Monday, August 6, 2012

දන්නවද?

දන්නවද?

ලෝකයේ සාර්ථකතත්වයට පත්වූ බොහෝ දෙනාගේ විනෝදාංශය සිහින දැකීමය.සැලසුම් සැකසීමය.කියවීමය
ලෝකයේ සාර්ථක වූවන් ජංගම දුරකථන භාවිත කරන්නේ නැත.අපිළිවෙලක් සහිත බොහෝ මිනිසුන්ගේ අත්වල විවිධ පැහැති,හැඩකාර ජංගම දුරකථන ඇත.ඔවුන් වැඩිම කාලයක් ගත කරන්නේ ඒවා සමඟය.
සාර්ථක මිනිසා කතා කරන්නේ අඩුවෙනි.වැඩියෙන් වැඩ කරයි.
ඔවුන් තේ,කෝපි,සලාද,වයින්,පලතුරු හා සංවේදී සංගීතයට ප්‍රියය.
වැඩියෙන් ඇවිදින්නට ප්‍රිය කරන්නේද ඔවුන්මය.
සාර්ථක මිනිසා තම බැංකු ගිණුමේ ඇති මුදල් වලට වඩා තම ආත්ම ශක්තියට ආදරය කරති.ගිණුම් හිස් වුවත් ඒවා පුරවන්නට හැකි බව ඔවුන් දනිති .
ඔවුන් වේලාසන එති.වේලාසන යති.බින්න බැස ඉන්නේ නැත.වල්පල් දොඩවන්නේ නැත.
වැරදි අඩුපාඩු ඉක්මනින් තේරුම් ගෙන හදා ගන්නා ඔවුන්,අඩුපාඩු සමඟ ජිවත් නොවෙති.
සාර්ථක මිනිසාගේ ප්‍රියතම ස්ථානය නිවස වන අතර කාලකන්ණියන්ගේ අප්‍රියතම ස්ථානය ද එයමය.
නිවාඩු දින වලට අකැමැති මිනිසා සාර්ථකය.
බොහෝ සාර්ථක මිනිසුන්ට ඔරලෝසු නැතත් වෙලාවට වැඩ කල හැකිය.
"මම එය කරන්නම් "කියා කියන්නන් සාර්ථක පුද්ගලයන් වන අතර "මම එය බලන්නම් "කියන්නෝ අසාර්ථකය.
ඔවුන් වටිනා කෙනා සොයා යන අතර අවශ්‍ය කෙනා ළඟට ගෙන්වා ගනිති.
සාර්ථක මිනිසාට රැය යනු නිදා ගන්නා වෙලාව නොවේ.
පරාජය විශ්වාස නොකරන ඔවුන් ජයග්‍රහණයද අවිශ්වාස නොකරති.

ඉතින් ඔබ කෙතරම් සාර්ථකද?

3 comments:

  1. ගොඩක් වටින උපදෙස් ටිකක්....
    මටත් ඕන සාර්ථක එකෙක් වෙන්ඩ !

    ReplyDelete
  2. අදහස් ටික නම් නියමයි

    ReplyDelete