Saturday, June 2, 2012

සිතට වද දෙන දුකම හඳුනන
පෙමක පැටලුන වරද හන්දා
අහස හඩවන වැස්ස තරමට
කඳුළු හෙලුවද නෙතත් මන්දා


.දුකම තවරන සිහින අපමන
නුබම අරගෙන ඇවිත් යන්නා
නුබට අමතක නුබෙම හීනෙක
සතුට විඳගෙන මමත් උන්නා

මගෙම හීනෙක නුබගෙ අතගෙන
කෙනෙකු යන හැටි මටම පෙන්නා
නිතර යන එන මගක ඉඳගෙන
නුබගෙ දෙස මම බලන් උන්නා......

2 comments:

  1. Amazing! If it is not by experience, how could u see and feel the reality this much close?
    Realy nice! Keep posting!

    ReplyDelete