Monday, July 16, 2012

අම්මා.....

ජීවිතයේ අමා පැන් පොද
ඔබයි මගෙ අම්මේ
මේ දිවි කතරේ දැනුන
සිසිල ඔබයි අම්මේ
පැතුම මා ඔබයි සංසාරේ

ජීවන කතරේ දෙපය නගන්නට
විසකුරැ සැහැසි ලොවේ
දෑත දෙපය මගෙ සවිමක් කල
සවිය ඔබයි අම්මේ
පැතුම මා ඔබයි සංසාරේ

උපදින වාරේ අසල රැදෙන්නට
හැමදින නිබද මගේ
සෙනෙහස් දහරෙන් මා සුවපත් කල
ඔසුව ඔබයි අම්මේ
පැතුම මා ඔබයි සංසාරේ ඔබයි සංසාරේ

7 comments:

  1. ලස්සන කවි පෙලක් නංගා!

    ReplyDelete
  2. ලස්සන කවි පෙල මමත් කොච්චර කවි ලිව්වත් අම්ම‍ටයි තාත්තටයි කවි ලියන්න යද්දි හරිය‍ට අසරණ වෙනවා..කවි ලියන්න බැරිම මාතෘකා දෙක ඒක.

    නමුත් ඔයා ලස්සනට ලියලා
    මේ පැත්තට ආවමයි ආයෙමත් එන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.....ආයෙත් එන්න යාලු...

      Delete
  3. මන් හුගක් කැමති මාතෘකාවක්...දිගටම ලියන්න, ජය පතනවා..!

    ReplyDelete