Thursday, June 7, 2012

දන්නවද.....



අම්මගෙ උකුළට පස්සෙ මං මේ ලෝකෙ
හිස හොවන්න ආසම තැන කොහෙද කියල.......?
ඒ ඔයාගේ සුවඳ පපුතුර
ජීවිතේ එපා වෙද්දි ,
කාත් කවුරුවත්ම නෑ කියල දැනෙද්දි ,
හඬාගෙන ඇවිත් තුරුල් වෙන්න
ඔය පපුව තරං ආදරණීය තැනක්
.
වෙන කොහෙවත් නෑ රත්තරං....

ආදරෙන් පපුවට තුරුළු කරගෙන
නළල ඉඹිනකොට....
හිස අත ගාල සනසනකොට....
ජීවිතේ හැම ගින්දරක්ම නිවී සැනසෙනව...
මට මාව නැති උනත් මේ ආදරේ....
මේ රැකවරණය.....
මේ උණුහුම අහිමි වෙන්නෙ නෑ කියල මම දන්නව....

ඉතිං.....

ඇත්තටම මම වාසනාවන්තයි නේද....?

4 comments:

  1. යේ..ප්... එහෙම තමයි හිතෙන්න ඔනි...

    ReplyDelete
  2. අපූරුයි! හිතට දැනෙන්න ලියල තියෙනව.

    ReplyDelete