Wednesday, August 1, 2012

ස්ථිර ලබැඳියාව...

මිට ගොඩක් කාලෙකට ඉස්සෙලා මම එක පුංචි කවියක් ලියුවා..කිසිම හේතුවක් නැතුව ඔහේ වචන ටික ගලපලා ලියුව මිසක් එකේ මහලොකු ගැඹුරු අර්ථයක් හොයන්න ගියේ නැහැ මම.එත් අද හිතෙනවා ඒ කවිය මම ලියල තියෙන්නේ අපිට කියලා....ඇත්ත ආදරේ කරන්න වෙන කිසිම දෙයක් ඕනි නැහැ ආදරේ කරන්න ඕනි ආදරේ විතරමයි..ආදරේ කරන්න එක්වීම වෙන්වීම බලපාන්නේ නැහැ..ආදරේ කරන්න බලපාන්නේ ආදරේ විතරමයි...කවුදෝ මන්ද කියලා තිබ්බා ආදරේ අවසාන අරමුණ විවාහයයි කිය
ලා.නැහැ මම එක පිළිගන්නේ නැහැ...ආදරේ අවසාන අරමුණ වුන විවාහය කරගත්ත හැමෝම ආදරේ කරන්නේ නැහැ.ආදරේ කරන හැමෝම ආදරේ අවසාන අරමුණ ලෙස විවාහ වෙලා නැහැ..මුළු ලෝකෙම ලෝක පුජිත රෝමියෝ,ජුලියටුත් ප්‍රේමවන්තයෝ විතරයි.අඹුසැමියෝ නෙමේ...රෝමියෝ,ජුලියට් විවාහ වුනානම් අද වෙනකම් අවුරුදු දහස් ගානක් ගෙවිලත් එයාලා තම අපේ මතකයේ රැඳිලා ඉන්න එකක් නැහැ නේද?
දැන් ඔයාලා බලනවා ඇති මම මෙච්චරම අගය කරන මහා ලොකු කවිය මොකක්ද කියලා..
"එක් වීම වෙන් වීම තාවකාලික වුවත්...
මතකයේ සිතුවිලි සදාකාලික නම්....
එයයි ස්ථිර ලබැඳියාව....
මිහිරි සිහිවටනයේ...."

4 comments:

  1. විවහා උනොත් ලෝක පූජිත වෙන්ඩ බෑ.. ලෝක පූජ්ත ආදර කතා බොහොමයක් (සියල්ලක්ම වගේ) විවාහයක් වෙනකන් ගිහින් නෑ... :)

    ReplyDelete
  2. ඒක ඇත්ත ආදරය කියන්නෙ විවාහය බලාපොරොත්තුවෙන්ම ඇති වෙන දෙයක් නෙමෙයි. ආදරය කරන දෙන්නෙක් විවාහ විය යුතුමයි කියල නියමෙකුත් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා...එක ඈත්ත...ස්තූතියි

      Delete