Monday, October 29, 2012

ආදරේන් ඉමු නේද?............

මන් දන්නේ නෑ මාව ඔයා කවද තේරුම් ගනීද කියල වස්තුවේ.ඔයා වගෙම ඔයා මගෙන් බලාපොරොත්තු වෙන හැමදේම මාත් ඔයාගෙන් බලපොරොත්තු වෙනවා.ඔයාට විතරක් නෙමෙ දුක දැනෙන්නේ.මටත් දැනෙනවා.ඔයාට නිකන් හරි miss call එකක් මන් නොදුන්නොත් ඔයාට දුක හිතෙනවා.ඒත් මට ඔයාගෙන් call එකක්වත් නෑ.ඒක ඔයාගෙ වරදක් නෙමේ කියල මන් තේරුම් අරන් ඉන්නේ.ඒත් කතා කරන පුන්චි වෙලාවෙදි හරි මට වෙනසක් නොකර කතා කරන්න.එතකොට මේ ආදරේ මීටත් වඩා මට දැනේවී.ඔයාගේ ජීවිතෙන් පුන්චි ඉඩක් වෙලාවක් මටත් දෙන්න.එතකොට මටත් දැනෙවි ඔයාට මාවත් නිතරම ඕනි කියල.නැත්තන් මට හරි දුකයි වස්තු.ඔයාට මාව නිතරම ඕන වගේම මටත් ඔයාව නිතරම ඕන වස්තුවේ.ඔයා මගෙන් ආදරේ හැම මොහොතකම බලපොරොත්තු වෙනව වගේ මත් ඔයාගෙන් හැම මොහොතකම ආදරේ හොයනවා.අනේ ඒක හන්ගගෙන වගේ ආදරේ දෙන්න එප.දැනෙන්නම ආදරේ දෙන්න.නැත්තන් මට හිතෙවී මන් විතරක් තනියම ආදරේ කරනව කියල.කොහොමද ඒ දැනෙන හැගීම සතුටක් කියල හිතන්නේ?ඒ හැගීම හරිම දුකක් මැණික.ඉවසන්න බැරි දුකක්.ඔයාගේ phone එකේ ලෙඩක්.message එකක්වත් යන්නෙ නෑ..එක මට කොච්චර දුකක්ද?මන් තනි වෙලා වගේ දෑනෙනවා..ඔයා මගෙන් ආදරේ හුගක් හොයනවා.මත් ඔ
යාගෙන් ආදරේ හුගක් හොයනවා.ඔයට නිකන් හරි මන් කතා නොකලොත් ඔයා එදාට පොඩි එකෙක් වගේ මගෙන් අහනවා ඇයි අද මට කතා නොකලෙ මාව අමතක උනාද කියලා.ඔයාට මාව අමතක උනත් මට ඔයාව කවදාවත් අමතක වෙන්නේ නෑ මගේ රත්තරන්.එත් ඔයාට තරහ ගියාම ඔය මට ඔහොම කරනවා එතකොට හිතෙන්නෙ නැද්ද මන් කොහොමද ඒවා ඉවසුවේ කියලා.එහෙම කරන්න එපා.මොකද ඔයාට දැනෙන දුකම මටත් දැනෙනවා කියල හිතන්න.අන්න එදට ඔයා මට ඔය විදිහට සලකන එකක් නෑ.ඔයාටත් හිතේවි ඔයා කලේ වැරෑද්දක් කියලා.ආදරේ කියන්නෙ එක්කෙනෙක් විතරක් කරන දෙයක්වත් එක්කෙනෙක්ගේ පැත්තකින් විතරක් බලපොරොත්තු වෙන එකවත් නෙමේ මැණික.දෙන්නෙක්ගෙම හිත් වල එකිනෙකා ගැන ඇති වෙන හැගීමක්.දෙන්නම ඒ ආදරෙට යුතුකම් ඉටුකරන්න ඔන වගකීමක්.නැත්තන් ඒ ආදරෙ ඒකපර්ශවිකයි.එහෙම ආදරයක් මොකටද?දෙන්නෙක් ආදරෙ කරන්න ගන්නේ ඒ දෙන්නම ආදරේ බලපොරොත්තුවෙන් නම් දෙන්නම ඒ අදරේ වෙනුවෙන් යුතුකම් ඉශ්ට කරන්න ඕනා.අන්න එදාට ඒ අදරේ හුගාක් ශක්තිමත් වේවි.තරහ වෙන්න එපා මගේ පන.මේ කියන්නෙ හිතේ දුකත් එක්කම මට හිතෙන දැනෙන දේ.ඒ වගේම් වෙන්න ඔනයි කියල හිතේන දේ.අපි වැරදි හදාගෙන ආදරෙන් ඉමු මගේ වස්තුවේ.වැරදි කා අතිනුත් වෙනවනේ.අපි හැදේමු.මන් කිව්වෙ ඇත්ත නේද?සමාව දෙන්නම් වස්තුවෙ..ඔන්න මගෙන් නලලට හාද්දක්.දැන් ඉතින් අපි ඔවා අමතක කරල වැරදි හදාගෙන මීටත් වඩා ආදරේන් ඉමු නේද?

5 comments:

  1. අකුරු බෝල්ඩ් කරන්නෙ නැතුව අකුරු චුට්ටක් ලොකු වෙන්ඩ පෝස්ට් එක දාන්ඩ පුලුවන්ද දෙව්දූ ? කියවනකොට ඇස් රිදෙන්ඩ ගන්නවා

    ReplyDelete
  2. හප්පේ ලොකු චෝදනාවක් හිත නොරිදෙන විදිහට කියලා නේද! ලස්සනයි.

    ReplyDelete
  3. හිතට දැනෙනවා :) ඇත්තටම මේ විදියට ඒ අදරේ වෙනුවෙන් යුතුකම් ඉශ්ට කරනව නම් දෙන්නම ...හුඟාක් සතුටින් ඉන්න පුලුවන්.

    ඒ නිසා මම + @සිහින දෙව්දුව

    ReplyDelete
  4. අනිවා අනිවා :)

    ReplyDelete