Monday, October 29, 2012

ආදරේන් ඉමු නේද?............

මන් දන්නේ නෑ මාව ඔයා කවද තේරුම් ගනීද කියල වස්තුවේ.ඔයා වගෙම ඔයා මගෙන් බලාපොරොත්තු වෙන හැමදේම මාත් ඔයාගෙන් බලපොරොත්තු වෙනවා.ඔයාට විතරක් නෙමෙ දුක දැනෙන්නේ.මටත් දැනෙනවා.ඔයාට නිකන් හරි miss call එකක් මන් නොදුන්නොත් ඔයාට දුක හිතෙනවා.ඒත් මට ඔයාගෙන් call එකක්වත් නෑ.ඒක ඔයාගෙ වරදක් නෙමේ කියල මන් තේරුම් අරන් ඉන්නේ.ඒත් කතා කරන පුන්චි වෙලාවෙදි හරි මට වෙනසක් නොකර කතා කරන්න.එතකොට මේ ආදරේ මීටත් වඩා මට දැනේවී.ඔයාගේ ජීවිතෙන් පුන්චි ඉඩක් වෙලාවක් මටත් දෙන්න.එතකොට මටත් දැනෙවි ඔයාට මාවත් නිතරම ඕනි කියල.නැත්තන් මට හරි දුකයි වස්තු.ඔයාට මාව නිතරම ඕන වගේම මටත් ඔයාව නිතරම ඕන වස්තුවේ.ඔයා මගෙන් ආදරේ හැම මොහොතකම බලපොරොත්තු වෙනව වගේ මත් ඔයාගෙන් හැම මොහොතකම ආදරේ හොයනවා.අනේ ඒක හන්ගගෙන වගේ ආදරේ දෙන්න එප.දැනෙන්නම ආදරේ දෙන්න.නැත්තන් මට හිතෙවී මන් විතරක් තනියම ආදරේ කරනව කියල.කොහොමද ඒ දැනෙන හැගීම සතුටක් කියල හිතන්නේ?ඒ හැගීම හරිම දුකක් මැණික.ඉවසන්න බැරි දුකක්.ඔයාගේ phone එකේ ලෙඩක්.message එකක්වත් යන්නෙ නෑ..එක මට කොච්චර දුකක්ද?මන් තනි වෙලා වගේ දෑනෙනවා..ඔයා මගෙන් ආදරේ හුගක් හොයනවා.මත් ඔ
යාගෙන් ආදරේ හුගක් හොයනවා.ඔයට නිකන් හරි මන් කතා නොකලොත් ඔයා එදාට පොඩි එකෙක් වගේ මගෙන් අහනවා ඇයි අද මට කතා නොකලෙ මාව අමතක උනාද කියලා.ඔයාට මාව අමතක උනත් මට ඔයාව කවදාවත් අමතක වෙන්නේ නෑ මගේ රත්තරන්.එත් ඔයාට තරහ ගියාම ඔය මට ඔහොම කරනවා එතකොට හිතෙන්නෙ නැද්ද මන් කොහොමද ඒවා ඉවසුවේ කියලා.එහෙම කරන්න එපා.මොකද ඔයාට දැනෙන දුකම මටත් දැනෙනවා කියල හිතන්න.අන්න එදට ඔයා මට ඔය විදිහට සලකන එකක් නෑ.ඔයාටත් හිතේවි ඔයා කලේ වැරෑද්දක් කියලා.ආදරේ කියන්නෙ එක්කෙනෙක් විතරක් කරන දෙයක්වත් එක්කෙනෙක්ගේ පැත්තකින් විතරක් බලපොරොත්තු වෙන එකවත් නෙමේ මැණික.දෙන්නෙක්ගෙම හිත් වල එකිනෙකා ගැන ඇති වෙන හැගීමක්.දෙන්නම ඒ ආදරෙට යුතුකම් ඉටුකරන්න ඔන වගකීමක්.නැත්තන් ඒ ආදරෙ ඒකපර්ශවිකයි.එහෙම ආදරයක් මොකටද?දෙන්නෙක් ආදරෙ කරන්න ගන්නේ ඒ දෙන්නම ආදරේ බලපොරොත්තුවෙන් නම් දෙන්නම ඒ අදරේ වෙනුවෙන් යුතුකම් ඉශ්ට කරන්න ඕනා.අන්න එදාට ඒ අදරේ හුගාක් ශක්තිමත් වේවි.තරහ වෙන්න එපා මගේ පන.මේ කියන්නෙ හිතේ දුකත් එක්කම මට හිතෙන දැනෙන දේ.ඒ වගේම් වෙන්න ඔනයි කියල හිතේන දේ.අපි වැරදි හදාගෙන ආදරෙන් ඉමු මගේ වස්තුවේ.වැරදි කා අතිනුත් වෙනවනේ.අපි හැදේමු.මන් කිව්වෙ ඇත්ත නේද?සමාව දෙන්නම් වස්තුවෙ..ඔන්න මගෙන් නලලට හාද්දක්.දැන් ඉතින් අපි ඔවා අමතක කරල වැරදි හදාගෙන මීටත් වඩා ආදරේන් ඉමු නේද?

Tuesday, October 16, 2012

පෙම් සබඳතාවක් බිඳ වැටූණොත් රටට සමාජයට මූහූණ දීමට සිත හදාගන්න හැටි දන්නවාද? .........



පෙම් සබඳතාවයක් බිඳ වැටී හඬමින් ලතවෙවී සිටින ඔබට

සිය පෙම් සබඳතාව බිඳී යෑම දරා ගනූ බැරි සිත් වේදනාවකි. සති මාස ගණනින් හඬමින් කල්පනා කරන්නේ යළිත් තනිකඩ දිවියට මූහූණ දෙන්නේ කෙසේද යන්න සිතමිනි. තවද සිදුවූයේ කුමක්ද දෙදෙනා අතර මහත් වූ ගැටළුව කුමක්දැයි ඔබට සේම ළඟින් ඇසූරු කළ සැමටම ගැටළුවකි. එහෙයින් මව්පියන් හෝ මිතුරු මිතුරියන් අසන ප්‍රශ්

නවලට පිළිතුරු දීම සියල්ලටම වඩා කරදරයකි.

විවාහවීමට සිතා දිගු කලක් එකට කල් ගෙවීමෙන් ඔහූ/ඇය පිළිබඳව ඥාතීන් සේම මිතුරන් සියල්ලම දනිති. එවිට බස් රියේදී, දුම්රියේදී, කාර්යාලයේදී, අසල් වැසියන් හා ඥාතීන් හමූවූ විටදී ඔහූ පිළිබඳව විමසීම අමතක කිරීමට වෙර දරණ අතීතය යළි සිහිපත් වීමකි.


මීළඟට සියලු ගමන් බිමන්වල යෙදුනේ ඔහූ/ඇය සමගිනි. ඇඳුම් පැළඳුම් ආයිත්තම් තෝරා දුන්නේ ඔහූ/ඇය විසිනි. මිතුරෙකුගේ සාදයකට හෝ මංගල උත්සවයකට ගියේ ද ඔහූ/ඇය සමගිනි. ඔහූගේ/ඇයගේ ඈත්වීමෙන් ඒ සියලු දේ තනිවම ඉටූකර ගැනීමට සිදුවීමද එක්තරා අන්දමක අභියෝගයකි. එහෙයින් ඔබේ වේදනාකාරී හූදකලා දිවියට අමතරව අලුත් වගකීමක් දැරීමට ද සිදුවෙයි.


ඒ අයූරින් ඔහූ/ඇය හදිසියේ කුමන හෝ පදනමකින් ඔබෙන් ඈත් වූවොත් අලුත් හූදකලා දිවියට ඔබ ඉකිමනින් හූරුවන්නේ කුමන උපක්‍රම තුළින් දෑයි විමසා බලමූ.


ඔහූ/ඇය සිතින් පළවා නොහැරීම


දරා ගනූ බැරි වේදනාවක් හිමිකර දී ඔහූ/ඇය ඔබ හැර ගියේ නම් ඔහූ සිතට බලපාන ආකාරයෙන් ඈත් කිරීමට වෙර දෑරීම සූදුසූ නොවේ. යැයි ප්‍රකට සායනික මනෝ වෛද්‍යවරියක වන වර්කා වූලනී පවසන්නීය. ඒ වෙනූවට කළයූතු වඩාත්ම වැදගත්ම දේ වන්නේ ඔහූ/ඇය හැර ගිය හේතුවට යථාර්ථවාදීව බැල්මක් හෙළීමයි. එය දෙස ශුභවාදී ආකල්පයකින් හෙවත් එය සිදුවූයේ යහපතට බව සිතීමයි. හැරගිය ඔහූ/ඇය යළි සිහිපත් නොකරන්නේ යැයි සිතන තත්ත්පරයකින් යළිත් ඔහූ/ඇය සිහිපත් වීම ස්වාභාවිකයි. එහෙයින් ඔහූ/ඇය අමතක කිරීමට මූලිකවම උත්සාහ නොදරන්න.


බොහෝ පෙම් සබඳතා බිඳී යන්නේ හදිසි සිදුවීමක් ලෙසිනි. එම හැර යාමට අවශ්‍ය මූලික ස්ථාවරත්වයක් මාස ගණනකට පෙර සිටම ක්‍රියාත්මක වේ. ඒ අතර මූලින්ම ඇත්තේ දෙදෙනා අතර ඇති කුමන හෝ නොගැලපීම්ය. එය මානසික, ධනය, රැකියාව රුචි අරුචිකම් උගත්කම ආදී වශයෙන් විවිධාකාර වූ නොගැළපීම් වීමට හැකියි.


එහෙයින් එම සබඳතාවය අමතක කිරීමට ඇති පහසූම මඟවන්නේ සබඳතාවය පවතිද්දී ඉස්මතු වූ නොගැළපීම් හා එයින් දෙදෙනා අතර මතු වූ ගැටීම්ය. ඒවා දිගින් දිගටම නිරන්තරයෙන්ම සිදුවූ අන්දම සිහිපත් කළ විටදී එය නොගැළපෙන සම්බන්ධතාවයක් බව ඔබට වැටහේ. එයට අමතරව විවිධ මත ගැටූම් හා අදහස් නොගැළපීමෙන් ඔබට සිදු වූ ලැජ්ජාවත් හා හැඬූ දිනයන් සිහිපත් කරද්දී එම ඈත්වීම් සියූම් සාධාරණයක් හා යහපතකකි. මීළඟට ඔබ සිතිය යූත්තේ ඔහූ/ඇය සමග දිගින් දිගටම ඇසූරු කළේ නම් හෝ විවාහ වූයේනම් විඳින්නට සිදුවන හිරිහැර හා මානසික වේදනාවන්ය. එවිට ඔබේ සිතින් එම සබඳතාව බිඳ යෑමෙන් ඇති වූ වේදනාව දුරුවේ.


එහෙයින් පෙම් සබඳතාවයක් බිඳීගිය විටදී ඔබට මෙම උපක්‍රම කිහිපයත් අනූගමනය කිරීමට හැකියි.


1. සූපූරුදු පරිසරය අත් හැර අලුත් පරිසරයකට ඇතුළුවන්න.


2. අලුත් මිතුරන් පිරිසක් අතරට එක්වන්න


3. කාර්යාල සේවිකාවක්/සේවකයෙක් නම් හැකිතරමින් රාජකාරියේ නිතරවන්න.


4. වසරක තරම් කාලයක් සහමූලින්ම යෙදිය හැකි අලුත් ප්‍රයෝජනවත් පාඨමාලාවක් හදාරන්න.


5. සබඳතාවය බිඳීගිය අලුතදීම ජංගම දුරකතනය අක්‍රීය කර තබන්න. නොමැති නම් ඔබ තත්ත්පරෙන් තත්ත්පරය එදෙස බලන්නේ ඔහූගෙන්/ඇයගෙන් ඇමතුමක් ලැබී ඇතිද යන්නයි. එය මතකය අලුත් කරගැනීමකි.


6. තොරතුරු විමසීමට සහෝදර හෝ මිත්‍රකමට කතා බහ කිරීමට හෝ දුක පැවසීමට සේම ඇසීමට ඔහූට/ඇයට දුරකතනයෙන් නොඅමතන්න. ඔහූගේ/ඇයගේ ඇමතුම්වලට සවන් නොදෙන්න. ඔබ තරයේම සිතිය යූත්තේ කුමන පදනමක් මත හෝ ඔහූට/ඇයට නොඅමතන ලෙසිනි. එයට හේතුව ලෙසින් දෑක්විය යූත්තේ එය අනවශ්‍ය සබඳතාවයක් බවයි.


7. ඔහූ/ඇය ඔබ පිළිබඳ විවිධ පූද්ගලයන් සමග පැවසූ දේවල්වලට උත්තර බැඳීමටද ඉදිරිපත් නොවන්න.


නිතර හමූවන්න වූනොත්


ඇතැම් පෙම් සබඳතා බිඳ යෑමෙන් පසූව විඳින සිත් වේදනාව ප්‍රබල වශයෙන් දෙදෙනාට දැනෙන්නේ තව දුරටත් නිතර හමූවීමට සිදුවීම නිසාය. එකම කාර්යාලයේ, නිවෙස අසල සිටින දෙදෙනෙකු මිතුරෙකු සොයූරෙකු ආදී වශයෙන් වූ විටදීද නිතර හමූවීමක් සිදුවේ. එවන් අවස්ථාවලදී ඔබට කළ හැකි දේ.


1. හැකිනම් වෙන කාර්යාලයකට මාරුවක් ගැනීම


2. ඔහූව/ඇයව හැකිතරම් මඟහැරීම, දුටූවත් නොදුටූවාසේ යාම,


3. මිතුරන්ට ඒ බව දෑන්වීමෙන් ඔවූන් ඔබේ සහයට ඉදිරිපත් වී සිතට අවශ්‍ය ශක්තිය සැපයේ.


4. පෙර සේ එක්ව රාජකාරි කටයූතුවල නොයෙදීම


5. දෙදෙනා එකිනෙකාට දුන් සියලු දේ ආපසූ හූවමාරු කර ගැනීම.


වරදක් බව සිතන්න


පෙම් සබඳතාව බිඳී පෙම්වතිය හැර යාමෙන් මද කලකට පසූව ඔහූගේ/ඇයගේ සිතේ සියූම් කලකිරීමක් හෝ පසූතැවීමක් ඇති වේ. එයට හේතුව වන්නේ කුමන වැරදි තිබූණද ඔබේ යහපත් ගතිගුණ අලුත් පෙම්වතා/පෙම්වතිය ළඟ නොමැති වීමෙනි. එවිට ඔහූ කරන්නේ විවිධ පාපොච්චාරණයන් කිරීමට ඔබව හමූවීමට, සූහදව කතා බහ කිරීමට, සමීපව ඇසූරු කිරීමට ප්‍රියවීම හා ඒ බව දෑන්වීමය. බොහෝ කතුන්/පිරිමින් ඒ උගුලට අසූවේ. මන්ද ඔබ තවමත් ඔහූට/ඇයට ආදරය කරන හෙයින් ප්‍රතික්ෂේප කිරීමේ නොහැකියාවක් ඇතිවීමයි. නමූත් මෙහිදී ඔබ තේරුම් ගත යූත්තේ ඔහූ/ඇය හැරගියේ ඔබව සහමූලින්ම පිළිකුල් වීමෙන් හෝ අන් යූවතියකට ආදරය කිරීම හේතුවෙනි ඔබ අද තනිවී සිටියද ඔහූට එසේ තනිකමක් නොවේ. එහෙයින් ඔබ යනූ ඔහූට/ඇයට තව අයෙකු පමණි. එහෙත් තවමත් ඔබ ඔහූට ආදරය කරන හෙයින් ඔහූට සමීපවීමට ඉඩ ලබාදෙමින් සිදුවන්නේ ඔහූව/ඇයව අමතක කිරීම අසීරු වීමයි.


මෙම උපක්‍රමත් පිළිපදින්න.


හැරගිය ඔහූ/ඇය වෙනූවෙන් දුක්වීම අත්හැර දමා අලුත් සිතක් ගොඩනගා ගැනීමට මෙම උපක්‍රමයන්ද ඔබ අනූගමනය කරන්න.


1. ඔහූ/ඇය අමතක කිරීමට උත්සාහ නොකර ඔබ දෙදෙනාගේ සබඳතාවේ ස්වභාවය තක්සේරු කර බලන්න. ඔහූට/ඇයට දොස් පැවරීමට නොසිතන්න. මන්ද එය ක්‍රියාත්මක නොවේ. ඔහූ/ඇය සමග පැවති සබඳතාවේ ස්වභාවය තක්සේරු කරද්දී නිරායාසයෙන්ම ඔහූ/ඇය ඔබේ සිතින් ගිලිහී යෑමක් සිදුවේ.


2. ඔහූට/ඇයට වෛර කිරීමට නොසිතන්න. ඒ වෙනූවට ඔහූ/ඇය සමග බෙදාගත් සූන්දර අවස්ථාවන් නිබඳවම සිහිපත් කරන්න. එවිට ඉක්මනින්ම එය සිතට නැඟීම අවසන් වේ.


3. මද කලක් ගතවෙනතුරුම අලුත් සබඳතාවයක් ඇරඹීමට නොපෙළඹෙන්න. මූලින්ම ඔහූගේ/ඇයගේ හැරයාමට බලපෑ ඔබේ වැරදි අවබෝධ කරගැනීමට තරම් අවංක හා විවෘතවන්න නොමැති නම් මීළඟ පෙම්වතාද/පෙම්වතියද එම වැරදිවලට ඔබව හැරයනූ ඇත.


4. එම අත්දෑකීම් අධ්‍යයනය කරන්න. එවිට ඔබට නොගැලපෙන හා ගැලපෙන පිරිමින් පිළිබඳව වැටහීමක් ඇති කර ගත හැක.


එම ප්‍රේමය බිඳී යෑම පෞද්ගලිකව බලපාන්නක් බවට පත් කර නොගන්න. එසේ කළහොත් ඔබ ප්‍රබල මානසික බිඳීමකට පත්වීමකට හැකියි. එය සහමූලින්ම නොගැලපීමක් මත සිදුවූවක් හා ඔහූගේ වැරදි ක්‍රියාවක් මත සිදුවූවක් යැයි සිතන්න. එවිට ඔබට තවත් පූද්ගලයෙකු සමග සබඳකමක් ඇති කරගැනීමට හැකිවේ.

Monday, October 8, 2012

ඇත්ත ........

මටම තේරේන්නේ නැ
ආයේ කොතනින් කොහොම පටන් ගන්න ද කියලා ...
කෙනෙකුගේ එක වචනයක් තවත් කෙනෙකුට බලාපොරොත්තුවක්,
නව පිබිදිමක්,
අනේ ඒ උනාට ඒ කෙනාට එහෙම කිව්වද කියලා වත් මතක නෑ.
අපි මතක් කරනකම් ...

ඒකෙන් උනේ තවත් කෙනෙක් ව විශ්වාස කරන්න ගිහින්
කබලෙන් ලිපට වැටුන එක විතරයි ...
වචනයක් යනු බෝහෝම පරිස්සමින් Use කරන්න ඕන දෙයක් ..
ලෝකයේ තේරුම් ගත නොහැකි සතා මිනිසාය 100 % ඇත්ත ..

Thursday, October 4, 2012

කියවලා බලන්න.........




දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගෑණු ළමයෙකුට ආදරය කලා.එක් දවසක් ගෑණු ළමයාව මුනගැසුනු පිරිමි ළමයා තමන් ගේ හිතේ තිබුනු ආදරය ගෑණු ළමයාට ප්‍රකාශ කලා. ගෑණු ළමයාට ගොඩක් තරහා ගියා

"ඔයාට පිස්සුද? ඔයා මාසෙකට හොයන සල්ලි මගේ දවසේ වියදමටත් මට මදි...මම මොකටද ඔයාට ආදරේ කරන්නේ? ඔයා මගේ ගැන එහෙම හිතුවෙවත් කොහොමද? මම කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නෑ,ඔයා මාව අමතක කරලා ඔයාට ගැලපෙන විදියේ කෙල්ල

ෙක්ව හොයා ගන්න" කියලා එයා පිරිමි ළමයට බොහෝම තදින් කිව්වා.

නමුත් පිරිමි ළමයට ඇයව එහෙම ලේසියෙන් අමතක කරන්න පුලුවන් උනේ නෑ.


වසර 10කට පස්සේ දවසක් මේ පිරිමි ළමයයි අර ගෑණු ළමයයි සාප්පු සංකීර්ණයකදී මුහුනට මුහුන මුන ගැසුනා.


"මේ ඔයාද? ඔයාට කොහොමද දැන්? මම දැන් කසාද බැදලා ඉන්නේ...ඔයා දන්නවද මගේ මහත්තයගේ මාසික ආදායම ලක්‍ ෂ 2කටත් වඩා වැඩී කියලා?" ගෑණු ළමයා පිරිමි ළමයට කිව්වා.


මේ මොහොතේම ගෑණු ළමයගේ සැමියා එතනට ආවා. පිරිමි ළමයව දුටු ඔහු බොහෝම ගෞරවයෙන් ඔහුට මෙහෙම කතා කලා


" සර් මෙතන මොක්ද කරන්නේ? මේ ඉන්නෙ මගේ බිරිද"


ඊට පස්සේ බිරිද පැත්තට හැරුනු ඔහු මෙහෙම කිව්වා


"මේ සර්ගේ කම්පැනි එකේ තමා මම අලුතින් ලක් ෂ 2කකට රැකියාවට ගියේ. අපේ සර් තවම කසාද බැදලා නැත්තේ ඇයි දන්නවද? සර් ආදරේ කරපු ගෑණු ළමයව සර්ට ලබා ගන්න බැරි වෙලා තියනවා,ඒ දුකට සර් වෙන ගෑණු ළමයෙකුට ආදරේ කරල නෑ. පොඩ්ඩක් හිතන්න ඒ ගෑණු ළමයා කොච්චර නම් වාසනාවන්තද කියලා.අද කාලේ එහෙම ආදරේ කරන පිරිමි හොයන්න කොච්චර අමාරුද?"


ගෑණු ළමයාට මොනවා හිතෙන්න ඇතිද?

.
.
ජීවිතය කෙටියි. එම නිසා අද ඔබ සතු දේ නිසා උඩගු නොවන්න. අද පවතින තත්වය ඉතා ඉක්මනින් වෙනස් විය හැකියි. අනෙකෙකුගේ ආදරයට හැම විටම ගරු කරන්න.

Tuesday, October 2, 2012

ආදරේ ගැන පුංචි කතාවක්........


ආදරේ ගැන පුංචි කතාවක්........

කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි කවදාවත් "යාළුවෝ" විතරක් වෙලා ඉන්න බැහැ කියලා ශේක්ෂ්පියර් කිව්වා...

ඒත් ලින්කන් කිව්වේ යාළුකම ඇරඹීමේ පළමු පියවර "ආදරය" කියලයි....

වර්ඩ්ස්වර්ත් නම් කවියාට අනුව කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි යාළුවෙක් වෙන්න අහනවා කියන්නේ "මම ඔයාට කැමතියි" කියා වක්‍රව කීමක් කියලයි...

ජැකී චෑන් කියන විදිහට නම් ආදරය කියන්නේ "සදාකාලික යාළුකමක්"...

මයිකල් ජැක්සන් කිව්වා හොඳම යාළුවා හෝ යෙහෙළිය ලේසියෙන්ම තමුන්ගේ ජීවන සහකාරයා කරගන්න පුළුවන් කියලා...

" කවුරු කොහොම කිවුවත් ආදරෙ කරන කෙනා අපිව දාලා ගියත් අන්තිමට කවදාවත් යාළුවා අපිව දාලා යන්නෑ... එත් සමහර යාළුවො දාලා ගියත් ආදරෙ කරන කෙනා දාලා යන්නෑ... එත් කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි යාළුවො වගෙ ඉන්න පුළුවන් එත් තාවකාලිකයි කියලා මට නම් හිතෙනවා... "