Wednesday, July 4, 2012

ආදරය

ඔබ ඔබේ ජීවිතේ කවදා හරි කාට හරි ආදරේ කරලා තියෙනවා නේද...?අපේ හදවත් වලට ආදරය තරම් දැනෙන,ඒ වෙනුවෙන් දුක් වෙන වෙන කිසිම හැඟීමක් තවත් නැහැ...ඔබ කොහොම ආදරය කරනවද,කොහොම අදරය විදිනවද කියල කියන්න මම දන්නේ නෑ..ආදරයෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන්න මම දන්නෙත් නෑ...
අපිට ඕන කෙනෙක්ට ආදරේ කරන්නත් පුලුවන්,ඕන කෙනෙක්ගෙන් ආදරෙ ලබාගන්නත් පුලුවන්...හැබැයි නිර්ලොබී සෙනෙහසක් සහ ආදරයක් ලබන්න නම් අපරිමිත කැපවීමක් තිබිය යුතුමයි...මතක තියා ගන්න ආදරයයි සෙනෙහසයි අතරෙ පැහැදිලි වෙනසක් තියෙනවා....
ආදරය කියන්නෙ ආශාවට..ලෝබකමට..ඔබ දකින දේවල් ලබාගන්න ඇති වෙන ආශාවට ඔබ කරන්නේ ආදරය කරන එක..නමුත් සෙනෙහසක් එහෙම නැහැ...
අපේ අම්මලා තාත්තලගෙන් අපට ලැබෙන්නේ අපරිමිත සෙනෙහසක්..ආදරයකයි සෙනෙහසකයි තියෙන ප්රදාන වෙනස තමා කැප කිරීම...තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් ජීවිතේ කැප කිරීම කියන්නෙ අපරිමිත සෙනෙහසක්....අම්මලා තාත්තලා අපිට ආදරය කරන්නේ අපෙන් කිසිම දෙයක් බලපොරොත්තුවෙන් නෙවෙයි...ඔවුන් කැමතියි අපි අපේ ජීවිතේ හදා ගන්නවට...අපි දියුනු වෙනවට...
අපේ ජීවිතේ ලස්සන කරගන්නවට...අපේ ජීවිතේ ලස්සන වුනා කියලා ඔවුන් ට තියෙන එකම ප්රයෝජනය තම සතුට..වෙන කිසිම ලාබ ප්රයෝජනයක් නැහැ....සෙනෙහසක් කියන්නේ එහෙම දේකට...
නිකමට හිතන්න ඔබ ආදරය කරන පෙම්වතා./පෙම්වතිය ඔබේ ජීවිතය වෙනුවෙන් කොච්චර කැපවෙනවද....?ඔබේ දියුනුව වෙනුවෙන් කොච්චර කැපවෙනවද...ඔබේ දියුනුවම විතරක් බලාපොරොත්තුවෙන් ඉන්නවද...?එහෙම පෙම්වතෙක්/පෙම්වතියක් ලබන්න ඇත්තටම පින් කරන්න ඕන..ඒ වගේ ආදරයක් ලැබෙන්නේ කලාතුරකින්..ඒක ආදරයකට වඩා සෙනෙහසක්
හිතට සතුටක් සැනසීමක් වගේම සැහැල්ලුවක් ලැබෙන්නේ එවැනි සෙනෙහෙවන්තයෙක් හමුවුනදාට...

6 comments:

  1. සම්පූර්ණ ඇත්ත නංගා! පිරිසිදුම ආදරේට ඔයා කියන විදිහට සෙනෙහස කියල කිව්ව හැකි. අද ගොඩක් තියෙන්නෙ ආදර ගණුදෙනුනේ!
    ඔයා කිව්ව වගේ ලෝබ කමක් නැතුව, තමන් කරන ආදරේට සමාන ආදරයක් return එක හැටියට බලාපොරොත්තු නොවී ඒත් මුලු හිතින්ම ආදරේ කරන! තමන් ආදරය කරන කෙනාගෙ සතුට තමන්ගෙ සතුට කියල හිතන කෙනෙක් හම්බවෙන්න නම් පින් කරල තියෙන්නම ඕනෙ. ලස්සනයි!

    ReplyDelete
  2. ඕ අකුරුවල වචන වල තේරුම් අපි තාම හොයනවා...
    ඒත් එහෙම නොසොයා ලව් කරපු උන් දැන් බඩු හත අටක් දාගෙන ඇති...

    ReplyDelete
  3. සදාකාලික නොවු ලෝකයේ, සදාකාලික ප්රෙමයක්.....
    සොයා නෙක ගමි දනවි සිසාරා, ගෙවු කාලය සිහිනයක්......

    ReplyDelete
  4. ස්තූතියී යාලුවො හමොටම...........

    ReplyDelete
  5. නියම ලිපියක්........අනේ මන්දා .... මටනම් තාම ඔය ආදරය කියන එක හම්බවෙලා නැහැ,...... මට තාම ඒ ගැන හිතාගන්නවත් බැහැ.......... මට ආදරය කියන්නේ .....නිකම් හිනයක් වගේ කියල හිතෙනව.. මොනව කරන්නද ඕක කරල බලන්නම වෙනව....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්.....ආදරය කරලම බලන්න යාලු.........

      Delete