Tuesday, June 5, 2012

අපි හරිද...?

අපි හරිද...?

ජීවිතය තියෙන්නේ විදින්න
මිසක් .... විදවන්න නෙවේ
එත් ... අපි ජිවිත කලේ පුරාවටම
වැඩිපුරම කරන්නේ විදවන එක...
එක දයිවයේ නපුරුම පලිගැනීමක්....


ඇස් තියෙන්නේ ආසා කරන දේවල් බලන්න
මිසක් .... ඒවා බලල කඳුළු හෙලන්න නෙවේ
එත් අපි ජිවිත කාලෙම කරන්නේ
මහවැලියටත් වඩා කඳුළු හෙලන එක
එක දරාගන්න බැරි අවාසනාවක්.....

හදවත තියෙන්නේ සැනසෙන්න
මිසක්.... අවුලගන දුක් විදින්න නෙවේ
එත් අපි ජිවිත කලේ පුරාම කරන්නේ
පපුව ගින්දරින් අවුලන එක
එක දර ගන්න බැරි දුකක්...

ආදරය තියෙන්නේ එක් වෙන්න
මිසක්.... වෙන් වෙන්න නෙවේ
එත් අපි ජිවිත කලේ පුරාවටම කරන්නේ
වෙන් වෙන එකම තමයි
ඒක හමු වීමට වඩා කටුක දෙයක්.....

2 comments:

  1. අනේ මන්දා ඔයාට මම ලස්සනයි ලස්සනයි කියලා මම ඔහේ කමෙන්ට් එකක් දාලා යනවා කියලා හිතයිද කියලා..එත් මම මොනා කියන්නද..ඔයාට හරිම ලස්සන කවි සිතුවිලි තියෙනවා..අපුරුයි...

    ReplyDelete
    Replies
    1. වචනයක් හරි ඇවිත් කියලා යන එක මට ගොඩාක් වටිනවා! ස්තූතියි නිම්ශා!

      Delete