Thursday, July 5, 2012

ජිවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්...........

ජිවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්.පුදුමාකාර මැවිමක්...අපි බොහෝ විට හිතන්නේ ජිවිතය කියන්නේ මේ අප ජිවත්වෙන " මොහොත " පමණයි කියලා.ජිවිතයේ " අතීතය " ගෙවි ගිහින් අවසානයි..ඒ නිසා ඒ ගැන කතා කරලා වැඩක් නෑ. ඒ වගේම මේ ජිවිතයේ අනාගතය ගැනත් කතා කරලා ...වැඩක් නෑ.. අපි ජිවත් වෙන්නේ මේ මොහොත තුළ පමනයි.ඒ කියන්නේ වර්තමානය විතරයි..ඒ නිසා ගෙවිච්ච අතීතයක් උදා නොවෙච්ච අනාගතයක් අමතක කරලා ජිවත්වෙන වර්තමානය ගැන හිතුවාම ඇති....


එත්...එහෙම හිතලා මේ මොහොතේ පමණක් වර්තමානයේ පමණක් ජිවත්වෙන්නේ කවුද...

කිසිම කෙනෙක් නෑ..

අපි හුස්ම ගන්නේ මේ මොහොතේ තුළ බව ඇත්ත..එත් අපේ හදවත..ඒක හිටපු ගමන් අතීතයට දුවනවා...හිතුණාම ඇවිත් වර්තමානයේ මොහොතක් ඉන්නවා.අයෙත් ගාල කඩාගෙන අනාගතයට දුවනවා අයෙත් අතීතයට යනවා.

අපේ හදවත ...එහෙම නැත්තම් සිතුවිලි දින සති මාස අවුරුදු කාල වකවනු ගැන දන්නේ නෑ..එයා මහා පුදුම කෙනෙක්.වෙලාවකට අතීතයේ නතර වෙලා අතීතයේ විඳ දුකක් වෙනුවෙන් අඬ අඬ ඉන්නවා...එහෙම ඉන්න ගමන්ම අනාගතයේ විඳින්න බලාපොරොත්තු වෙන සතුටක් ගැන හීන දැක දැක තනියම හිනා වෙනවා...

ඒ නිසා කවුරු කොහොම කිව්වත් කාටවත්ම මේ මොහොත තුල පමනක් වර්තමානය තුල පමනක් ජිවත්වෙන්න බෑ...
අතීතයත් වර්ත්මානයත් අනාගතයත් තුනම අපට වැදගත්

අතීතය කියන්නේ ගෙවිච්ච මොහොතට.එකේ තියන්නේ "මතකයක්" නැත්තම් "සැමරුමක්"

වර්තමානය කියන්නෙ මේ ගෙවෙන මොහොතට.එකේ තියන්නේ "ක්‍රියවක්" නැත්තම් "සිදුවිමක්".

අනාගතය කියන්නේ උදාවෙන මොහොතට.ඒ තුළ තියන්නේ "හීනයක්"..."බලාපොරොත්තුවක්"..යමක් කරන්නට ඇති සැලසුමක්....

3 comments:

  1. අපූරු සිතුවිල්ලක්! අතීතේ වර්ථමානෙ අනාගතේ මේ තුනම හොඳට තේරුම් අරන් ජීවත් වෙන්න ඕනෙ. ඒවාට යටත් වෙන්න දෙන්නෙ නැතුව.

    ReplyDelete
  2. අතීතය කියන්නෙත් අනාගතයකට යන තවත් එක පාලමක්..අතීතේ අමතක කරලා අනාගතේට යන්න හරි අමාර්යි ..එහෙමයි කියලා අතීතේ ජිවත් වෙන්න නෙමේ ඔනේ එ අතිතයෙන් ප්‍රයෝජනයක් ගන්නයි ඔනේ..

    ReplyDelete