Tuesday, September 18, 2012

♥ පිවිතුරු ආදරයේ චමත්කාරය ♥

*___♥ පිවිතුරු ආදරයේ චමත්කාරය ♥___*

තනිකඩ ජීවිතය නම් FUN තමයි, ඒත් දෙදෙනෙක් අවංකව ආදරය කරද්දී දැනෙන සතුට, හැඟීම ඊට වඩා කොච්චර නම් උතුම්ද. ඔයාලටත් මේ දේවල් ජීවිතයේ එකම එක වතාවක් හෝ දැනිල, විඳල තියෙනවද කියල කියන්නකෝ. Then you are lucky !


•උ

දේ නැගිට්ට ගමන් phone එක බලද්දී ''Good Morning මගෙ පැටියෝ'' කියල SMS එකක් තියෙනව දකිද්දී දැනෙන හැඟීම හෝ ''ඔයා ඇහැ ඇරුනද මගේ පැටියෝ'' කියල මේ ලෝකේ ඔයා අහන්න ආසම කට හඬින් ඇහෙද්දී දැනෙන සතුට.

•දුකක්, තනිකමක් හෝ ලෙඩ වෙලා ඇඳට වෙලා පාලුවෙන් ඉඳිද්දී මේ ලෝකේ දැනෙන්න ආසම ඒ උණුසුමට ගුලිවෙලා ඉන්න තියෙනම් කියල හිතෙනවා.


•පුංචි පුංචි රණ්ඩු වෙලා ''ආයෙත් මම ඔයත් එක්ක ජීවිතේට කතා කරන්නේ නෑ'' කියල call එක cut කරලත් පාරින් පාරට mobile phone එක අතට අරන් missed call එකක් හරි sms එකක් හරි තියෙනවද කියල බලනවා.


•මහ රෑ නින්ඳෙන් ඇහැ ඇරිලා හදිසියේම ආදරේ කරන කෙනාට call කරල උදේ පාන්දර වෙනකම් ඒ call එක දිගු වෙනවා.


•ලොකු රණ්ඩුවක් වෙලා, අවසානයේ ''sorry මගෙ පැටියෝ'' කියලත් ඉවර වෙලා නැවතත් ඒ රණ්ඩුවට හේතු වුනේ කවුද කියල තර්ක කරනවා.


•ආදරේ කරන කෙනාට දුරකතන ඇමතුමක් අරගනිද්දී ''call waiting'' වුනාම හිතට පුංචි දුකක්, පුංචි තරහක් දැනෙනවා.


•ආදරෙන් එවපු sms නැවත නැවත කියවනවා, තනියම හිනා වෙනවා.


•දින කිහිපයක් මුණ නොගැසී හිඳ එකවරම ලබන සෙනසුරාදා මුණ ගැසීමට පුලුවන් කිවහොත් එදා වනතුරු හරි හැටි කෑමක් නෑ, නින්ඳක් නෑ.


අද වෙනකොට අපිට නිතරම වගේ ඇහෙන්නේ ''ආදරය හිත් රිදුම් දෙන දෙයක් පමණයි, ආදරය කියන්නේ බොරුවක්, මායාවක්'' කියන දේ. ඒත් ඒ ආදරය නෙවෙයි. ඒ වැරදි දෙදෙනෙක් වැරදි මොහොතක හමුවීමේ ප්‍රතිඵලයක් පමණයි. අවංක ආදරය යනු මේ ලොව ඇති සුන්ඳරම දේවල් වලින් එකක්. එය සදහටම විඳින්න ඔයාටත් පුළුවන් වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

7 comments:

  1. තනිකම සතුටක් !
    ඒ උනාට ගොඩ ගිහින් ඉදලා ඒ සම්බන්ධේ කැඩුනම පට්ට අවුල් !
    එතකොට තමා තනිකම දුකක් කියලා හිතෙන්ඩ පටන් ගන්නේ !
    ඒ උනාට ටික කාලෙකින් තනිසම සතුටක් වෙනවා.. මේ මට වගේ :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු........තනිකමත් සතුටක් තමා....

      Delete
  2. අද නම් නියම පෝස්ට් එකක්නෙ දාල තියෙන්නෙ.
    අනිවාර්‍යයෙන්ම අත්දැකීම් වලින් නේද ලිව්වෙ. :)
    ඇත්තටම ආදරේ කරද්දි මේ වගේ පුංචි පුංචි දේවලින් ලැබෙන සතුට වෙන කිසිදේකින් ලබන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියෙ....අත්දෑකීමක් තමා......ස්තූතියි

      Delete
  3. ඔව් ආදරේ කරද්දි ඕය හැම දෙයක්ම මාත් විදලා තියනවා. ඒත් එහෙම ආදරේ කරලා එක පාරම ඒ ආදරේ අහිමි උනාම විදවා ගන්න තමා අමාරු. ඒ පාලුව දරා ගන්න බැරි තරම්.

    ReplyDelete
  4. මටනම් ඒ ආදරය හීනයක් විතරයි :(

    ReplyDelete