Tuesday, November 20, 2012

පුදුමාකාර දෙයක්....

මේ ආදරේ කියන දේනම් මහ පුදුමාකාර දෙයක්..... මතකද ඒ දවස්වල ඔයාට? මගෙ ආදරේ ඉල්ලල මොන තරම් කරදර කලාද කියල,මොන තරම් වදයක් උනාද කියල?ඒත් ඉතින් මමත් හිත යටින් ඒසුන්දර වදයට ආස උනා,කැමති උනා. කාලය ගෙවිල මම ඔයාගෙ ආදර වන්තිය උනා මතකද?.....ඒත් අද ඔයාට මාව වදයක් වෙලාද කියල හිතෙනව වෙලාවකට.දවසකට හත් අට වතාවක් කතා කරපු ඔයාට අද දවසට එක වතාවක්වත් කතා කරන්න උවමනාවක් නැහැ කියල මට හිතෙනව. අහද්දි කියන්නෙනම් ආදරෙයිලු ගොඩාක්.....අනේ මන්ද මටනම් හිතෙන්නෙ දැන් මුලින් තිබුන ආදරේ දැන් නැද්ද කියල. ඔයානම් කියන්නෙ ගෑනු ලමයි යාලු කරගන්න නම් පුදුම අමාරුවක්,යාලූ උනාට පස්සෙ ඇනයක් වෙනවලු. අනේ මන්ද කොහොම උනත් මම ඔයාට ආදරෙයි මහා ගොඩක්......එහෙම එකේ දවසට එක පාරක්වත් කතා නොකර ඉන්නෙ කොහොමද මම..................ඔයා ඔය තරමටම ආඩම්බරවෙලා ඉන්නෙ මම දැන් ඔයාට ඔය තරමටම ආදරේ බව දන්න නිසාද?මට ඔයාගෙන් තොර ලෝකයක් නැහැ කියල දන්න නිසාද රත්තරන්? .....

6 comments:

  1. අපොයි ආදරේ... !
    ඔන්න මම නම් ඕවට නෑ.

    ReplyDelete
  2. ඔයාගේ මුළු බ්ලොග් එකම මම කියවගෙන කියවගෙන යන්න
    පටන් ගත්ත , එත් ඒක කරන්න බැහැ . මාත් බ්ලොග් පැත්තේ
    ආවේ අපි විදින දුක වෙන කාටවත් වෙද්දී ඒක අඩු කරගන්න
    පුළුවන් වෙන විදිහේ දෙයක් ඉතුරු කරලා යන්න ..
    පුළු පුළුවන් විදිහට ඒක කරනවා මාත් . එත් වත් මට පුළුවන්
    වෙන එකක් නැහැ ..

    ReplyDelete
  3. ඔය අද්දැකීමම මටත් තියෙනවා . මන් ගැන මොනවා කව්රු කොහොම
    කමක් නැහැ .මම නම් තවත් කට වහන් නම් ඉන්නේ නැහැ .මුළු ලෝකෙටම
    කියන්න දේවල් ටිකක් මට තියෙනවා .ලෝකේ මට නැති වේන්න කලින් මන් ඒවා
    කියනවා . සමාජ සම්මත , පූච්චන් ලෝකේ මට වැඩක් නැහැ. මන් හිතන්නේ දැනටමත්
    මේවා හංගන් හිටිය ඇති .ජීවත් උන බව තේරුම් ගන්නෙම නැත්නම් මැරිලා පෙන්න්නන්න
    ඕන දැනුයි මරුනේ කියලවත් තේරුම් යන්න ..

    ඒකයි මේවා කියන්නේ , මට ප්‍රේම සම්බන්ද කීපයක්ම තිබ්බ ( අනිත් අයට නම් එකයි , හරි පිරිසිදුයි කියලත් දන්නවා එත් මගේ එහෙම නැහැ. දැන් හරි මන් හිතන්නේ ) එතනින් එක්කෙනෙක් ඉන්දියන් ගෑල්ලමයෙක් . අපි දෙන්න හම්බුනා හැටි තව විස්තර වෙන වෙලාවක කියන්නම් . මොකද ඒවත් ඕනේ මේකට .නැතුව කෙල්ලෙක් හිටිය , ආදරේ කරා , එය ගියා , මන් ආව නෙවේ.. ඊට වඩා මේවගේ අස්සේ තව තියෙනවා දේවල් ..මේ ඔක්කොම මන් ලෝකෙටම කියනවා . මොකද කව්රු හරි ඒවා බලල හැදෙයි ..
    මන් මේ මැද්දක තියෙන දෙයක් කියන්නේ හොදද ? ඉස්සර මෙයා බැංකුවෙන් ඇවිත් හවස 6.30 වගේ මට කෝල් කරනවා ,ඒක ඉවර වෙන්නේ 9 විතර රෑට කෑම කන්න . ආයේ 9.40 විතර වොෂ් එහෙකුත් දාගෙන ඇවිත් රෑ 11.40 විතර වෙනකම් කතා කරනවා. ආයේ පහුවෙනිදා පාන්දර 5.30 විතර විනාඩි 30 විතර කතා කරනවා , ඊට පස්සෙයි බැංකු යන්නේ . ආයේ හවසට අර විදීහටම කතා කරනවා . සිකුරාදා දවසට වෙනස් වෙනවා ටිකක් හවස 6.30 වගේ මට කෝල් කරනවා , ඒක ඉවර වෙන්නේ 9 විතර රෑට කෑම කන්න . ආයේ 9.40 විතර වොෂ් එහෙකුත් දාගෙන ඇවිත් පාන්දර 3.40 විතර වෙනකම්
    කතා කරනවා . සෙනසුරාද උදේට 8 වගේ ඉඳන් 12.30 විතර වෙනකම් කතා කරලා දවල් කෑමට යනවා . ආයේ 2 විතර වෙනකම් කතා කරනවා . හවස 4 විතර වෙනකම් එයා ගෙදර නංගි එක්ක සෙල්ලම් කරලා ඇවිත් කතා කරනවා .ආයෙම සුපුරුදු විදිහට පාන්දර 3 විතර වෙනකම් , ඉරිදටත් ඔහොමමයි , ආයේ සතියේ දින වල දවල්ට නැහැ රෑට .
    මේ මොනවා උනත් උන එකම දේ දන්නවද ? එයාට නිදා ගන්න ඕන උන ගමන් " gud nit kanna ( හින්දියෙන් පැටියෝවගේ තේරුමක් තියෙන්නේ ) , i nd to slp , u also slp tyt gd nyt umma " ඔන්න ඔච්චරයි . මම මේ ළමය පව්
    නේද මට ආදරේට නේද කතා කරන්නේ කියල හිතුවත් , එයා වෙනුවෙන් මම දවසට පැය 12 විතර 4n එකේ .පුදුම මානසික වදයක් ඒක කෙනෙක්ට . එච්චර කරේ ආදරේට , හිත රිදවන්න බැරි කමට . එත් ඒ අය එහෙම නැහැ උනේ කවදාවත් .. තමන්ගේම සතුට පමණයි .. අනික් කෙනා වෙනුවෙන් කැප කිරීම් මට නම් ජීවතේ උනත් දෙන්න පුළුවන් ,එත් ඒ බව තේරුම් අරන් එයාගෙන් ජීවිතේම උදුර නොගන්න ආදරේ කරන කෙනා පරිස්සන් වෙන්න ඕන..

    මන් පස්සේ එන්නම් dr හරි upzet

    ReplyDelete
  4. ඔව් එහෙම උදවිය ඉන්නවා. අපි වලෙග් වැටෙන එකයි හැම දේකින්ම වෙන්නේ අන්තිමට. කණගාටුයි නම් මතක් නොකර ඉන්න එක තමයි ඇඟට ගුණ ඒ වගේ දේවල්.

    ReplyDelete
  5. ආදරවන්තයින් අතර සුලබම ගැටලුවක්. මම මේක පැහැදිලි කරල කතාවක් ලිව්ව මතක ඇති නේද නංගා.
    මෙතනදි දෙන්නම වැරදි. දිනකට වරක්වත් සුලුවෙන් හරි කතා නොකරනවා නම් ඒක වරදක් ඒ වගේම ඉහල සහන් ගේ අදහස් දැක්වීමෙ තියනවා වගේ දවසට දෙතුන් වරක් පැය ගණන් කතා කිරීම හිරිහැරයක්. ආදරේ කියන්නෙ කතා කරන වාර ගණනවත් පැය ගණනවත් නෙවෙයි. එයින් ආදරේ මනිනවා කියන්නෙ ලොකු වැරැද්දක්. අනෙක මේවා සුහදව කතා කරල විසඳගන්න ඕනෑ නිකන් හිතෙන් විඳවන්නෙ නැතුව.

    ReplyDelete