Monday, July 9, 2012

◄ ◄ සාර්ථක ජීවිතයකට වටිනා අදහස් කිහිපයක්... ►►

◄ ◄ සාර්ථක ජීවිතයකට වටිනා අදහස් කිහිපයක්... ►►

1. කෙනෙකු අපේක්ෂා කරන තරමට වැඩි දෙයක් ඔහුට/ඇයට ලබා දෙන්න, එය කල යුත්තේ හදවතින්මයි.


2. ඔබේ අතේ ඇති හැම සතයක්ම වියදම් නොකරන්න.

...
3. ඔබට ඇසෙන හැමදේම විශ්වාස නොකරන්න.

4. "මම ඔයාට ආදරෙයි...." කියද්දි හදවතින්ම කියන්න.


5. කාගෙන් හෝ සමාව ඉල්ලන විටදි කෙලින්ම ඔහුගේ දෑස දෙස බලන්න.


6. විවාහ ගිවිස ගත යුත්තේ විවාහයට මාස හයකටවත් පෙර බව මතක තබා ගන්න.


7. ඔනෑවට වඩා නිදා නොගන්න.


8. අනෙක් අයගේ සිහින වලට සිනා නොවන්න. සිහින නැති මිනිසුන් තුල බොහෝ අඩු පාඩු තිබෙනවා.


9. හදවත පත්ලෙන්ම ආදරය කරන්න, ඇතැම් විට ඔබට වේදනාව හිමිවිය හැකිය. එහෙත් ජීවිතය සම්පූරණ කර ගැනීමට ඇති එකම මඟ එයයි.


10. යමකට එකඟ නොවන විටදි සාධාරණ ලෙස ගැටෙන්න නමුත් කැත වචන කීමෙන් වලකින්න.


11. යමෙකුගේ වට පිටාවේ සිටින මිනිසුන්ගෙන් හෝ එම පුද්ගලයාගේ නැදෑයන්ගේ මිම්මෙන් එම පුද්ගලයාව නොමනින්න.


12. ඉක්මනින් සිතන්න. සෙමින් කථා කරන්න.


13. ඔබ පිළිතුරු දෙන්නට අකමැති ප්‍රශ්නයක් කිසිවකු විසින් ඇසු විට සිනාවක් පා "ඇයි ඔයාට ඒක දැනගන්න ඕනෙ...?? යනුවෙන් අසන්න.


14. මහා ලොකු ආදරය, මහා ලොකු බලාපොරොත්තු සමඟ ලොකු අවදානමක්ද පවතින බව මතක තබා ගන්න.


15. ඔබේ මව සමඟ නිරතුරුවම අදහස් හුවමාරු කරගන්න.


16. ඔබ පරාජය වුවත් ඉන් ලැබෙන පාඩම ජයග්‍රහනයක් ලෙස සිතන්න.


17. ඔබටම ගෞරව කර ගන්න, අනෙක් අයටත් ගෞරව කරන්න. වගකීමෙන් යුතුව හැම ක්‍රියාවකම නිරත වන්න.


18. නරක කිරීම තුළින් මිතුරන් අහිමි කර නොගන්න.


19. වැරැද්දක් සිදුවු බව වැටහුණු විට වහාම එය නිවැරදි කරන්නට පිවර ගන්න.


20. දුරකථන ඇමතුමකට පිළිතුරු දෙන විට සිනාමුසු වන්න. අමතන්නාට එය හොඳින් දැනෙවි.


21. විවාහ විය යුත්තේ කතාබහ කිරීමට කැමැත්ත දක්වන අයෙකු සමඟයි. මහලු වයසට පත් වෙද්දි අනෙක් හැම හැකියාවකටම වඩා වටින්නේ එය බව මතක තබා ගන්න.


22. හොඳ අවංක ජීවිතයක් ගත කරන්න. ඔබ වයසට ගිය විට ආපසු හැරි බලා සතුටු වන්නට හැකි වේවි.


23. ඔබේ ආදරණීය පුද්ගලයන් සමඟ සිදුවන බහිම්බස් වලදී අතීත සිදුවීම් හෝ වැරදි සිහිපත් නොකරන්න.


24. යම් අවස්ථාවකදී ඔබට වුවමනා දෙයක් නොලැබුනහොත් එය වාසනාවක් වීමටද ඉඩ ඇති බව මතක තබා ගන්න.


25. එකිනෙකාව වුවමනා කරන දෙදෙනෙකුට වඩා එකිනෙකාට ආදරය කරන දෙදෙනෙකු අතර ඇති සම්බන්ධය බලවත් බව මතක තබා ගන්න.

6 comments:

  1. අද නම් ගොඩක් වටිනා දේවල් ගොඩක එකතුවක්! මේ සියල්ල පිලිපදිනවා නම් ඕනැම කෙනෙක්ට ජීවිතෙ ජයගන්න පුලුවන්!

    ReplyDelete
  2. අන්තිම එකටනම් ලොවෙත් එකගයි..

    ReplyDelete
  3. "ඔබේ ආදරණීය පුද්ගලයන් සමඟ සිදුවන බහිම්බස් වලදී අතීත සිදුවීම් හෝ වැරදි සිහිපත් නොකරන්න." ඒ දේ ගොඩක් වැදගත් ජීවිතය ආදරෙන් ඉස්සරහට ගෙනියන්න. එහෙම නොවුනොත් ඒ සම්බන්ධතාවය කොයි මොහොතේ කඩා වැටෙයි ද දන්නෙ නෑ. ලිපිය කියවීමෙන් මම යමක් ගත්තා. ජය වේවා!

    ReplyDelete
  4. ස්තූතියි යාලුවනේ........

    ReplyDelete
  5. ස්තුතියි සහෝදරයා, මම ගොඩක් දේ මේ ලිපියෙන් ලබාගත්තා. ඉදිරියටත් කරගෙන යන්න. මගෙන් සුභ පැතුම්.!

    ReplyDelete
  6. හොද එකතුවක්

    ReplyDelete