදරෙයිලු ගොඩාක්.....අනේ මන්ද මටනම් හිතෙන්නෙ දැන් මුලින් තිබුන ආදරේ දැන් නැද්ද කියල. ඔයානම් කියන්නෙ ගෑනු ලමයි යාලු කරගන්න නම් පුදුම අමාරුවක්,යාලූ උනාට පස්සෙ ඇනයක් වෙනවලු. අනේ මන්ද කොහොම උනත් මම ඔයාට ආදරෙයි මහා ගොඩක්......එහෙම එකේ දවසට එක පාරක්වත් කතා නොකර ඉන්නෙ කොහොමද මම..................ඔයා ඔය තරමටම ආඩම්බරවෙලා ඉන්නෙ මම දැන් ඔයාට ඔය තරමටම ආදරේ බව දන්න නිසාද?මට ඔයාගෙන් තොර ලෝකයක් නැහැ කියල දන්න නිසාද රත්තරන්? .....

Monday, October 29, 2012

ආදරේන් ඉමු නේද?............

මන් දන්නේ නෑ මාව ඔයා කවද තේරුම් ගනීද කියල වස්තුවේ.ඔයා වගෙම ඔයා මගෙන් බලාපොරොත්තු වෙන හැමදේම මාත් ඔයාගෙන් බලපොරොත්තු වෙනවා.ඔයාට විතරක් නෙමෙ දුක දැනෙන්නේ.මටත් දැනෙනවා.ඔයාට නිකන් හරි miss call එකක් මන් නොදුන්නොත් ඔයාට දුක හිතෙනවා.ඒත් මට ඔයාගෙන් call එකක්වත් නෑ.ඒක ඔයාගෙ වරදක් නෙමේ කියල මන් තේරුම් අරන් ඉන්නේ.ඒත් කතා කරන පුන්චි වෙලාවෙදි හරි මට වෙනසක් නොකර කතා කරන්න.එතකොට මේ ආදරේ මීටත් වඩා මට දැනේවී.ඔයාගේ ජීවිතෙන් පුන්චි ඉඩක් වෙලාවක් මටත් දෙන්න.එතකොට මටත් දැනෙවි ඔයාට මාවත් නිතරම ඕනි කියල.නැත්තන් මට හරි දුකයි වස්තු.ඔයාට මාව නිතරම ඕන වගේම මටත් ඔයාව නිතරම ඕන වස්තුවේ.ඔයා මගෙන් ආදරේ හැම මොහොතකම බලපොරොත්තු වෙනව වගේ මත් ඔයාගෙන් හැම මොහොතකම ආදරේ හොයනවා.අනේ ඒක හන්ගගෙන වගේ ආදරේ දෙන්න එප.දැනෙන්නම ආදරේ දෙන්න.නැත්තන් මට හිතෙවී මන් විතරක් තනියම ආදරේ කරනව කියල.කොහොමද ඒ දැනෙන හැගීම සතුටක් කියල හිතන්නේ?ඒ හැගීම හරිම දුකක් මැණික.ඉවසන්න බැරි දුකක්.ඔයාගේ phone එකේ ලෙඩක්.message එකක්වත් යන්නෙ නෑ..එක මට කොච්චර දුකක්ද?මන් තනි වෙලා වගේ දෑනෙනවා..ඔයා මගෙන් ආදරේ හුගක් හොයනවා.මත් ඔ
යාගෙන් ආදරේ හුගක් හොයනවා.ඔයට නිකන් හරි මන් කතා නොකලොත් ඔයා එදාට පොඩි එකෙක් වගේ මගෙන් අහනවා ඇයි අද මට කතා නොකලෙ මාව අමතක උනාද කියලා.ඔයාට මාව අමතක උනත් මට ඔයාව කවදාවත් අමතක වෙන්නේ නෑ මගේ රත්තරන්.එත් ඔයාට තරහ ගියාම ඔය මට ඔහොම කරනවා එතකොට හිතෙන්නෙ නැද්ද මන් කොහොමද ඒවා ඉවසුවේ කියලා.එහෙම කරන්න එපා.මොකද ඔයාට දැනෙන දුකම මටත් දැනෙනවා කියල හිතන්න.අන්න එදට ඔයා මට ඔය විදිහට සලකන එකක් නෑ.ඔයාටත් හිතේවි ඔයා කලේ වැරෑද්දක් කියලා.ආදරේ කියන්නෙ එක්කෙනෙක් විතරක් කරන දෙයක්වත් එක්කෙනෙක්ගේ පැත්තකින් විතරක් බලපොරොත්තු වෙන එකවත් නෙමේ මැණික.දෙන්නෙක්ගෙම හිත් වල එකිනෙකා ගැන ඇති වෙන හැගීමක්.දෙන්නම ඒ ආදරෙට යුතුකම් ඉටුකරන්න ඔන වගකීමක්.නැත්තන් ඒ ආදරෙ ඒකපර්ශවිකයි.එහෙම ආදරයක් මොකටද?දෙන්නෙක් ආදරෙ කරන්න ගන්නේ ඒ දෙන්නම ආදරේ බලපොරොත්තුවෙන් නම් දෙන්නම ඒ අදරේ වෙනුවෙන් යුතුකම් ඉශ්ට කරන්න ඕනා.අන්න එදාට ඒ අදරේ හුගාක් ශක්තිමත් වේවි.තරහ වෙන්න එපා මගේ පන.මේ කියන්නෙ හිතේ දුකත් එක්කම මට හිතෙන දැනෙන දේ.ඒ වගේම් වෙන්න ඔනයි කියල හිතේන දේ.අපි වැරදි හදාගෙන ආදරෙන් ඉමු මගේ වස්තුවේ.වැරදි කා අතිනුත් වෙනවනේ.අපි හැදේමු.මන් කිව්වෙ ඇත්ත නේද?සමාව දෙන්නම් වස්තුවෙ..ඔන්න මගෙන් නලලට හාද්දක්.දැන් ඉතින් අපි ඔවා අමතක කරල වැරදි හදාගෙන මීටත් වඩා ආදරේන් ඉමු නේද?

Tuesday, October 16, 2012

පෙම් සබඳතාවක් බිඳ වැටූණොත් රටට සමාජයට මූහූණ දීමට සිත හදාගන්න හැටි දන්නවාද? .........



පෙම් සබඳතාවයක් බිඳ වැටී හඬමින් ලතවෙවී සිටින ඔබට

සිය පෙම් සබඳතාව බිඳී යෑම දරා ගනූ බැරි සිත් වේදනාවකි. සති මාස ගණනින් හඬමින් කල්පනා කරන්නේ යළිත් තනිකඩ දිවියට මූහූණ දෙන්නේ කෙසේද යන්න සිතමිනි. තවද සිදුවූයේ කුමක්ද දෙදෙනා අතර මහත් වූ ගැටළුව කුමක්දැයි ඔබට සේම ළඟින් ඇසූරු කළ සැමටම ගැටළුවකි. එහෙයින් මව්පියන් හෝ මිතුරු මිතුරියන් අසන ප්‍රශ්

නවලට පිළිතුරු දීම සියල්ලටම වඩා කරදරයකි.

විවාහවීමට සිතා දිගු කලක් එකට කල් ගෙවීමෙන් ඔහූ/ඇය පිළිබඳව ඥාතීන් සේම මිතුරන් සියල්ලම දනිති. එවිට බස් රියේදී, දුම්රියේදී, කාර්යාලයේදී, අසල් වැසියන් හා ඥාතීන් හමූවූ විටදී ඔහූ පිළිබඳව විමසීම අමතක කිරීමට වෙර දරණ අතීතය යළි සිහිපත් වීමකි.


මීළඟට සියලු ගමන් බිමන්වල යෙදුනේ ඔහූ/ඇය සමගිනි. ඇඳුම් පැළඳුම් ආයිත්තම් තෝරා දුන්නේ ඔහූ/ඇය විසිනි. මිතුරෙකුගේ සාදයකට හෝ මංගල උත්සවයකට ගියේ ද ඔහූ/ඇය සමගිනි. ඔහූගේ/ඇයගේ ඈත්වීමෙන් ඒ සියලු දේ තනිවම ඉටූකර ගැනීමට සිදුවීමද එක්තරා අන්දමක අභියෝගයකි. එහෙයින් ඔබේ වේදනාකාරී හූදකලා දිවියට අමතරව අලුත් වගකීමක් දැරීමට ද සිදුවෙයි.


ඒ අයූරින් ඔහූ/ඇය හදිසියේ කුමන හෝ පදනමකින් ඔබෙන් ඈත් වූවොත් අලුත් හූදකලා දිවියට ඔබ ඉකිමනින් හූරුවන්නේ කුමන උපක්‍රම තුළින් දෑයි විමසා බලමූ.


ඔහූ/ඇය සිතින් පළවා නොහැරීම


දරා ගනූ බැරි වේදනාවක් හිමිකර දී ඔහූ/ඇය ඔබ හැර ගියේ නම් ඔහූ සිතට බලපාන ආකාරයෙන් ඈත් කිරීමට වෙර දෑරීම සූදුසූ නොවේ. යැයි ප්‍රකට සායනික මනෝ වෛද්‍යවරියක වන වර්කා වූලනී පවසන්නීය. ඒ වෙනූවට කළයූතු වඩාත්ම වැදගත්ම දේ වන්නේ ඔහූ/ඇය හැර ගිය හේතුවට යථාර්ථවාදීව බැල්මක් හෙළීමයි. එය දෙස ශුභවාදී ආකල්පයකින් හෙවත් එය සිදුවූයේ යහපතට බව සිතීමයි. හැරගිය ඔහූ/ඇය යළි සිහිපත් නොකරන්නේ යැයි සිතන තත්ත්පරයකින් යළිත් ඔහූ/ඇය සිහිපත් වීම ස්වාභාවිකයි. එහෙයින් ඔහූ/ඇය අමතක කිරීමට මූලිකවම උත්සාහ නොදරන්න.


බොහෝ පෙම් සබඳතා බිඳී යන්නේ හදිසි සිදුවීමක් ලෙසිනි. එම හැර යාමට අවශ්‍ය මූලික ස්ථාවරත්වයක් මාස ගණනකට පෙර සිටම ක්‍රියාත්මක වේ. ඒ අතර මූලින්ම ඇත්තේ දෙදෙනා අතර ඇති කුමන හෝ නොගැලපීම්ය. එය මානසික, ධනය, රැකියාව රුචි අරුචිකම් උගත්කම ආදී වශයෙන් විවිධාකාර වූ නොගැළපීම් වීමට හැකියි.


එහෙයින් එම සබඳතාවය අමතක කිරීමට ඇති පහසූම මඟවන්නේ සබඳතාවය පවතිද්දී ඉස්මතු වූ නොගැළපීම් හා එයින් දෙදෙනා අතර මතු වූ ගැටීම්ය. ඒවා දිගින් දිගටම නිරන්තරයෙන්ම සිදුවූ අන්දම සිහිපත් කළ විටදී එය නොගැළපෙන සම්බන්ධතාවයක් බව ඔබට වැටහේ. එයට අමතරව විවිධ මත ගැටූම් හා අදහස් නොගැළපීමෙන් ඔබට සිදු වූ ලැජ්ජාවත් හා හැඬූ දිනයන් සිහිපත් කරද්දී එම ඈත්වීම් සියූම් සාධාරණයක් හා යහපතකකි. මීළඟට ඔබ සිතිය යූත්තේ ඔහූ/ඇය සමග දිගින් දිගටම ඇසූරු කළේ නම් හෝ විවාහ වූයේනම් විඳින්නට සිදුවන හිරිහැර හා මානසික වේදනාවන්ය. එවිට ඔබේ සිතින් එම සබඳතාව බිඳ යෑමෙන් ඇති වූ වේදනාව දුරුවේ.


එහෙයින් පෙම් සබඳතාවයක් බිඳීගිය විටදී ඔබට මෙම උපක්‍රම කිහිපයත් අනූගමනය කිරීමට හැකියි.


1. සූපූරුදු පරිසරය අත් හැර අලුත් පරිසරයකට ඇතුළුවන්න.


2. අලුත් මිතුරන් පිරිසක් අතරට එක්වන්න


3. කාර්යාල සේවිකාවක්/සේවකයෙක් නම් හැකිතරමින් රාජකාරියේ නිතරවන්න.


4. වසරක තරම් කාලයක් සහමූලින්ම යෙදිය හැකි අලුත් ප්‍රයෝජනවත් පාඨමාලාවක් හදාරන්න.


5. සබඳතාවය බිඳීගිය අලුතදීම ජංගම දුරකතනය අක්‍රීය කර තබන්න. නොමැති නම් ඔබ තත්ත්පරෙන් තත්ත්පරය එදෙස බලන්නේ ඔහූගෙන්/ඇයගෙන් ඇමතුමක් ලැබී ඇතිද යන්නයි. එය මතකය අලුත් කරගැනීමකි.


6. තොරතුරු විමසීමට සහෝදර හෝ මිත්‍රකමට කතා බහ කිරීමට හෝ දුක පැවසීමට සේම ඇසීමට ඔහූට/ඇයට දුරකතනයෙන් නොඅමතන්න. ඔහූගේ/ඇයගේ ඇමතුම්වලට සවන් නොදෙන්න. ඔබ තරයේම සිතිය යූත්තේ කුමන පදනමක් මත හෝ ඔහූට/ඇයට නොඅමතන ලෙසිනි. එයට හේතුව ලෙසින් දෑක්විය යූත්තේ එය අනවශ්‍ය සබඳතාවයක් බවයි.


7. ඔහූ/ඇය ඔබ පිළිබඳ විවිධ පූද්ගලයන් සමග පැවසූ දේවල්වලට උත්තර බැඳීමටද ඉදිරිපත් නොවන්න.


නිතර හමූවන්න වූනොත්


ඇතැම් පෙම් සබඳතා බිඳ යෑමෙන් පසූව විඳින සිත් වේදනාව ප්‍රබල වශයෙන් දෙදෙනාට දැනෙන්නේ තව දුරටත් නිතර හමූවීමට සිදුවීම නිසාය. එකම කාර්යාලයේ, නිවෙස අසල සිටින දෙදෙනෙකු මිතුරෙකු සොයූරෙකු ආදී වශයෙන් වූ විටදීද නිතර හමූවීමක් සිදුවේ. එවන් අවස්ථාවලදී ඔබට කළ හැකි දේ.


1. හැකිනම් වෙන කාර්යාලයකට මාරුවක් ගැනීම


2. ඔහූව/ඇයව හැකිතරම් මඟහැරීම, දුටූවත් නොදුටූවාසේ යාම,


3. මිතුරන්ට ඒ බව දෑන්වීමෙන් ඔවූන් ඔබේ සහයට ඉදිරිපත් වී සිතට අවශ්‍ය ශක්තිය සැපයේ.


4. පෙර සේ එක්ව රාජකාරි කටයූතුවල නොයෙදීම


5. දෙදෙනා එකිනෙකාට දුන් සියලු දේ ආපසූ හූවමාරු කර ගැනීම.


වරදක් බව සිතන්න


පෙම් සබඳතාව බිඳී පෙම්වතිය හැර යාමෙන් මද කලකට පසූව ඔහූගේ/ඇයගේ සිතේ සියූම් කලකිරීමක් හෝ පසූතැවීමක් ඇති වේ. එයට හේතුව වන්නේ කුමන වැරදි තිබූණද ඔබේ යහපත් ගතිගුණ අලුත් පෙම්වතා/පෙම්වතිය ළඟ නොමැති වීමෙනි. එවිට ඔහූ කරන්නේ විවිධ පාපොච්චාරණයන් කිරීමට ඔබව හමූවීමට, සූහදව කතා බහ කිරීමට, සමීපව ඇසූරු කිරීමට ප්‍රියවීම හා ඒ බව දෑන්වීමය. බොහෝ කතුන්/පිරිමින් ඒ උගුලට අසූවේ. මන්ද ඔබ තවමත් ඔහූට/ඇයට ආදරය කරන හෙයින් ප්‍රතික්ෂේප කිරීමේ නොහැකියාවක් ඇතිවීමයි. නමූත් මෙහිදී ඔබ තේරුම් ගත යූත්තේ ඔහූ/ඇය හැරගියේ ඔබව සහමූලින්ම පිළිකුල් වීමෙන් හෝ අන් යූවතියකට ආදරය කිරීම හේතුවෙනි ඔබ අද තනිවී සිටියද ඔහූට එසේ තනිකමක් නොවේ. එහෙයින් ඔබ යනූ ඔහූට/ඇයට තව අයෙකු පමණි. එහෙත් තවමත් ඔබ ඔහූට ආදරය කරන හෙයින් ඔහූට සමීපවීමට ඉඩ ලබාදෙමින් සිදුවන්නේ ඔහූව/ඇයව අමතක කිරීම අසීරු වීමයි.


මෙම උපක්‍රමත් පිළිපදින්න.


හැරගිය ඔහූ/ඇය වෙනූවෙන් දුක්වීම අත්හැර දමා අලුත් සිතක් ගොඩනගා ගැනීමට මෙම උපක්‍රමයන්ද ඔබ අනූගමනය කරන්න.


1. ඔහූ/ඇය අමතක කිරීමට උත්සාහ නොකර ඔබ දෙදෙනාගේ සබඳතාවේ ස්වභාවය තක්සේරු කර බලන්න. ඔහූට/ඇයට දොස් පැවරීමට නොසිතන්න. මන්ද එය ක්‍රියාත්මක නොවේ. ඔහූ/ඇය සමග පැවති සබඳතාවේ ස්වභාවය තක්සේරු කරද්දී නිරායාසයෙන්ම ඔහූ/ඇය ඔබේ සිතින් ගිලිහී යෑමක් සිදුවේ.


2. ඔහූට/ඇයට වෛර කිරීමට නොසිතන්න. ඒ වෙනූවට ඔහූ/ඇය සමග බෙදාගත් සූන්දර අවස්ථාවන් නිබඳවම සිහිපත් කරන්න. එවිට ඉක්මනින්ම එය සිතට නැඟීම අවසන් වේ.


3. මද කලක් ගතවෙනතුරුම අලුත් සබඳතාවයක් ඇරඹීමට නොපෙළඹෙන්න. මූලින්ම ඔහූගේ/ඇයගේ හැරයාමට බලපෑ ඔබේ වැරදි අවබෝධ කරගැනීමට තරම් අවංක හා විවෘතවන්න නොමැති නම් මීළඟ පෙම්වතාද/පෙම්වතියද එම වැරදිවලට ඔබව හැරයනූ ඇත.


4. එම අත්දෑකීම් අධ්‍යයනය කරන්න. එවිට ඔබට නොගැලපෙන හා ගැලපෙන පිරිමින් පිළිබඳව වැටහීමක් ඇති කර ගත හැක.


එම ප්‍රේමය බිඳී යෑම පෞද්ගලිකව බලපාන්නක් බවට පත් කර නොගන්න. එසේ කළහොත් ඔබ ප්‍රබල මානසික බිඳීමකට පත්වීමකට හැකියි. එය සහමූලින්ම නොගැලපීමක් මත සිදුවූවක් හා ඔහූගේ වැරදි ක්‍රියාවක් මත සිදුවූවක් යැයි සිතන්න. එවිට ඔබට තවත් පූද්ගලයෙකු සමග සබඳකමක් ඇති කරගැනීමට හැකිවේ.

Monday, October 8, 2012

ඇත්ත ........

මටම තේරේන්නේ නැ
ආයේ කොතනින් කොහොම පටන් ගන්න ද කියලා ...
කෙනෙකුගේ එක වචනයක් තවත් කෙනෙකුට බලාපොරොත්තුවක්,
නව පිබිදිමක්,
අනේ ඒ උනාට ඒ කෙනාට එහෙම කිව්වද කියලා වත් මතක නෑ.
අපි මතක් කරනකම් ...

ඒකෙන් උනේ තවත් කෙනෙක් ව විශ්වාස කරන්න ගිහින්
කබලෙන් ලිපට වැටුන එක විතරයි ...
වචනයක් යනු බෝහෝම පරිස්සමින් Use කරන්න ඕන දෙයක් ..
ලෝකයේ තේරුම් ගත නොහැකි සතා මිනිසාය 100 % ඇත්ත ..

Thursday, October 4, 2012

කියවලා බලන්න.........




දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගෑණු ළමයෙකුට ආදරය කලා.එක් දවසක් ගෑණු ළමයාව මුනගැසුනු පිරිමි ළමයා තමන් ගේ හිතේ තිබුනු ආදරය ගෑණු ළමයාට ප්‍රකාශ කලා. ගෑණු ළමයාට ගොඩක් තරහා ගියා

"ඔයාට පිස්සුද? ඔයා මාසෙකට හොයන සල්ලි මගේ දවසේ වියදමටත් මට මදි...මම මොකටද ඔයාට ආදරේ කරන්නේ? ඔයා මගේ ගැන එහෙම හිතුවෙවත් කොහොමද? මම කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නෑ,ඔයා මාව අමතක කරලා ඔයාට ගැලපෙන විදියේ කෙල්ල

ෙක්ව හොයා ගන්න" කියලා එයා පිරිමි ළමයට බොහෝම තදින් කිව්වා.

නමුත් පිරිමි ළමයට ඇයව එහෙම ලේසියෙන් අමතක කරන්න පුලුවන් උනේ නෑ.


වසර 10කට පස්සේ දවසක් මේ පිරිමි ළමයයි අර ගෑණු ළමයයි සාප්පු සංකීර්ණයකදී මුහුනට මුහුන මුන ගැසුනා.


"මේ ඔයාද? ඔයාට කොහොමද දැන්? මම දැන් කසාද බැදලා ඉන්නේ...ඔයා දන්නවද මගේ මහත්තයගේ මාසික ආදායම ලක්‍ ෂ 2කටත් වඩා වැඩී කියලා?" ගෑණු ළමයා පිරිමි ළමයට කිව්වා.


මේ මොහොතේම ගෑණු ළමයගේ සැමියා එතනට ආවා. පිරිමි ළමයව දුටු ඔහු බොහෝම ගෞරවයෙන් ඔහුට මෙහෙම කතා කලා


" සර් මෙතන මොක්ද කරන්නේ? මේ ඉන්නෙ මගේ බිරිද"


ඊට පස්සේ බිරිද පැත්තට හැරුනු ඔහු මෙහෙම කිව්වා


"මේ සර්ගේ කම්පැනි එකේ තමා මම අලුතින් ලක් ෂ 2කකට රැකියාවට ගියේ. අපේ සර් තවම කසාද බැදලා නැත්තේ ඇයි දන්නවද? සර් ආදරේ කරපු ගෑණු ළමයව සර්ට ලබා ගන්න බැරි වෙලා තියනවා,ඒ දුකට සර් වෙන ගෑණු ළමයෙකුට ආදරේ කරල නෑ. පොඩ්ඩක් හිතන්න ඒ ගෑණු ළමයා කොච්චර නම් වාසනාවන්තද කියලා.අද කාලේ එහෙම ආදරේ කරන පිරිමි හොයන්න කොච්චර අමාරුද?"


ගෑණු ළමයාට මොනවා හිතෙන්න ඇතිද?

.
.
ජීවිතය කෙටියි. එම නිසා අද ඔබ සතු දේ නිසා උඩගු නොවන්න. අද පවතින තත්වය ඉතා ඉක්මනින් වෙනස් විය හැකියි. අනෙකෙකුගේ ආදරයට හැම විටම ගරු කරන්න.

Tuesday, October 2, 2012

ආදරේ ගැන පුංචි කතාවක්........


ආදරේ ගැන පුංචි කතාවක්........

කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි කවදාවත් "යාළුවෝ" විතරක් වෙලා ඉන්න බැහැ කියලා ශේක්ෂ්පියර් කිව්වා...

ඒත් ලින්කන් කිව්වේ යාළුකම ඇරඹීමේ පළමු පියවර "ආදරය" කියලයි....

වර්ඩ්ස්වර්ත් නම් කවියාට අනුව කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි යාළුවෙක් වෙන්න අහනවා කියන්නේ "මම ඔයාට කැමතියි" කියා වක්‍රව කීමක් කියලයි...

ජැකී චෑන් කියන විදිහට නම් ආදරය කියන්නේ "සදාකාලික යාළුකමක්"...

මයිකල් ජැක්සන් කිව්වා හොඳම යාළුවා හෝ යෙහෙළිය ලේසියෙන්ම තමුන්ගේ ජීවන සහකාරයා කරගන්න පුළුවන් කියලා...

" කවුරු කොහොම කිවුවත් ආදරෙ කරන කෙනා අපිව දාලා ගියත් අන්තිමට කවදාවත් යාළුවා අපිව දාලා යන්නෑ... එත් සමහර යාළුවො දාලා ගියත් ආදරෙ කරන කෙනා දාලා යන්නෑ... එත් කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි යාළුවො වගෙ ඉන්න පුළුවන් එත් තාවකාලිකයි කියලා මට නම් හිතෙනවා... "

Tuesday, September 25, 2012

ඔයා වෙනුවෙන් මම අඩන්නේ නෑ ....

මම ලිව්වා...ඒත් ඔයා කවදාවත් කියෙව්වෙ නෑ
මම ඔයා ලගට වෙලා මිමිණුවා....ඔයා අහගන හිටියෙ නෑ
මම සන්වේදී....ඔයා කළුගලක්‌ වගේ
මම ඇඩුවා...ඔයා හිනාවුනා
අපි දෙන්න ලෝක දෙකක බව දැන දැනත්

මම අඩ අඩ හිනාවුනේ....
ඔයා නිසා මම සතුටින් කියන්න
ඒත් ඔයා කලේ මට හිනාවෙන එක
ඉතින් මම හිනාවෙන එක නැවැත්තුවා
මාව අසරණ කරන ඔයා ගැන හිතලා ඔයා වෙනුවෙන් ඇඩුවා
මගෙ ඇස්‌ වල කදුළු ඉවරකලේ ඔයා....
මේ ලෝකෙ ඉන්න හොදම කෙනා ඔයා කියල හිතල
මම.... ඔයාගේ නපුරුකම් වලට
මගේ ඇස්‌ වල කදුළු ඉවරවෙනකල් ඇඩුවා
තව අඩන්න මගෙ ඇස්‌ වල කදුළු නැතිලු
ඔයා නොදන්නවා වුනාට ඔයාටත් වඩා හොද අය
මේ ලෝකෙ ඉන්න බව මම දැන් දන්නව
ඉතින් මම අඩන්නෙත් නෑ....
හ්ම්ම් ආයේ කවදාවත් ඔයා වෙනුවෙන් මම අඩන්නේ නෑ ....

Tuesday, September 18, 2012

♥ පිවිතුරු ආදරයේ චමත්කාරය ♥

*___♥ පිවිතුරු ආදරයේ චමත්කාරය ♥___*

තනිකඩ ජීවිතය නම් FUN තමයි, ඒත් දෙදෙනෙක් අවංකව ආදරය කරද්දී දැනෙන සතුට, හැඟීම ඊට වඩා කොච්චර නම් උතුම්ද. ඔයාලටත් මේ දේවල් ජීවිතයේ එකම එක වතාවක් හෝ දැනිල, විඳල තියෙනවද කියල කියන්නකෝ. Then you are lucky !


•උ

දේ නැගිට්ට ගමන් phone එක බලද්දී ''Good Morning මගෙ පැටියෝ'' කියල SMS එකක් තියෙනව දකිද්දී දැනෙන හැඟීම හෝ ''ඔයා ඇහැ ඇරුනද මගේ පැටියෝ'' කියල මේ ලෝකේ ඔයා අහන්න ආසම කට හඬින් ඇහෙද්දී දැනෙන සතුට.

•දුකක්, තනිකමක් හෝ ලෙඩ වෙලා ඇඳට වෙලා පාලුවෙන් ඉඳිද්දී මේ ලෝකේ දැනෙන්න ආසම ඒ උණුසුමට ගුලිවෙලා ඉන්න තියෙනම් කියල හිතෙනවා.


•පුංචි පුංචි රණ්ඩු වෙලා ''ආයෙත් මම ඔයත් එක්ක ජීවිතේට කතා කරන්නේ නෑ'' කියල call එක cut කරලත් පාරින් පාරට mobile phone එක අතට අරන් missed call එකක් හරි sms එකක් හරි තියෙනවද කියල බලනවා.


•මහ රෑ නින්ඳෙන් ඇහැ ඇරිලා හදිසියේම ආදරේ කරන කෙනාට call කරල උදේ පාන්දර වෙනකම් ඒ call එක දිගු වෙනවා.


•ලොකු රණ්ඩුවක් වෙලා, අවසානයේ ''sorry මගෙ පැටියෝ'' කියලත් ඉවර වෙලා නැවතත් ඒ රණ්ඩුවට හේතු වුනේ කවුද කියල තර්ක කරනවා.


•ආදරේ කරන කෙනාට දුරකතන ඇමතුමක් අරගනිද්දී ''call waiting'' වුනාම හිතට පුංචි දුකක්, පුංචි තරහක් දැනෙනවා.


•ආදරෙන් එවපු sms නැවත නැවත කියවනවා, තනියම හිනා වෙනවා.


•දින කිහිපයක් මුණ නොගැසී හිඳ එකවරම ලබන සෙනසුරාදා මුණ ගැසීමට පුලුවන් කිවහොත් එදා වනතුරු හරි හැටි කෑමක් නෑ, නින්ඳක් නෑ.


අද වෙනකොට අපිට නිතරම වගේ ඇහෙන්නේ ''ආදරය හිත් රිදුම් දෙන දෙයක් පමණයි, ආදරය කියන්නේ බොරුවක්, මායාවක්'' කියන දේ. ඒත් ඒ ආදරය නෙවෙයි. ඒ වැරදි දෙදෙනෙක් වැරදි මොහොතක හමුවීමේ ප්‍රතිඵලයක් පමණයි. අවංක ආදරය යනු මේ ලොව ඇති සුන්ඳරම දේවල් වලින් එකක්. එය සදහටම විඳින්න ඔයාටත් පුළුවන් වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

Thursday, September 13, 2012

සටන් කරන්න..


ජීවිතය යනු ලැබුනු හොඳ අවස්ථාවකි,
ඉන් වැඩක් ගන්න..
ජීවිතය ලස්සනයි, එයට සලකන්න..
ජීවිතය යනු සිහිනයකි, එය
සැබෑ කරගන්න..
ජීවිතය යනු අභියෝගයකි, එයට මුහුණ
දෙන්න..
ජීවිතය යනු රාජකාරියකි, එය ඉටු
කරන්න..
ජීවිතය යනු ක්රීඩාවකි, එය සෙල්ලම්

කරන්න..
ජීවිතය යනු පොරොන්දුවකි, එය ඉෂ්ඨ
කරන්න..
ජීවිතය දුකයි, එයනම් පරදවන්න.. ජීවිතය
යනු ගීතයකි, ගායනා කරන්න.. ජීවිතය
යනු ඛේදවාචකයකි, එයට මුහුණ දෙන්න..
ජීවිතය යනු අවදානමකි, එයට අභියෝග
කරන්න..
ජීවිතය යනු වාසනාවකි, එය ලබා ගන්න..
ජීවිතය යනු මහා අනර්ඝ වස්තුවකි, එය
විනාශ නොකරන්න..
ජීවිතය යනු ජීවිතයි, ඒ වෙනුවෙන් සටන්
කරන්න..

Tuesday, September 4, 2012

බලාපොරොත්තුව...........


බලාපොරොත්තුව

ඔයාලා දන්නවද... අපිව ජිවත් කරවන්නෙ බලාපොරොත්තු කියලා... අපි මේ ආදරෙ කරන ආදරෙ ලබන හැමතැනදිම අපිට මහ හුගක් බලාපොරොත්තු ගොඩගැගෙනවා... අන්න ඒ හිතෙ තියන පුංචි බලාපොරොතුව නිසා අපි ජිවිතෙ එ දෙ ලාබාගන්න කොච්චර මහන්සි වෙනවද... හිතෙ තිබ

ුන මහ හුගක් බලපොරොත්තු බිදවැටෙද්දි අපිට කොච්චරක් දුක හිතෙනවද... එත් අපි උත්සහකරොත් අපිට එ දෙ ලබාගන්න පුළුවන්... අන්න එ වගෙ ආදරෙන් පැරදුනා කියලා දුක් වෙන්න එපා උත්සහකරන්න... ඔයාට එයාව සත්තකින්ම ලබාගන්න පුළුවන් වෙයි... නිකන් හිටියොත් කිසිදෙයක් ලැබෙන්නෑ...

" ඔබ සතු හොඳම දේවල් ලෝකයට බෙදා දෙන්න. එවිට ලෝකයේ ඇති හොඳම දේවල් ඔබ පසුපස එනු ඇත... "

අපි හැමොත් එක්කම හොදින් හිටියොත්, අපි හැමොටම ආදරෙ කරොත් අපිටත් එ ආදරෙ කරුනාව අනිවාර්යෙන් ලැබෙනවා... අපි ලබන්න කැමති ආදරෙ අනිත් අයත් විදින්න ආසයි... අපි අනිත් අයට උදව් කරොත් අපිටත් එ අය දවසක හිත සතුටින් උදව් කරයි...

" යම් දෙයක් කිරීමට ඔබට නොහැකි බව කවුරුන් හෝ කියනවානම්, තේරුම් ගන්න, ඔබට යමක් කිරීමට පුළුවන් කියලා... "

" අපිට සිහින දැකීමට ලැබී ඇත්තේ කෙටි රාත්‍රී නින්දකි . එහෙත් ඔබට දිගු දිවා කාළයක් ලැබී ඇත්තේ ඒ සිහින සැබෑ කර ගැනීම සඳහා වැඩ කිරීමටය... "

එත් අපි දකින හැම හිනයක්ම හැබැවෙන්නෑ තමයි... එත් බලාපොරොතු තියාගන්න... අතාරින්න එපා... දවසක එ බලාපොරොත්තු තමයි අපිව හරි තැනට ගෙනියන්නේ... ලැබෙන නොලැබෙන දෙවල් මේ ලොකෙ සාමාන්‍ය දෙයක්... කිසිදෙයක් නොලැබුනා කියලා දුක් වෙන්න එපා... අපිට එ දෙ නොලැබුනෙ අපිට ඊට වඩා දෙයක් ලැබෙන්න කියලා හිතන්න... කවදාවත් පරාජය බාරගන්න එපා... බලාපොරොත්තු තියාගෙන ජිවිතෙ ගොඩනගා ගන්න පුරුදු වෙන්න... එතකොට කවදාවත් වරදින්නෑ...

Thursday, August 30, 2012

මම දෙයක් කියන්නම් .....

මම දෙයක් කියන්නම් ඔයාට ඒත් ප්‍රායෝගිකව හිතන්න ටිකක්.....
මේකයි වෙච්ච දේවල් උනා....හිතන්න මෙ විදිහටයි එව්වා වෙන්න තියන්න ඇත්තේ කියලා....මොකද ඔයාටවත් මටවත් බැහැ කවදාවත් අපේ ඉර නම වෙනස් කරගෙන ගමන් කරන්න.....ඉතින් වෙලා තියන්නේ සිදුවිය යුතුම දේව
ල්....හිතට ගොඩාක් දුකයි ඔයාට.....එත දුක හිතුන සිතුවිල්ල හදවතේ තවත් සිතුවිල්ලකට එකතු කරලා.....හිත පොඩ්ඩක් හදාගන්න......අමාරුයි ගොඩාක් අමාරුයි.........ඔයාගේ දුක වේදනාව තව කෙනෙකුට කියනවට වඩා......ඔයාගේ හිතින්ම විසඳ ගන්න පුලුවන්නම් ඔයා ගොඩාක් දුරට දිනලා.

Friday, August 24, 2012

කදුලු .......

කදුලු අපි හැමෝගෙම ජීවිත වලට ගොඩාක් සමීපයි..
හිතේ දුකකදි ඇඩුවාම ඒ හිත පොඩ්ඩක් හරි සැහැල්ලු වෙනවා...
ඒත් අඩන්න කලින් දෙපාරක් හිතන්න..
තමන්ගෙම කියලා හිතෙන කෙනෙක් ලග ඇඩුවත් පිට කෙනෙක් ඉස්සරහා කවදාවත් අඩන්න එපා...
අපේ කදුලු වලට හැමෝම වටිනාකමක් දෙන්නෙ නෑ...
අපි අඩනකොට අපිත් එක්ක දුක බෙදාගෙන අඩන්න කවුරුවත් එන්නෙ නෑ...
අපේ දුක දැකලා සතුටු වෙන අය තමයි වැඩි...
ඒක නිසා කවදාවත්ම කදුලක වටිනාකමක් දන්නෙ නැති පිටස්තර කෙනෙක් ලග අඩන්න යන්න එපා....

Tuesday, August 21, 2012

ජිවිතය.......මිල මුදල්....

ජිවිතය.......මිල මුදල්........මද
අපි හැමදාම කරන්නේ හැමදාම හිතනේ ජිවිතේ විදින සැප ගැන අපි කවදාවත් හිතන්නෙ නැ අපිට දුක විදින්න වුනොත් අපි කවදාවත් දුකට මුන දෙන්න බාලාගෙන ජිවත් වෙන්නෙ නැතිනිසා දුකට මුනදෙන්න අමරැයි එත් ජිවිතේ කවදාවත් සැප සම්පත් වලට වහල් වෙන්න එපා..
සැප සම්පත් තියෙන මිනිස්සු ලග ආදරේ නැ....එ මිනිසු කවදාවත් ආදරයට මුල් තැන දෙන්නේ නැ මොකද එ අය ගාවතියන්නෙ ආදරේ සල්ලි දුකත් සල්ලි
යාන වාහන ලග ආදරේ නැ.තියන්නෙ යකඩ ගොඩාක්‌
කොච්චර සැප සම්පත් තිබුනත් ,කෙනෙක් ලග ආදරේ
සෙනෙහස නැත්තම ජිවත් වෙන්න බැ....අනුකම්පාව ආදරය ඔනේමයි .........ජිවිතය

Monday, August 13, 2012

ආදරය කරන්න....

මේ ලෝකේ වෙන අවාසනාවන්තම දේවල් වලින් එකක් තමයි, අපිට කෙනෙක් ගැන ආදරයක් ඇති වෙද්දී ඒ කෙනාට ඒක නොදැනෙන එක.... එහෙමත් නැත්නම්, ඒ කෙනා වෙන කෙනෙකුට ආදරය කරන එක... ඇත්තම කිව්වොත් අපිට ආදරේ කරන අයට අපි ආදරේ නෑ... අපි ආදරේ කරන අය අපිට ආදරේ කරන්නේ නෑ...... ♥ මගේ අවවාදය නම් තමන් ආ‍දරය කරන කෙනෙක් නෙමෙයි , තමන්ට ආදරය කරන කෙනෙක්ට ආදරය කරන්න.....

Saturday, August 11, 2012

ජීවිතය කියන්නෙ

ජීවිතය කියන්නෙ අපිට ලැබුන දෙයක්‌ අපිට
ලැබුන දෙය අරගන අපි ඉදිරියට යනකොට හිතන්නෙ අපිට හැමදෙම ලැබිලා ඉවරයි මොකද අපි හදන්නෙ තවත් කෙනෙක්‌ පාගගන ඉදිරියට යන්න නැත්නම් පාගලා දාලා හිනාවෙන්න එත් ජිවිත කියන්නෙ මොනතරම් අවිස්‌තිර දෙයක්‌ද අපි ගග ක්‌ ගමු වේගයෙන් ගලාගන යන ගගක්‌ අපි කටවත් නවත්වන්න බැ කොච්චර බැමිබැන්දත් එක්‌කො බැම්ම කඩාගන යනවා නැත්තම් බැම්මට උඩින් යනවා ගග කවදාවත් නවතිවන්නැ එවගෙම තම්යි ජිවිතයත් කවදාවත් තවත් කෙනෙක්‌ට ගහලා ඉදිරියට ගියත් එ මනුශයා නිහඩවම දුක්‌වේනවා මොකද එ මනුශයා ගත්තුදෙකුත් නැ වැයකල කාලයත් අපරාදේ මෙක ජිවිතය මනුශ ජිවිතයක්‌ ලබපු අපි ඇයි මනුශයන් වශයෙන් ලොකට මුන නොදෙන්නෙ ජිවිතය තෙරැම් ගන්න අපිට පුලුවන්නම් අද අපි හැමොම ලොකය දකිවි ගොඩාක්‌ ලස්‌සනට........

Monday, August 6, 2012

දන්නවද?

දන්නවද?

ලෝකයේ සාර්ථකතත්වයට පත්වූ බොහෝ දෙනාගේ විනෝදාංශය සිහින දැකීමය.සැලසුම් සැකසීමය.කියවීමය
ලෝකයේ සාර්ථක වූවන් ජංගම දුරකථන භාවිත කරන්නේ නැත.අපිළිවෙලක් සහිත බොහෝ මිනිසුන්ගේ අත්වල විවිධ පැහැති,හැඩකාර ජංගම දුරකථන ඇත.ඔවුන් වැඩිම කාලයක් ගත කරන්නේ ඒවා සමඟය.
සාර්ථක මිනිසා කතා කරන්නේ අඩුවෙනි.වැඩියෙන් වැඩ කරයි.
ඔවුන් තේ,කෝපි,සලාද,වයින්,පලතුරු හා සංවේදී සංගීතයට ප්‍රියය.
වැඩියෙන් ඇවිදින්නට ප්‍රිය කරන්නේද ඔවුන්මය.
සාර්ථක මිනිසා තම බැංකු ගිණුමේ ඇති මුදල් වලට වඩා තම ආත්ම ශක්තියට ආදරය කරති.ගිණුම් හිස් වුවත් ඒවා පුරවන්නට හැකි බව ඔවුන් දනිති .
ඔවුන් වේලාසන එති.වේලාසන යති.බින්න බැස ඉන්නේ නැත.වල්පල් දොඩවන්නේ නැත.
වැරදි අඩුපාඩු ඉක්මනින් තේරුම් ගෙන හදා ගන්නා ඔවුන්,අඩුපාඩු සමඟ ජිවත් නොවෙති.
සාර්ථක මිනිසාගේ ප්‍රියතම ස්ථානය නිවස වන අතර කාලකන්ණියන්ගේ අප්‍රියතම ස්ථානය ද එයමය.
නිවාඩු දින වලට අකැමැති මිනිසා සාර්ථකය.
බොහෝ සාර්ථක මිනිසුන්ට ඔරලෝසු නැතත් වෙලාවට වැඩ කල හැකිය.
"මම එය කරන්නම් "කියා කියන්නන් සාර්ථක පුද්ගලයන් වන අතර "මම එය බලන්නම් "කියන්නෝ අසාර්ථකය.
ඔවුන් වටිනා කෙනා සොයා යන අතර අවශ්‍ය කෙනා ළඟට ගෙන්වා ගනිති.
සාර්ථක මිනිසාට රැය යනු නිදා ගන්නා වෙලාව නොවේ.
පරාජය විශ්වාස නොකරන ඔවුන් ජයග්‍රහණයද අවිශ්වාස නොකරති.

ඉතින් ඔබ කෙතරම් සාර්ථකද?

Sunday, August 5, 2012

ටිකක්‌ කන්දෙන්න.....

මේ හැමදෙයක්‌ම අපි හිතනේ අපිට පෙන දෙයින් විතරයි අපිට පේන දෙය හිතලා අපි තිරනයකට එනවා තිරනය කරනවා එත්
අපි කවදාවත් හිතනේ නැ එ අපිට පෙන්න දෙය එහා පැත්තෙ ලොකු ඇත්තක්‌ ලොකු දුක ක්‌ හො සතුටක්‌ තියනවා ලග ඉන්න කෙනාදිහා බලලා තිරනයක්‌ ගන්නවට වඩා
ටිකක්‌ ඇත බලලා එ කෙනා දිහා බලලා එයාගේ නොපෙනේන .....නොපෙන්න ඉන්න හදවතට එබිලා බලන්න .....එතකොට ඔයාලට පුලුවන් එ කෙනාගෙ හදවත විනිවිද දකින්න ...ටිකක්‌ කන්දෙන්න ....එ කෙනාගෙ දුක ඔයාගෙ කන්දෙක තුල දොංකාරය දෙවි........ඇත්ත ඇති සැටියෙන් ................ඔනම මනුෂසයෙක්‌ තුල ලස්‌සන හදවතක්‌ තියන මනුෂයෙක්‌..ඉන්නවාමයි.....එක ඉස්‌තිරයි

Wednesday, August 1, 2012

ස්ථිර ලබැඳියාව...

මිට ගොඩක් කාලෙකට ඉස්සෙලා මම එක පුංචි කවියක් ලියුවා..කිසිම හේතුවක් නැතුව ඔහේ වචන ටික ගලපලා ලියුව මිසක් එකේ මහලොකු ගැඹුරු අර්ථයක් හොයන්න ගියේ නැහැ මම.එත් අද හිතෙනවා ඒ කවිය මම ලියල තියෙන්නේ අපිට කියලා....ඇත්ත ආදරේ කරන්න වෙන කිසිම දෙයක් ඕනි නැහැ ආදරේ කරන්න ඕනි ආදරේ විතරමයි..ආදරේ කරන්න එක්වීම වෙන්වීම බලපාන්නේ නැහැ..ආදරේ කරන්න බලපාන්නේ ආදරේ විතරමයි...කවුදෝ මන්ද කියලා තිබ්බා ආදරේ අවසාන අරමුණ විවාහයයි කිය
ලා.නැහැ මම එක පිළිගන්නේ නැහැ...ආදරේ අවසාන අරමුණ වුන විවාහය කරගත්ත හැමෝම ආදරේ කරන්නේ නැහැ.ආදරේ කරන හැමෝම ආදරේ අවසාන අරමුණ ලෙස විවාහ වෙලා නැහැ..මුළු ලෝකෙම ලෝක පුජිත රෝමියෝ,ජුලියටුත් ප්‍රේමවන්තයෝ විතරයි.අඹුසැමියෝ නෙමේ...රෝමියෝ,ජුලියට් විවාහ වුනානම් අද වෙනකම් අවුරුදු දහස් ගානක් ගෙවිලත් එයාලා තම අපේ මතකයේ රැඳිලා ඉන්න එකක් නැහැ නේද?
දැන් ඔයාලා බලනවා ඇති මම මෙච්චරම අගය කරන මහා ලොකු කවිය මොකක්ද කියලා..
"එක් වීම වෙන් වීම තාවකාලික වුවත්...
මතකයේ සිතුවිලි සදාකාලික නම්....
එයයි ස්ථිර ලබැඳියාව....
මිහිරි සිහිවටනයේ...."

Sunday, July 29, 2012

හොද යාලුවො....

සමහර හොද යාලුවො ඉන්නවා පෙරුම්පුරලවත් හොයා ගන්න බැරි අය ...
බුදුන් වහන්සේ කල්‍යාණ මිත්‍රයෝ කිව්වේ එහෙම පෙරුම්
පුරාගෙන ආපු දයාබර මිතුරන්ට ...
මිත්‍රත්වය කියන්නෙ අසාමාන්‍ය ආදරණීය බැදීමකට ...
ඒ වගේ ආදරණීය බැදීමක් කෙනෙකුගේ හිතේ ඉබේ පහළ වෙන්නෙත් නෑ ...
කිව්වත් වගේ ඒකට සංසාරේ පෙරුම් පුරන්න ඕන ඇති ...
හොද මිතුරෙක් මිතුරියක් ලබන්නත් පෙර සංසාරයක පිං තියෙන්නම ඕනේ ..

Wednesday, July 25, 2012

සිනහව රැකගනිම

ආදරය ජිවිතයට ඔනේ මොකද අපේ 

ජිවිතය පටන් ගන්නේ ආදරයේන් ඉවර 

වේන්න ඔනේ ආදරයකින් අපේ ජිවිතැක

රාමුවකින් කොටුවේලා එක රාමුවකට

අපි වැටිලා අපි හැමොම බලන්න එක

රාමුවකින් අපිට පුලුවන්නම් එ රාමුවේන්

එලියට ඇවිත් ලොකේ බලන්න ලොකු 

වේනසක්‌ තියනවා අපි ජිවිතය එපා 

කියද්දි ජිවිතය ඉල්ලන අය මොනතරම් 

ඉන්නවද ආදරය ලොකයේ වටිනාම දෙය 

මොන දෙ තිබුනත් ආදරය තරම් බල

වේගයක්‌ ලොකෙම නැ ආදරය වේනුවෙන් 

ජිවිතය දුන්න අය දෙන අය අප අතර 

නැතුව නේමේයි (මනුෂයා) ආදරයනම්

ගංගාවේ පාවේන ඔරැවක්‌ වැනිය මොන

මොහොතේ ජිවිතය අපට ලැබේයිද. 

නොලැබේයිද කියා අප නොදනි ආදරය රැක 

ගත යුතුයි .පරිත්‍යග කල යුතුයි කාලයට 

ඉඩ දිය යුතුයි ....සිනහව රැකගනිමට...නම්...

Sunday, July 22, 2012

කාටද වැඩිපුරම ආදරේ

''කාටද වැඩිපුරම ආදරේ කියල මගෙන් අහන්න එපා .මොකද අද ඔයාට ආදරේ කරන්න හරි මම ජිවත් වෙන්නේ මට ජීවිතය දුන් මගේ අම්මා තාත්තා නිසා.මගේ ජිවිතේ පලමු තැන ඒ දෙන්නා නිසා. දෙවැන්නයි ඔයා. කරුණාකර වරදවා වටහාගන්න එපා. හදවතක් ඇත්නම් ඔබට මා කියූ දෙය වැටහෙන්න ඇති.''

ඔයා ආදරය කරන කෙනාට මෙහෙම කිව්වහම එයා ඔයාගෙ ආදරේ ප්‍රතික්ශේප කරලා ඔයාව දාලා යනවනම් ඔහුට හෝ ඇයට ඔබව තේරුම් ගැනීමට නොහැක.ඔහු හෝ ඇය දෙමවුපියන් ගැන තැකීමක් නොකරන අයෙකි.
යමෙක් දෙමවුපියන්ට ආදරේ නොකරයිනම් ඒ පුද්ගලයාට වෙනත් කිසිවෙකුටද එසේ ආදරය කර නොහැකි බව ඒ කෙනා වටහා ගත්තේනම් ඔහු හෝ ඇය ඔබව කිසි විටක හැර නොයන්නා සේම, ඔබ බොරු බොලඳ බස් කියමින් සිහින ලෝක වල ජීවත් නොවන අවංක ආදරවන්තයෙක් / ආදරවන්තියක් බව දැන ඔබ ගැන සිතින් ආඩම්බර වේවි...

Friday, July 20, 2012

තේරුම් ගන්න බෑ....

ලස්සන කෙල්ලෙක් දැක්කම
ඕනම කොල්ලෙක් ඒ කෙල්ල දිහා
හැරිලා බලනවා...
නැත්තම් ඌ කොල්ලෙක් නෙවේ
එත් ජිවිත කාලය පුරාවට
තමන්ගෙම කරගෙන,
පපුවට තුරුළුකරගෙන,
කියාගන්න බැරිතරමට
ආදරය කරන්න හිතෙන්නේ
එකම එක කෙල්ලෙක්ට විතරයි
ඒත් තමන් කෙල්ලට කොච්චර
ආදරෙයිද කියල කියන්න ඕන උනාට
තේරෙන්නේ නැ
එක කියන්නෙත් නැ
ඒ කොල්ලොන්ගේ හැටි
ගලක් වගේ හිතක් තියනවා
කියල පෙන්නුවට
ඕනිම කොල්ලෙක්ගේ
ඇස් දෙකට කදුලක් ඉනුවොත්
උනන්නේ
ඒ කෙල්ල හින්ද
විතරමයි
අවාසනාවට සමහර කෙල්ලන්ට
ඒක තේරුම් ගන්න බෑ....

Wednesday, July 18, 2012

සිතුවිල්ල....

සෑම දෙයක්ම ලබමින් ජිවත් වන අපි
සුළු අහිමි විමකදි කඩාවෑටේන්නෙ
ලොකයම අහිමි වුනා වගේ....එත්
මදක් ලොකය දෙස බලන්න අපට
හොද නරක දිහා බලන්න පුලුවන්
කෑගලා අඩන්න පුලුවන්
හෑම ශබ්දයක්ම අසන්න පුලුවන්
අපිට දුවන්න පුලුවන්....එත්
අපිට මොනවද නෑත්තේ
අපි ට හෑමදෙම තියනවා හිතේ
සතුට නෑ....මේ දෙවල් නෑති
කේනෙක් දිහා බලන් ඉන්න ඔවුන්ට
හෑමදේම නෑ එත් මුහුණේ හිනාව තියනවා
සතුට තියනවා.....එ නම් ඔවුන් ඈත්තට මුණ දෙනවා ඈත්ත
ඈති සෑටියෙන් ඈයි අප එ අයටත් වඩා දුර්වල වේන්නෙ
ඈයි අපි අඩන්නේ මුණදෙමු ඉදිරියට......ගියදෙ .ගෑන නොසිතන්න
නොහඩන්න වෑටුන තෑනින් නෑගිට ජිවන ගමන අරබන්න...
ඔබට රටක් ඈත ආගමක් ඈත ජාතියක් ඈත අම්මා තාත්තා මේ
හෑම දෙම අපේමයි.....දරාගෑනිමේ ශක්තිය අප සතුට ......හෙට දවසේ ජය අප සතුයි.........

Monday, July 16, 2012

අම්මා.....

ජීවිතයේ අමා පැන් පොද
ඔබයි මගෙ අම්මේ
මේ දිවි කතරේ දැනුන
සිසිල ඔබයි අම්මේ
පැතුම මා ඔබයි සංසාරේ

ජීවන කතරේ දෙපය නගන්නට
විසකුරැ සැහැසි ලොවේ
දෑත දෙපය මගෙ සවිමක් කල
සවිය ඔබයි අම්මේ
පැතුම මා ඔබයි සංසාරේ

උපදින වාරේ අසල රැදෙන්නට
හැමදින නිබද මගේ
සෙනෙහස් දහරෙන් මා සුවපත් කල
ඔසුව ඔබයි අම්මේ
පැතුම මා ඔබයි සංසාරේ ඔබයි සංසාරේ

Thursday, July 12, 2012

තාත්තා..

තාත්තා.....මොන තරම් බරක් හිතට දැනෙන වචනයක් ද...ජිවිතේ මම දන්නා විදිහට අම්මා කියන්න කලින් තමා අපි තාත්තා කියන්නේ...එහෙම කියන්නේ මගේ අම්මා...මම මුලින්ම කිවුවේ තාත්තා කියලලු...සමහර විට ඒ නිසා වෙන්න ඇති තාත්තගේ ආදරේ බරට දැනෙන්නේ...මගේ තාත්තා මට මිල කරන්න බැරි අමිල වස්තුවක්...තාත්තා අපේ ලෝකේ රජෙක් ඒ වගේම වීරයෙක්...තාත්තෙක් ගේ ආදරේ බර අපේ පපුවට දැනෙන්නේ කවදාහරි ඒ පුතා තාත්තා කෙනෙක් උනාම...ඒ දුව දීගෙක යනකොට...අම්මා වගේ ලේ කිරි කරලා නොපෙව්වට...තාත්තගේ දහඩිය ලේ වලට සමයි.....අපි අද යම් තැනක ඉන්නවා නම් ඒ අම්මගෙ වගේම තාත්තගේ දහිරිය ශක්තිය මග පෙන්වීම නිසයි...තාත්තට පපුවේ තියෙන ආදරේ සෙනෙහස පෙන්නන්න බෑ...පෙන්නන්න බෑ නෙමෙයි තාත්තට ඒක පෙන්නන්න තේරෙන්නේ නෑ...ඒත් ඒ හිත ඇතුලේ තියෙන රටක් හොල්ලන්න පුළුවන් තරම් ආදරයක් සෙනෙහසක් දරු කැක්කුමක් තියෙනවා...එහෙම නෑ කියන්න මටවත් ඔයාලටවත් අයිතියක් නෑ...අපි දඟ වැඩක් කළාම අපිට තාත්තා බැන්නොත් හරි ගැහුවොත් හරි අපේ හිත මහා ගොඩක් රිදෙන්නේ අපිට තාත්තගේ ආදරේ මහා මෙරක් වගේ දැනෙන නිසා...මට මගේ තාත්තා අමිලයි...මං දන්නවා ඔයාලටත් එහෙමයි...මගේ අම්මා බුදු වේවා කියනවා වගේ මගේ තාත්තා බුදු වේවා කියන්න බැරි ඇයි අපිට...තාත්තගේ ගුණ ගයන්න පියවරුන්ගේ දිනයක්ම ඕනෙද...තාත්තා අපිට ඇදුමක් අරන් දෙන්නේ...අපි දිහා බලන්නේ ලෝක ළමා දිනයට විතරද...අම්මගෙ ලේ කිරි වලට පඬුරක් දෙනවා නම් තාත්තගේ දහඩිය කදුළු වලට කෝ තැනක්....මට මගේ අම්මා තාත්තා මගේ ඇස් දෙක වගේ..අපිට අපේ ඇස් දෙකට වටිනාකමක් ඉල්ලුවොත් ඇස් දෙකට වටිනාකම් දෙකක් දෙන්න බෑ...ඒ වගේම තමයි අම්මට එක වටිනාකමක් තාත්තට එක වටිනාකමක් දෙන්න බෑ.....෴තාත්තේ තාත්තගේ ආදරේ මට මහමෙරක් වගේ...ඒ ආදරේ බර මට මහමෙරක් වගේ දැනෙනවා...ඔබ වැනි පියෙක් ලබන්නට මම පින් කර ඇත්තෙමි...මතු උපදින හැම භවයකම ඔබ මගේම පියා වී ඉපදේවා කියා පතමි...වෙන මට ඔබෙන් වැඳ වැටී ඉල්ලන්නට දෙයක් නැත...මන්ද ඔබ මට මා ඉල්ලු හැමදේම අඩුවක් නැතුව දී ඇති බැවිනි...ඔබේ ණය මට කවදාවත් ගෙවා නිම කර ගන්නට බැරි බැවින්...ඔබ මට දෙන ආදරයෙන් දශමයක් හෝ ඔබට දෙන්නට උත්සහ කරමි...මට ඇත්තටම කියන්න ඕන උනේ මගේ තාත්තට මං මහා ගොඩාක් ආදරෙයි කියලා..

Monday, July 9, 2012

◄ ◄ සාර්ථක ජීවිතයකට වටිනා අදහස් කිහිපයක්... ►►

◄ ◄ සාර්ථක ජීවිතයකට වටිනා අදහස් කිහිපයක්... ►►

1. කෙනෙකු අපේක්ෂා කරන තරමට වැඩි දෙයක් ඔහුට/ඇයට ලබා දෙන්න, එය කල යුත්තේ හදවතින්මයි.


2. ඔබේ අතේ ඇති හැම සතයක්ම වියදම් නොකරන්න.

...
3. ඔබට ඇසෙන හැමදේම විශ්වාස නොකරන්න.

4. "මම ඔයාට ආදරෙයි...." කියද්දි හදවතින්ම කියන්න.


5. කාගෙන් හෝ සමාව ඉල්ලන විටදි කෙලින්ම ඔහුගේ දෑස දෙස බලන්න.


6. විවාහ ගිවිස ගත යුත්තේ විවාහයට මාස හයකටවත් පෙර බව මතක තබා ගන්න.


7. ඔනෑවට වඩා නිදා නොගන්න.


8. අනෙක් අයගේ සිහින වලට සිනා නොවන්න. සිහින නැති මිනිසුන් තුල බොහෝ අඩු පාඩු තිබෙනවා.


9. හදවත පත්ලෙන්ම ආදරය කරන්න, ඇතැම් විට ඔබට වේදනාව හිමිවිය හැකිය. එහෙත් ජීවිතය සම්පූරණ කර ගැනීමට ඇති එකම මඟ එයයි.


10. යමකට එකඟ නොවන විටදි සාධාරණ ලෙස ගැටෙන්න නමුත් කැත වචන කීමෙන් වලකින්න.


11. යමෙකුගේ වට පිටාවේ සිටින මිනිසුන්ගෙන් හෝ එම පුද්ගලයාගේ නැදෑයන්ගේ මිම්මෙන් එම පුද්ගලයාව නොමනින්න.


12. ඉක්මනින් සිතන්න. සෙමින් කථා කරන්න.


13. ඔබ පිළිතුරු දෙන්නට අකමැති ප්‍රශ්නයක් කිසිවකු විසින් ඇසු විට සිනාවක් පා "ඇයි ඔයාට ඒක දැනගන්න ඕනෙ...?? යනුවෙන් අසන්න.


14. මහා ලොකු ආදරය, මහා ලොකු බලාපොරොත්තු සමඟ ලොකු අවදානමක්ද පවතින බව මතක තබා ගන්න.


15. ඔබේ මව සමඟ නිරතුරුවම අදහස් හුවමාරු කරගන්න.


16. ඔබ පරාජය වුවත් ඉන් ලැබෙන පාඩම ජයග්‍රහනයක් ලෙස සිතන්න.


17. ඔබටම ගෞරව කර ගන්න, අනෙක් අයටත් ගෞරව කරන්න. වගකීමෙන් යුතුව හැම ක්‍රියාවකම නිරත වන්න.


18. නරක කිරීම තුළින් මිතුරන් අහිමි කර නොගන්න.


19. වැරැද්දක් සිදුවු බව වැටහුණු විට වහාම එය නිවැරදි කරන්නට පිවර ගන්න.


20. දුරකථන ඇමතුමකට පිළිතුරු දෙන විට සිනාමුසු වන්න. අමතන්නාට එය හොඳින් දැනෙවි.


21. විවාහ විය යුත්තේ කතාබහ කිරීමට කැමැත්ත දක්වන අයෙකු සමඟයි. මහලු වයසට පත් වෙද්දි අනෙක් හැම හැකියාවකටම වඩා වටින්නේ එය බව මතක තබා ගන්න.


22. හොඳ අවංක ජීවිතයක් ගත කරන්න. ඔබ වයසට ගිය විට ආපසු හැරි බලා සතුටු වන්නට හැකි වේවි.


23. ඔබේ ආදරණීය පුද්ගලයන් සමඟ සිදුවන බහිම්බස් වලදී අතීත සිදුවීම් හෝ වැරදි සිහිපත් නොකරන්න.


24. යම් අවස්ථාවකදී ඔබට වුවමනා දෙයක් නොලැබුනහොත් එය වාසනාවක් වීමටද ඉඩ ඇති බව මතක තබා ගන්න.


25. එකිනෙකාව වුවමනා කරන දෙදෙනෙකුට වඩා එකිනෙකාට ආදරය කරන දෙදෙනෙකු අතර ඇති සම්බන්ධය බලවත් බව මතක තබා ගන්න.

Sunday, July 8, 2012

සෑම දෙයක්ම තාවකාලිකව බව වටහා ගමු..

ස්තිරවම ආදරයෙන් බෑදුනත්
ජිවිතය උහුලන්න බෑරි
සතුට රෑදුනත් ජිවිතයම
අපට අයිති වුවත්......
ඈත්තටම ජිවිතය අපටවත්
අයිති නෑහෑ ජිවින මන්සලේ
තාවකාලිකව රෑදෙන අපි
ඈයි දුක් කරදර වෛරය
සිත්තුල තියාගන ජිවන
මග යන්නෙ අපිවත්
අයිති නෑති නවාතෑනක
හිද ස්තිර නවාතෑන් අයිති
කරෑවන් ලෙස අප ඈයි
හෑසිරෙන්නෙ සෑම දෙයක්ම තාවකාලිකව බව වටහා ගමු..........

Thursday, July 5, 2012

ජිවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්...........

ජිවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්.පුදුමාකාර මැවිමක්...අපි බොහෝ විට හිතන්නේ ජිවිතය කියන්නේ මේ අප ජිවත්වෙන " මොහොත " පමණයි කියලා.ජිවිතයේ " අතීතය " ගෙවි ගිහින් අවසානයි..ඒ නිසා ඒ ගැන කතා කරලා වැඩක් නෑ. ඒ වගේම මේ ජිවිතයේ අනාගතය ගැනත් කතා කරලා ...වැඩක් නෑ.. අපි ජිවත් වෙන්නේ මේ මොහොත තුළ පමනයි.ඒ කියන්නේ වර්තමානය විතරයි..ඒ නිසා ගෙවිච්ච අතීතයක් උදා නොවෙච්ච අනාගතයක් අමතක කරලා ජිවත්වෙන වර්තමානය ගැන හිතුවාම ඇති....


එත්...එහෙම හිතලා මේ මොහොතේ පමණක් වර්තමානයේ පමණක් ජිවත්වෙන්නේ කවුද...

කිසිම කෙනෙක් නෑ..

අපි හුස්ම ගන්නේ මේ මොහොතේ තුළ බව ඇත්ත..එත් අපේ හදවත..ඒක හිටපු ගමන් අතීතයට දුවනවා...හිතුණාම ඇවිත් වර්තමානයේ මොහොතක් ඉන්නවා.අයෙත් ගාල කඩාගෙන අනාගතයට දුවනවා අයෙත් අතීතයට යනවා.

අපේ හදවත ...එහෙම නැත්තම් සිතුවිලි දින සති මාස අවුරුදු කාල වකවනු ගැන දන්නේ නෑ..එයා මහා පුදුම කෙනෙක්.වෙලාවකට අතීතයේ නතර වෙලා අතීතයේ විඳ දුකක් වෙනුවෙන් අඬ අඬ ඉන්නවා...එහෙම ඉන්න ගමන්ම අනාගතයේ විඳින්න බලාපොරොත්තු වෙන සතුටක් ගැන හීන දැක දැක තනියම හිනා වෙනවා...

ඒ නිසා කවුරු කොහොම කිව්වත් කාටවත්ම මේ මොහොත තුල පමනක් වර්තමානය තුල පමනක් ජිවත්වෙන්න බෑ...
අතීතයත් වර්ත්මානයත් අනාගතයත් තුනම අපට වැදගත්

අතීතය කියන්නේ ගෙවිච්ච මොහොතට.එකේ තියන්නේ "මතකයක්" නැත්තම් "සැමරුමක්"

වර්තමානය කියන්නෙ මේ ගෙවෙන මොහොතට.එකේ තියන්නේ "ක්‍රියවක්" නැත්තම් "සිදුවිමක්".

අනාගතය කියන්නේ උදාවෙන මොහොතට.ඒ තුළ තියන්නේ "හීනයක්"..."බලාපොරොත්තුවක්"..යමක් කරන්නට ඇති සැලසුමක්....

Wednesday, July 4, 2012

සැහැල්ලුව......

ජීවිතය ජීවත් වෙන්නේ ආදරය නිසා. ඒ ආදරය අසීමිතව දෙන්න. එය පෙරළා අපේක්ෂා නොකර. බලන්න ජීවිතයට දැනෙන සැහැල්ලුව!අපි හොඳක් කරන හැමෝම අපිට හොඳක් කරන්නෙ නෑ.ඒත් නපුර හිතට ළං කරගන්න එපා.හැමදාම හොඳදේම කරන්න.හොඳ වචන කතා කරන්න.බලන්න ජීවිතයට දැනෙන සැහැල්ලුව!

ආදරය

ඔබ ඔබේ ජීවිතේ කවදා හරි කාට හරි ආදරේ කරලා තියෙනවා නේද...?අපේ හදවත් වලට ආදරය තරම් දැනෙන,ඒ වෙනුවෙන් දුක් වෙන වෙන කිසිම හැඟීමක් තවත් නැහැ...ඔබ කොහොම ආදරය කරනවද,කොහොම අදරය විදිනවද කියල කියන්න මම දන්නේ නෑ..ආදරයෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන්න මම දන්නෙත් නෑ...
අපිට ඕන කෙනෙක්ට ආදරේ කරන්නත් පුලුවන්,ඕන කෙනෙක්ගෙන් ආදරෙ ලබාගන්නත් පුලුවන්...හැබැයි නිර්ලොබී සෙනෙහසක් සහ ආදරයක් ලබන්න නම් අපරිමිත කැපවීමක් තිබිය යුතුමයි...මතක තියා ගන්න ආදරයයි සෙනෙහසයි අතරෙ පැහැදිලි වෙනසක් තියෙනවා....
ආදරය කියන්නෙ ආශාවට..ලෝබකමට..ඔබ දකින දේවල් ලබාගන්න ඇති වෙන ආශාවට ඔබ කරන්නේ ආදරය කරන එක..නමුත් සෙනෙහසක් එහෙම නැහැ...
අපේ අම්මලා තාත්තලගෙන් අපට ලැබෙන්නේ අපරිමිත සෙනෙහසක්..ආදරයකයි සෙනෙහසකයි තියෙන ප්රදාන වෙනස තමා කැප කිරීම...තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් ජීවිතේ කැප කිරීම කියන්නෙ අපරිමිත සෙනෙහසක්....අම්මලා තාත්තලා අපිට ආදරය කරන්නේ අපෙන් කිසිම දෙයක් බලපොරොත්තුවෙන් නෙවෙයි...ඔවුන් කැමතියි අපි අපේ ජීවිතේ හදා ගන්නවට...අපි දියුනු වෙනවට...
අපේ ජීවිතේ ලස්සන කරගන්නවට...අපේ ජීවිතේ ලස්සන වුනා කියලා ඔවුන් ට තියෙන එකම ප්රයෝජනය තම සතුට..වෙන කිසිම ලාබ ප්රයෝජනයක් නැහැ....සෙනෙහසක් කියන්නේ එහෙම දේකට...
නිකමට හිතන්න ඔබ ආදරය කරන පෙම්වතා./පෙම්වතිය ඔබේ ජීවිතය වෙනුවෙන් කොච්චර කැපවෙනවද....?ඔබේ දියුනුව වෙනුවෙන් කොච්චර කැපවෙනවද...ඔබේ දියුනුවම විතරක් බලාපොරොත්තුවෙන් ඉන්නවද...?එහෙම පෙම්වතෙක්/පෙම්වතියක් ලබන්න ඇත්තටම පින් කරන්න ඕන..ඒ වගේ ආදරයක් ලැබෙන්නේ කලාතුරකින්..ඒක ආදරයකට වඩා සෙනෙහසක්
හිතට සතුටක් සැනසීමක් වගේම සැහැල්ලුවක් ලැබෙන්නේ එවැනි සෙනෙහෙවන්තයෙක් හමුවුනදාට...

Friday, June 29, 2012

ජීවිතය

ජීවිතය තියෙන්නේ විදින්න
මිසක් .... විදවන්න නෙවේ
එත් ... අපි ජිවිත කලේ පුරාවටම
වැඩිපුරම කරන්නේ විදවන එක...
එක දයිවයේ නපුරුම පලිගැනීමක්....

ඇස් තියෙන්නේ ආසා කරන දේවල් බලන්න
මිසක් .... ඒවා බලල කඳුළු හෙලන්න නෙවේ
එත් අපි ජිවිත කාලෙම කරන්නේ
මහවැලියටත් වඩා කඳුළු හෙලන එක
එක දරාගන්න බැරි අවාසනාවක්.....

හදවත තියෙන්නේ සැනසෙන්න
මිසක්.... අවුලගන දුක් විදින්න නෙවේ
එත් අපි ජිවිත කලේ පුරාම කරන්නේ
පපුව ගින්දරින් අවුලන එක
එක දර ගන්න බැරි දුකක්...

ආදරය තියෙන්නේ එක් වෙන්න
මිසක්.... වෙන් වෙන්න නෙවේ
එත් අපි ජිවිත කලේ පුරාවටම කරන්නේ
වෙන් වෙන එකම තමයි
ඒක හමු වීමට වඩා කටුක දෙයක්.....

Wednesday, June 27, 2012

පාළුව,තනිකම.....

ඔබ නැති හැම තප්පරයක්ම
මට..
පාළුවක්,තනිකමක් ගෙනාවා.
මම එක යටපත් කරන් ඔයා එක්ක මනසින් ජිවත් වුනා.
ඒ මගේ බොළද කමද ?ආදරේ බොළද කමද ?මම හෙව්වෙ නැ..
ඒත් මම දැක්කෙ ඔය ලෙන්ගතු ආදරේ විතරයි.
ඔය ආදරේ ලග ගුලිවෙලා ඉන්න,
ඔයාගෙ අතින් මගෙ ඔළුව අතගා ගන්න
කරපු පිං තව මදි වෙලා..
පාරමි පුරන්නෙ එකටයි මන්
හැමදාම.......♥

Tuesday, June 26, 2012

ජිවිතේ හරි පුදුමයි..

ජිවිතේ හරි පුදුමයි..
සමහර වෙලාවට අපි අපේ පාණටත් වඩා ආදරේ කරන අයත් එක්ක අපිට ඉන්න වෙන්නේ සිමිත කාලයයි..
සමහර විට ඒ තත්පරයක් දෙකක් වෙන්නත් පුලුවන්..
ඒ තත්පර,දෙක උනත් අපි ගොඩක් සතුටෙන් කාලය ගත කරනවා...
ඒ මිහිරි මතකයන් අපේ ජිවිතේට හැමදාකම මතක් කරලා දිලා සතුටක් දෙනවා
ඒ වගේම අපිව ජිවත් කරවනවා...

Monday, June 25, 2012

ජීවිතය.....

ජීවිතය.....

‌‍* අභියෝගයකි - ජය ගන්න
* ත්‍යාගයකි - පිළිගන්න
* දුකකි - දරා ගන්න
* රාජකාරියකි - ඉටු කරන්න
* ක්‍රීඩාවකි - ජය ගන්න
* බලාපොරොත්තුවකි - ඉෂ්ටකරගන්න
* ගැටලුවකි - විසදන්න
* තරගයකි - ජය ගන්න
* සුන්දරය - වර්ණනා කරන්න
* සතුටකි - භුක්ති විදින්න
* අවස්ථාවකි - ප්‍රයෝජනයට ගන්න
* යුතුකමකි - ඉටු කරගන්න
* ආලයකි - පෙම් කරන්න
* අලංකාරයකි - ආඩම්බර වන්න
* දිගු ගමනකි - සම්පුර්ණ කරන්න
* ජිවයකි - ජිවත්වන්න

Sunday, June 24, 2012

ඔබ ලගම හිදින්නම්....

මුලු ජීවිතේ පුරාවට
ඔබෙ ලගට වී හිදින්නට
වරම් මට නැතුවාට...
ජීවිතේ තනි දැනෙන මොහොතක
ඔබෙ ලගින් හිදින්නම්....
නුබත් සමගින් නුබට ලන්වී
සිනාසෙන්න බැරිවූවාට...
හිත පුරා දුක දැනෙන මොහොතක
ඔබ ලගම හිදින්නම්....
මේ ඇස් පියන් යට
මොහොතකට හෝ ඇවිත් නුබ රැදෙයි නම්...
නුබේ තුරුලේම මා
මේ දෑස් පියන්නම්.......♥ ♥

Friday, June 22, 2012

ඔයා ඉක්මනට එන්නකෝ.....

ඉවසිල්ලක් නැතිව මග බලන ඇස් දෙකට
සැනසිල්ලේ ඔයා දිහා බලාගන ඉන්න
ඔයා කොයි වෙලේද හිනාවක් අරගන
මගේ ඇස් ඉස්සරහට මතු වෙන්නේ
දැන් නම් මට මග බලලම ඇති වෙලා ඔයා එක්ක තරහත් එනවා
හ්ම්ම් අද එන්නකෝ
බොරු තරහක් අරගන පැත්තකට වෙලා බුම්මගන ඉන්නම් මම
ඇවිල්ල පුළුවන් විදියකට යාලු කරගන්නයි තියෙන්නේ
අදනම් යාලු වෙන්නෙම නෑ
එහෙම කිව්වට තරහ වෙලා ලගින් ඉන්න හරි කමක් නෑ
ඔයා ඉක්මනට එන්නකෝ.....

Wednesday, June 20, 2012

ආදරය......

කාගේ වුනත් ජීවිතය නලවන...
කාගේ වුනත් ජීවිතය හඬවන....
කාගේ වුනත් ජීවිතය හොලවන...ලස්සන කරන්න..විනාශ කරන්න මේ අකුරු හතරට මොන තරම් බලයක් තියනවද?
මේ අකුරු හතර ඇතුලේ ජිවිතේ ගෙවන කෙනා ජිවිතේ විඳිනවා
මේ අකුරු හතර ජිවිතෙන් අයින් කරගත්ත කෙනා ජිවිතේ විඳවනවා.විදින්න විඳවන්න රඟන්න රඟ දෙන්න කරන්න ඕනි දෙයක් තමයි...ආදරේ...

Tuesday, June 19, 2012

ආදරය කරන්න..

ආදරය කරන්න..
තමන් ආදරේ කරන කෙනාගෙන් පෙරලා ආදරයක් ලබන්න...
අපි කවුරුත් කැමතියි..
ඒත් ඒ ආදරේ අපිව රවට්ටල ගියොත්..?? හ්ම්.. ප්‍රශ්නයක් නේද?? පොඩි නෙමේ ලොකු ප්‍රශ්නයක් ඒක අපේ හදවතට..
තමන් ආදරේ කරන කෙනා.. ඔයාට ඇත්තට ආදරේ කලත් නොකලත්..ඔයා අවංකව ආදරේ කරන්න... කවදහරි ඔයට මතක් කරල සතුටු වෙන්න පුළුවන් වෙයි..මම ඇත්තටම ආදරෙ කලා නේද කියලා.. ඒ වගේම එයා කවදහරි දුක් වෙයි.. අනේ මට අවංක ආදරය අඳුරගන්න බැරි උනා නේද කියල..
ආදරය කියන්නෙ පරිත්‍යාගයක්..අයිතිකර ගැනීමම නෙමෙයි..

Monday, June 18, 2012

ජීවිතය

ජීවිතය
******
ජීවිතය කියන්නෙ
වෙලාවකට විදවන
තවත් වෙලාවකට විදින
තමන් කලදේ ගැන දුක්‌වෙන
වෙලාවකට සතුටක්‌ හිතෙන
වෙලාවකට හඩා වැලපෙන
වෙලාවකට සිනාසෙන
වෙලාවකට අඩමින් සිනාසෙන
පැතුම් ගොන්නක්‌ හිතේ ගොළුකර ගනිපු
හරිම අපූරු දෙයක්‌..

Sunday, June 17, 2012

ආදරණීයයන්ට සෙනෙහසින්...

අපේ ජීවිත වලට විවිධාකාර මින්ස්සු මුණගැහෙනවා.
ඒත් ඒ හැමෝම අපේ යාලුවො වෙන්නෙ නෑ.
ඒ වගේම යාලුවො වුන ටික දෙනා හැමදාමත් හිත්වල ජීවත් වෙනවා...
කවද හරි අපි අපිට මුනගැහේවි.
සමහර විට කවදාවත්ම එහෙම නොවේවි...
ඒත් අපේ යාලුකම හිත ඇතුලෙ තාමත් ජීවත් වෙනවා.
මේ කවිය අන්න ඒ ආදරණීයයන්ට සෙනෙහසින්...

Friday, June 15, 2012

අමතක කරන්න එපා....

ඔබ ඉහළට නගින විට අතරමගදී හමුවන පුද්ගලයන් අමතක කරන්න එපා.
ඊට හේතුව ඔබ පහළ බසින විට ඔවුන් නැවත මුණ ගැසිය හැකි හෙයිනි.

සතුට

කියා ගන්න බරි සතුටක්,
සිත වෙලා ගෙන.,
ඒ ඇයි දන්නවාද...
මම හරි වාසනාවන්තයි..
කියලා දැනෙන නිසා.,
දෙවියන් මම වෙනුවෙන්.
ආදරයක් මවලා....
ආදරයක් තිලිණකරලා..
සදා කාලයටම,,
ඔයා දන්නවාද වස්තූවේ ඒ.
කවුද කියලා.......
මගේ ඒ ආදර වස්සානේ.
නුඹයි රත්තරනේ....
මම වෙනුවෙන් මැව්.
මගේ ආදර ගමන් මගේ.
සදාකාලීක නිවහනයි නුඹයි පැතුමි .... ♥♥

Thursday, June 14, 2012

ජිවිතේ ගැඹුරටම කිමිදෙන්න..

ඔබට දුරස්වන්නාට සතුටින් අත වනන්න..
ඔබට සමීප වන්නාට දෑත දිගු කරන්න..

ඔබට නොලැබෙන දෙයට ෛවර නොකරන්න..
ලද දේවල් වලට සමීප වන්න..

වැරදුනු තැනට හේතු විමසන්න..
නිවැරදි තැනට උඩගු නොවන්න..

නමුදු........
ප්‍රර්ථනා බිඳුණු තැනට කඳුළු වැය නොකරන්න..
එවිට........
නුඹ සැඟ වු කඳුළු මතු දාක
සිනාවන් හා සම සමව එක්ව විඳගන්න
ශේෂ වනු සත්තයි...

ඇසුනාට කීවාට
දඩිබිඩි නොවන්න
දෑසින්ම දැක්කාම බුද්ධියෙන් විමසන්න
පරාජය වුවාට පසු අඩි නොතබන්න..
කඳුළු පැරදුම අසල
ජය සතුට නෙත් මානයෙන්
ඇසුරකට දුර වුවත්
ජිවිතේ ගැඹුරටම කිමිදෙන්න..

Wednesday, June 13, 2012

ජීවිතයට ඉඩ දෙන්න...


ජීවිතයට ඉඩ දෙන්න...

අතේ කුඩයක් තියෙන මිනිස්සු වැස්සට බය නෑ...
හිතේ හයියක් තියෙන මිනිස්සු ප්‍රශ්න වලට බය නෑ...

නිවැරදිම පුද්ගලයන් ජීවිතයට ලං කරගන්න නම්...
වැරදි පුද්ගලයන්ට ජීවිතයෙන් යන්න දෙන්න...

Photo හරි ලස්සනයි...
ඒවට හිත් focus නොවෙන නිසා...

මිනිස්සුන්ට ඕන තමන් ගොඩාක් කැමති, ආදරය කරන, ආස කරන දේවල් එක මොහොතකට හරි තමන්ගේ කරගන්න...
ඒත් එහෙම දේවල් දිහා ඈතින් ඉඳන් බලලා සතුටු වෙනව නම් ජීවිතයට දුක කියන දේ උරුම වෙන්නේ නෑ...

ලස්සනම කෙනාට නෙවෙයි...
ඔයාගේ ලෝකය ලස්සන කරන්න පුලුවන් කෙනාට ආදරය කරන්න...

Tuesday, June 12, 2012

කවදාවත් ඇත් වෙන්න එපා

මං මටත් වඩා ආදරේ කරන ඔයා
ලග නැතුවහම මට ගොඩාක් පලුයි දැන්...
ඔයා දැන් මගෙ ජිවිතෙම වෙලා...
ඔයාට මං බනිද්දි බයම බය ගුල්ලියෙක් වගෙ
අහන් ඉද්දි මට ගොඩාක් දුක හිතෙනවා...
මං මේ තරම් පිස්සු වැඩ කරද්දිත්
ඔයා මත් එක්ක තරහ වෙන්නැත්තේ
මාව එච්චරටම තෙරුම් ගත්ත නිසාද...
ඔයාව මගෙ කරගන්න බැරි වුනත්
ඔයාගෙන් ලැබෙන මේ යාළුකමට
මං ගොඩාක් ආදරේයි...
මාව තනි නොකර මගෙ ලගින්ම
සදහටම ඉන්න...
කවදාවත් ඇත් වෙන්න එපා...

ජිවිතය

ජිවිතය විනිශ්චය කිරිමට
ඔබ කවුරෑන්ද?
මා නිර්දොෂි නෑති බව
මා දනිමි,
නිර්දොෂි නොවන්නෙමි
එහෙත්
ඔබ ඈගිල්ලි දිගු කිරිමට
පෙර
ඔබ නිවෑරදිද කියා
සෑක හෑර දෑන ගන්න

Monday, June 11, 2012

ජිවිතේ වෙනස් වෙන විදිය....
හිතාගන්නවත් බෑ.......
දවසින් දවස.......
පැයෙන් පැය....
තත්පරෙන් තත්පරේ.....
මුළු ලොකෙම වෙනස් වෙනවා...
මිනිස්සු වෙනස් වෙන්නෙ මොන තරම්
ඉක්මනින්ද........‍?